User-friendly application එකක් හදමුද?

READ IN 6 MINS

 මොකද්ද මේ UX ?

 

අද වෙනකොට අපි දන්න බොහෝ දෙනා වගේම අපි නොදන්න බොහෝ දෙනාත් free-lancing  කියන වැඩේට එකතු වෙලා ඉන්නාවා.සරලව කිවුවොත් ගෙදර ඉදන්ම websites develop කරන්න ,පොඩි පොඩි projects වල වැඩ කරන්න , software develop කරන්න වගේ දේවල් අපි හැමෝම කරනවා.

ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ website එකක් එහෙමත් නැත්තන් ඔයාලා හදන ඕනෙම application එකක් සාර්ථක කරගන්නේ කොහොමද කියලා.

අත්තටම කිවුවොත් ඕනෙම software එකක් , website එකක් හෝ application එකක්  develop කරනකොට , එක සාර්ථක කරගන්න නම් අපි මුලින්ම අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් තියෙනවා.

උදාහරණයක් විදියට ගත්තොත් ඔයා develop කරන application එකේ UI එක, එකේ functions  වලට අපි ලියන services(API), data store කරන database එක, deploy කරන server එක මේ හැමදේම ඔයාගේ application එක අනර්ඝ වෙන්න බලපානවා කිවුවොත් මන් නිවැරදි.

මේ හැම දේමත් එක්ක ඔයා develop  කරන ඕනෙම software එකක් customer ට handover  කරනකොට, එයා මුලින්ම දකින්නේ ඒ system එකේ UI එක එහෙමත් නැතිනම් interface එක

අපි මෙහෙම හිතමු Ferrari මෝටර් රථය market එකට ආව මුල්ම දවස; අපි හැමෝටම ඒක ගැන කියන්න තිබුනේ එකම වචනයි, ඒ “Wow” කියලා විතරයි. හැමෝම කතා වූනේ vehicle body එක ගැන , අපි වැඩිපුරම search කරේ Ferrari images වෙන්නත් පුළුවන්; නමුත් අපි කාටවත් එකේ තියෙන features ගැන කතා කරන්න මතක් වුනේ නෑ නේද? ඒ හැමදේම ගැන අපි හොයලා බැලුවෙ කලින් කියපු විදියට wow comment එකට පස්සේ.

 

මේ හැම වෙනසකටම මුල් වුනේ Ferrari body එක design කරපු designer ගේ අපුරු නිර්මාණාත්මක හැකියාව කියල අපි හැමෝටම තර්ක නොකර පිළිගන්න නම් වෙනවා. එයාට පුලුවන් වුනා තමන්ට වඩා සිය ගුණයක් මහන්සි වෙලා Ferrari features සහ එකේ engine එක හදපු හැම කෙනෙක්වම අපි හැමෝගෙන්ම මොහොතකට හරි ඈත් කරලා තියන්න.

ඔන්න ඔය දේම තමයි අපි develop කරන application එකටත් වෙන්නේ. ඒ application එක use කරන හැම කෙනෙක්ම මුලින්ම බලන්නේ ඔයා design කරපු interface එක මිසක්, මහන්සියෙන් වැඩි වෙහෙසක් අරගෙන develop කරපු services නම් නෙවෙයි.

මං අද කියල දෙන්නම් හොද UI එකක් design කරන්නේ කොහොමද කියලා. professionally එහෙමත් නැත්තම් industry එකේ නම් මේ topic එක කතා වෙන්නේ UI/UX  විදිහට.

මොකද්ද මේ  UI/UX කියන්නේ? මේ ප්‍රශ්නේ දැන් නම්  ඇති.

UI (user interface) – මෙන්න මේ කොටසේදී අපි කතා කරන්නේ ඔයාගේ software එකේ interface එක, එහෙමත් නැත්තම් user ට පෙනෙන graphical view එක.

UX ( user experience) – මෙතනදී අපි අවදානය යමු කරන්නේ user කොහොමද ඔයාගේ software application එකත් ඒක්ක interact වෙන්නේ කියල, එහෙමත් නැත්තම් user  ඔයාගේ application එක use කරන විදිහ.

මෙන්න මේ කරුණු දෙක ගැනම අවදානය යොමු කරලා, මේ කරුණු දෙකටම සාධාරණයක් ඉෂ්ට කරන්න ඔයාගේ application එකට පුළුවන් නම් , ඔයාටත් Ferrari designer වගේ වෙන්න බැරි කමක් නම් නෑ.

ඉතින් අපි කොහොමද එක කරන්නේ? මේක නේද ඔයාලගේ ඊලග ප්‍රශ්නේ? එකත් මන් මේ විදියටම සරලව කියන්නම්.

ඕනෙම application එකක් develop කරන ඔයාල වගේ developersලටයි, ඒ applications එක use කරන usersලටයි හොදින් නිර්මාණය කරපු application එකක් define කරන්න key word එකක් මුල්ම කලේ නම් තිබුනේ නෑ. නමුත් දැන්  “User- friendly” කියලා key word එකක් use  කරන බොහෝ දෙනා ඉන්නවා.

අද වෙනකොට මේ “User-friendly” කියන keyword එකට පුලුවන් වෙලා තියෙනවා ඔයාල develop කරන, design කරන application එකේ demand එක වැඩි කරන්නත් වගේම, අනික් පැත්තෙන් application එක use කරන usersලගේ  demand එකත් වැඩි කරනවා.

ඔන්න දැන් අපි හරිම විදිහට මේ ගැන කතා කරමු.  UI/UX Engineering වලදී user-friendly application එකක් අපි කොහොමද design කරන්නේ? ඒක කරන්න පුළුවන් ද?

ඔව් ඇත්තටම ඔයාල හැමෝටම ඒ දේ කරන්න පුලුවන්, මෙන්න මේ විදිහට

Keep creativity in check

 මෙතැනදී අපි කතා කරන්නේ ඔයාලා හදන interface එක එහෙමත් නැත්තම්  UI එක ඕනෙම user කෙනෙක් view කරනකොට මුලින්ම focus වෙන දේවල් ගැන. සාමාන්‍යයෙන් අපි හැමෝම මොනවා හරි application එකක් මුලින්ම use කරන අවස්ථාවේදී, අපි හැමෝගෙම නෙත ගැටෙන;  එහෙමත් නැත්තම් මතක හිතෙන විදිහේ item එකක් හෝ කිහිපයක් අනිවාර්යෙන්ම තියෙනවා.  ඒ දේවල් අපේ මතකයේ රැදෙන විදිහට design කරලා තියෙන නිසියි එහෙම වෙන්නේ.

උදාහරණයක් විදිහට අපි හැමෝම FB ගියපු මුල්ම දවස මතක් කරමුකෝ. එදා මුලින්ම දැකපු FB application එකේ ඔයාලා හැමෝගෙම මතකයේ රැදුන මොනවා හෝ  යමක් තියෙන්නම ඕනේ. ඒ පුංචි දේ නිසා ඕනෙම අවස්ථාවක FB application එකක් ඔයාල ලග නැතුවත් FB කියන්නේ මේකයි කියල ඔයාලට දල අදහසක් හරි ඒ දවස් වල මතකයට එන්න ඇති. ඒත්  හිතන්න සමහර අපි applications ගැන මොන යම් හෝ මතකයක් අපි ලග තියෙනවද කියල? සමහර applications අපි කලින් use කරලා තියෙනවද කියල මතකයක් වත් නැති අවස්ථා ඔයාටත් මටත් නැතුවම නෙවෙයි. එක නිසා අපි ඕනෙම විදිහේ software application එකක් design කරනකොට ඔයාල මතක තබාගත යුතු පලවෙනි දේ  තමයි මේ.

 

Create obvious navigation tool / navigation  

navigate වෙනවා එහෙමත් නැත්තම් navigation කියල කියන්නේ අපි design කරන application හැදෙන්න content pages link වෙලා තියෙන විදිහ. ඔයා develop කරන application එක fancy design එකකුත් සමග ලස්සනට තියෙන්න පුළුවන්; නමුත් එකට link වෙලා තියෙන pages වලට navigate කරන්න customer ට  අපහසුයි නම්, අන්න එතැනදී ඔයාගේ application එක fail application එකක් විදිහටයි සලකන්නේ. අපි design කරන application එක use කරනකොට customer පුළුවන් නම් එයට අවශ්‍ය page එකට හෝ content එකට ඉක්මනින් මෙන්ම ලේසියෙන් ළගා වෙන්න; අන්න ඒ දේ තමයි user-friendly design එකක තියෙන විශේෂම ලක්ෂණය. navigation ගැන කතා කරනකොට අපි මේ ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ.

Hard to find navigation application එකක් develop කරනකොට එකේ තියෙන හැම දේ ගැනම developers ලා විදිහට අපි දන්නවා වුනාට users ලා නම් අ ගැන දන්නේ නෑ. ඉතින් ඕනෙම application එකක් design කරනකොට පුළුවන් තරම් home page එක ඇතුලට හැම navigation path එකක්ම දන්නා උත්සහ කරන්න.

Multiple layers of menu  –  application එකට අපි use  කරන menu bar එක ඇතුලේ තවත් sub menus   යොදා ගන්න එක පුළුවන් තරම් අපිට අඩු කරන්න පුලුවන් නම්, අපිට customerගේ  මතකේ රැදෙන එක එතරම් අපහසු නම් වෙන්නේ නෑ .

No search box  – අලුත් විදියේ design එකක් කියල අද ගොඩක් දෙනා search box එහෙමත් නැත්තම් search bar use කරමග ඇරලා තියෙනවා. මොන මොන අලුත් දේවල් අවත අපි සමහර පරණ දේවල් use කරන්නම ඕනේ අවස්ථාවන් අපිට උදා වෙනවා වගේ තමයි  මේකත්. එක නිසා ඔයාලගේ design වල search bar එක නම් අමතක කරන්න එපා.

 

Reliability  

 මෙතනින් අදහස් වෙන්නේ අපේ application එක use කරන user ට application content එක දැකපු ගමන් කිසිම ආයාසයකින් තොරව තමන්ට අවශ්‍ය දේ ග්‍රහණය කර ගන්න පුලුවන් වෙන්න ඕනේ කියන එකයි. මේ සදහා තදින්ම බලපාන කරුණු කිහිපයක්ම තියෙනවා. ඒ තමයි;

Color  – ඕනෙම application එකක් reliable වෙන්න නම් මුලින්ම ඒ application එක readable වෙන්නම ඕනේ. readable application  එකක් කියන්නේ ඔයාලා එකට use කරන colors අපේ ඇස් වලට පපහසු වෙන්න ඕනේ කියන එකයි. application background එකට use කරන color scheme එක වගේම fonts වලට use  කරන color scheme එකත් ඇස් වලට ප්‍රියමනාප මෙන්ම ආකර්ෂණ වර්ණ විය යුතුමයි. මේ colors එකිනෙකට ගැලපෙනවද කියන එකත් අපි සැලකිය යුතුම කරුණක් වෙනවා. application  එකට use කරන colors වැඩි වෙන්න නම් කොහෙත්ම බෑ.

                

 

Fonts  – fonts ගැන අවදානය යමු කරනොට මුලින්ම ඒ දේ user ගේ ඇස් වලට පහසු වෙන්න ඕනේ. අනිත් එක තමයි font decorations අවම ලෙස යොදාගෙන තිබීම.     මොකද්ද මේ font decoration කියල කියන්නේ? ඒ තමයි අපි සරලව දන්නා bold, italic, underline යන ආදිය.

 

Combine visual aids  and words for clarity   

මෙතැනදී අපි කතා කරන දේ  මුලින්ම අපි කතා කරපු focus එකත් සමග යම්තාක් දුරට සම්බන්ධයි කිව්වොත් ඔයාල හැමෝටම මේක තේරුම් ගන්න නම් ලේසි වෙයි. ඔයාගේ වෙබ්සිටේ එකට ලොකු ලොකු contents වලට වැඩ ඉඩක් දෙනවා වගේම user ගේ actions වලට, ඇහෙමත් නැත්තම් user interact වෙන තැන වලදී (Notification, Settings etc.. ) ඔයාලට පුළුවන් නම් පොඩි මෙස්සගේ text එකකට වඩා icon එකක් එහෙමත් නැත්තම් පොඩි image එකක් use කරන්න,  අපිට පුළුවන් ඔයාලගේ application එකක් තව තවත් “user-friendly” කරන්න. FB application එක මුලින්ම use කරපු දවසේ ඒක අපේ මතකේ රැදුනෙත් ඔය නිසා වෙන්න පුලුවන්. මේකට අපි use කරන library වල තියෙන icons වගේම (glyph-y icons) internet එකෙන් flat icons, font awesome icons යොදා ගන්නත් පුළුවන්.

 

application එකක් design කරනකොට එකට ගැලපෙන colors use කරන්න, මේක ඔයාලට වැදගත් වෙයි.

 ඉතින් ඔන්න ඔය මුලික දේවල් හොද විදිහට ඔයාලගේ application  එකටත් එකතු කරගන්න පුළුවන් නම්, ඔයාටත් පුළුවන් UI වලට අමතරව UX engineer කෙනෙක් වෙන්න.  customer ට ඕනෙම විදිහට UI එකක් design කරන්නේ කොහොමද ? එකට ගන්න tools මොනවද මේ හැමදෙ ගැනම අපි ඊළග article එකෙන් කතා කරමු.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *