Personal Branding

READ IN 4 MINS

Personal Branding , Job Apply සහ Social Media හරියට  භාවිතා කරමු…

ආයූබොවන්!

අද අපි කතා කරමු අලුත් දෙයක් ගැන Personal Branding .

බැලු බැල්මටනම් ටොපික් එකේ තියෙන වචන තුන කිසිම ආකරයකට සම්බන්දයක් නෑ කියලයි පෙන්නේ.
ඒත් මේ නූතන තාක්ශණික සාමාජයේ මේ තුන එකිනෙකට සම්බන්ධයි.

ඒ ගැන අපි පිලිවෙලට කතා කරගෙන යමු.

 

‍ මොකක්ද මේ Personal Branding කියන්නෙ ඇයි මේක අපිට වැදගත් වෙන්නේ කියලා අපි මුලින්  බලමු.

Personal Branding  කියන්නේ තමන්ගේ කීර්තී නාමය, තමන්ගේ වෘර්තීන් අලෙවිකරනය කීරීමයි. ඉතින් මේවා අලෙවිකරනයට යොදාගන්නේ Social Media… ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති මොනවද මේ Social Media කියන්නෙ කියලා. ඒවට හොදම උදාහරණය තමා Facebook, Instagram, Google, Yahoo කියන්නෙ. ඉතින් මේ Social Media  හරි විදියට පාවිච්චි කරන අයත් ඉන්නවා වැරදි විදියට පාවිච්චි කරන අයත් ඉන්නවා.  අපී ලංකාවෙනම් ගොඩාක් අය මෙවා පාවිච්චි කරන්නේ වැරදි විදියට.

අනික් වැදගත් කාරනය තමා ඔබ මේ වන විටත් ජොබ් එකකට යම් ආයතනයකට  අයදුම් පත් යොමු කර තියෙනාවනම් ඒ ආයාතනය ඔබට සම්මුක පරීක්ශනයට කාතා කරන්න කලින් ඔබේ දත්ත Social Media තුලින් හොයගන්නව. ඔයාලගේ Job Application එකට අනුව ඔයාගේ නම ගූගල් එකේ ගහලා Search කරනවා. එතකොට ඔබේ නමින් තියෙන සියලු Social Media තොරතුරු, ඔබ Social Media භාවිතා කරන ආකාරය, හොදට බලනවා. ඒ ඔක්කම බලලා තමා ඔයාලට සම්මුක පරීක්ශනය සදහා කතා කරන්නේ. ඉතින් අපි බලමු කොහමද හරි ආකරයට මේවා කරන්නේ කියලා. ඒ නිස ඔබට Social Media භාවිතා කිරීම හරි විදියට භාවිතා කීරීම වැදගත් වෙනවා

 

හරි එහෙන්ම් අපි මුලින්ම බලමු අපිට වැදගත්ම වන Social Media මොනවද කියලා..

  1. Facebook
  2. Instagram
  3. LinkedIn
  4. Twitter
  5. Google Plus

මීට අමතරව ඔබ IT ෆීල්ඩ් එකේ ඉන්න අයෙකුනම් ඔබටම කියා Personal Website එකක් තීබීම වඩාත් හොදයි.

හරි මේ වෙනකොට ඔබ Facebook , Instagram , Twitter ගැන දන්නවා ඇති ඒත් ඔබ job එකක් කරන කෙනෙක් හෝ apply කීරීම සදහා බලාපොරොත්තු වෙන්නෙක්නම් මේ LinkedIn කියන Social Media එක ගොඩාක් වැදගත් වෙනවා.

 

මොකක්ද මේ Linkedin කියන්නේ?

LinkedIn යනු වෘතීය සමාජ මාධ්ය ජාලයක් වන බැවින් පරිශීලකයන් වර්තමාන හා පූර්ව රැකියා අත්දැකීම් හුවා දක්වයි. ඔබට නැවත උඩුගත කිරීමට, සගයන් හා පන්තියේ මිතුරන් සමඟ සම්බන්ධ වී, ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට සදහා ඉවහල් වේ .

ඉතින් ඔබත් දැන්ම www.linkedin.com වෙත පිවිස account එකක් සදාගන්න . එහිදී ඔබ තමන්ගේ වර්තමාන විස්තර ඇතුලත් කරන්න.

එහෙනම් අපි දැන් බලමු professional විදියට facebook account එක සදාගන්නේ කේසේද කියලා.

 

  • මුලින්ම ඔබේ facebook username එකට ඔබේ පලමු නම සහ අන්‍තිම නම දෙන්න.( Pojitha Karunathilake ) විකෘති නම් යේදීමෙන් වලකින්න nick name එක හැර.                       
  • ඊලගට ඔබේ profile එකේ දිස්වන  edit profile හරහා ගොස් ඔබ ඉගෙන ගත්‍ත හෝ ඉගෙන ගන්නා පාසල , රැකියාව හා තනතුර , සම්බන්ධතා තත්වය ඇතුලත් කරන්න. ඒවා නිවැරැදි තොරතුරු විය යුතුයි.
  • ඊලගට Profile Picture එක එහිදී ඔබේ පිංතූරයක් දමන්න
  • ඊලගට ඔබ facebook තුල share කරන හෝ post කරන දේවල් පිලිබද වඩා සැලකිලිමත් වන්න .           (එදිනෙනදා කරන හැම වැඩේම කිය කිය දාන post, බූට් පොස්ට් , අසබ්‍ය post , දේශපාලන සම්බන්ධ post) ඔය වගේ දේවල් share කීරීමෙන් හෝ post කීරීමෙන් හැකිතාක් වලකින්න.
  • ඊලගට taging සහ ඔබේ facebook profile wall එක තුල share වෙන ඒවා පිලිබද වඩා සැලකිලිමත් වන්න . ඒ සදහා facebook privacy settings වල option ඇත.
  • ඉන් පසු ඔබේ facebook ගිණුම පරිස්සම් කර ගැනීන සදහා facebook privacy settings වලට ගොස් එහි ඇති option වලින් ඔබට පහසු ක්‍රමයක් තෝරගන්න .
  • ඔබේ facebook ගිණුම සක්‍රීය ගිණුමක් ලෙස තබාගන්න.

 

ඉහත  ඇතුලත් කරන ලද තොරතුරු twitter, google plus සහ Instagram සදහාද ඇතුලත් වේ .

  • Instagram username එක සදහා ඔබේ එක් නමක් භාවිතා කරන්න උදා :- __.poji.__ ලෙස භාවිතා කරන්න.
  • එහිදී ඔබේ about හී ඔබ professional විදියට සකස් කරගන්න.

 

දැන් අපි බලමු e-mail ලිපිනය පිලිබද මේ වන විට ඔබට email ලිපිනයක් ඇත එහෙත් බහුතරයකගේ email ලිපිනයහි ඔවුන්ගේ නම් හැර වෙන වෙන නම් තියෙන්නේ 

ඉතින් ඔබ සෑම දෙයක් කීරීමට පෙර තමන්ගෙ පලමු නම සහ අන්තිම නම ඇතුලත් කර email ලිපිනයක් සදාගන්න.

සමහර අයට එවිට බොහො ප්‍රශ්න ඇතිවේ මන්ද ගෝඩාක් common නම් තියෙන අයට email ලිපිනයට ඇතුලත් ඔවුන්ගේ නමින්ම ඇතුලත් වීමට අපහසුයි එවිට ඔබේ නම් දෙකත් සමග ඔබට කැමති ඉලක්කම් කිහිපයක් ඇතුලත් කර email ලිපිනයක් සදාගන්න

උදා :- tharidulakshan9912@gmail.com

 

එහෙනම් අපි දැන් බලමු. සාර්ථකව Job apply කරන විදි

 

Job Apply

වර්තමානය වන විට job සදහා apply කරනු ලබන්නේ අන්තර්ජාලය මගිනි .

Job එකකට apply කීරීමට පෙර මම පෙර පැවසු ලෙස තමන්ගේ email සහ facebook වැනි ගිණුම් හරියට සාදාගැනීමෙන් අපට සාර්ථක ලෙස job එකක් සොයාගැනීමට හැකිවේ .

තවද , මේ වන විට ආයතන විසින් ඔබ නිතරම අන්තර්ජාලය සමග සබැදි අයෙක්ද විමසන්න ඔබ job එක apply කල පසු interview calling කරනු ලබන්නේ ඔබේ email එකටය . ඉතින් ඔබ ඇතුලත් කරන e-mail ලිපිනයට ආදාල email account එක නැවත නැවත පරීක්ෂා කල යුතුය.

තවද , ඔබ අන්තර්ජාලය තුලින් job apply කීරීමේදී ඒ අවශ්‍ය form එක පිරීමට අමතරව ඔබට cv එකක් ඇතුලත් කීරීමට සමහර අවස්තාවලදී සිදුවේ . එවිට ඔබ apply කරන තනතුර අනුව CV එකක් සෑදීය යුතු අතර එම CV එක සරල පැහැදිලි එකක් විය යුතු වේ.

පහත cv බලන්න

  

ඉතින් ඔබ CV එකක් සාදන්වන්ම් ඉහත ආකාරයට පැහැදිලිව සෑදීය යුතුයි.

ඉතින් මම හිතනවා ඔබට මෙම article එකෙන් අලුත් යමක් එක්කර ගැනීමට හැකි වූවා කියා. ඉතින් මොනයම් හෝ අපහැදිලි කරුණක් තීබේනම් Comment section එකෙ දමන්න.

 

~ පෝජිත කරුණාතිලක ~
( NSBM Undergraduate , BCS (cert) , SLCCL )

Pojitha Karunathilake

I'm  Pojitha Sanshika Karunathilake . I studied at Royal College Colombo 7. I'm an undergraduate at NSBM . i'm so interested in Web Developing , PC reparing and IOT .

You may also like...

1 Response

  1. Madushi Abeyanayake says:

    simple and informative

Leave a Reply

Your email address will not be published. Required fields are marked *