ජීවයේ මං සලකුණු ඔස්සේ…

READ IN 7 MINS

 

විශ්වය ආරම්භ වු දා පටන් අද දක්වා වු කාලය මෙතෙක් යැයි කිව හැකි අයෙකු මෙලොව  නොමැත!කිසිවෙකු  දිගක් පළලක් නොදන්නා අනන්ත වූ විශ්වයේ සිය දහස් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් වූ මන්දාකිනි චක්‍රාවාට ග්‍රහලෝක අතුරින් ජීවය නැමැති මහා පොදු සාදකය හමුවේ වැදගත්ම වූත් ආකර්ශනීයම වූත් අපගේ කතානායක වන්නේ පෘථිවියයි!මේ අපේ මහපොළවේ කතන්දරයයි!

 

“අතීතය පිළිබදව නිසි අවබෝධයක් නොමැතිව වර්තමානය හා අනාගතය පිළිබදව කතා කිරීම ඵල රහිත බව අපගේ අදහසයි! එබැවින් මුල සිටම එනම්  විශ්වයේ ආරම්භයේ සිට කාලය හරහා අතීතයේ සිට අනාගතය දක්වා විහිදුණු කාලාවකාශයේ නිම් වළලු පුලුල් කෝණයකින් යුක්තව ගවේශනාත්මකව හඹා යන දුර්ලභ ලිපි පෙලක ඇරඹුමක් මෙලෙස සනිටුහන් කරන්නෙමු! විශේෂයෙන් සිංහල මාධ්‍යයෙන් මෙම ලිපි පෙල ගෙන ඒනුයේ මෙරට තරුණ තරුණියන්ගේ මෙම විෂය පථය කෙරෙහි ඇති අල්ප දැනුවත්බවත් පහසුවෙන් ඔවුන්ගේ දැනුමට නව කරුනු එකතු කරගැනීමට එය සහයක් වන බැවිනුත් ය.! ජීවයේ  ආරම්භය හා පරිණාමයත්  පෘථිවයෙහි ආරම්භයෙහි සිට අද දක්වා පැවති භු‌ යුග(Geological eras) පිළිබදවත්  ගෙන එනු ලබන දුර්ලභ වටිනා ලිපි පෙලෙහි ආරම්භයයි මේ!!!”

 

පෘථිවියෙහි ඉතිහාස කතාව ඔස්සේ පියමං තැබීමේදී පෘථිවිය ආරම්භ වු දා පටන් අද දක්වා වූ කාලප්‍රාන්තරය තුල අතීතයහි පෘථිවිය පසු කරන ලද්දා වූ  භූගෝලීය යුග හා ඒවායෙහි ජීවත් වූ ජීවී විශේෂ පිළිබදවත් එම යුග තුලදී පෘථිවිය මුහුන දෙනු ලැබූ අතීත කාලගුනික හා භූගෝලීය වෙනස්කම් පිළිබදවත් විශේෂයෙන් Paleozoic හා Mesozoic යුගවලදී මිහිමත රජ කල දැවැන්තයන්, නැතහොත් කවුරුත් හදුනනා ඩයිනෝසරයන් පිළිබදවත් එසැනින්ම අපගේ සිහියට නැගෙන මහා වදවීයාම් පිළිබදවත් පිටසක්වල හා පෘථිවියෙහි ජීවයහි ඇරඹුම පිළිබදවත් ජෛව විද්‍යාත්මක මංපෙත් ඔස්සේ විශේෂ අවධානයක් යොමු කල යුතුව ඇත.

එහිදී පලමුව අනන්ත වූ විශ්වයේ සිය දහස් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් වූ මන්දාකිනි චක්‍රාවාට ග්‍රහලෝක අතුරින් ජීවය නැමැති මහා පොදු සාදකය හමුවේ වැදගත්ම ග්‍රහලෝකය වූ අප පෘථිවියෙහි ආරම්භය කෙසේ සිදුවුණිදැයි සෙවීම ඉතා වටී!

කුතුහලය නැමැති සා ගින්නෙන් පෙලෙන ලොව පුරා භූගෝලීය හා තාරකා විද්‍යාඥයන් ඇතුලු මනුෂ්‍ය වර්ගයා විසින් වසර සිය ගනනක් මුළුල්ලේ කරන ලද ගවේශන හා පර්යේෂනයන්හි ප්‍රතිඵල ලෙස අපගේ නිවහන වූ පෘථීවය මෙතෙක් ආ ගමන් මග පිළිබද විද්‍යාත්මක තතු මෙසේ දිගහැරෙනු ඇත!

#Era;

මොකක්ද මේ Era කියන්නෙ?

 

වසර මිලියන ගනනක කාල ප්‍රාන්තරයක කාල සීමාව පොදුවේ මෙලෙස හැදින්විය හැකියි.එනම් භුගෝලීය යුගයක කාල සීමාවක් ලෙස හැදින්විය හැකියි!පෘථිවිය ආරම්භයේ සිට අද දක්වා වසර මිලියන හාරදහසක කාල ප්‍රාන්තරය පොදුවේ භුගෝලීය යුග දහයකට බෙදා වෙන්කර ඇත.මෙහිදී පලමුව ඒ මොනවාදැයි හදුනා ගැනීම ඉතා වැදගත් වේ!

 

පෘථිවියෙහි ආරම්භයේ සිට අද වර්තමානය දක්වා යුගයෙන් යුගයට භුගෝලීය යුග බෙදා වෙන් කර ඇති ආකාරය ඉහත රූපසටහන මගින් මනාවට පැහැදිළි වේ!

පෘථිවියේ ආරම්භය සහ චන්ද්‍රයා ඉපදීම.

මීට වසර බිලියන 4.0 කට පමණ පෙර කාලයෙහිදී සූර්යයා වටා එකතු වූ පාෂාන ග්‍රාහක දූවිලි හා අයිස් අංශු සූර්ය ගුරුත්වාකරෂනයට යටත්ව එකිනෙක ඝට්ටනය වී ඒ්වා ඝනීභවනී වීමෙන් ග්‍රහ වස්තුන් හා  පෘථිවිය වැනි විශාල ග්‍රහලෝක බිහිවී ඇත.

මෙය වසර ගනනාවක් සෙමෙන් සෙමෙන් සිදු වූ දීර්ග කාලයක් ගත වූ ක්‍රියාවලියක් විය.එසේ යම් කාලයකට පසු එලෙස බිහිවූ එම ග්‍රාහකය සූර්ය ගුරුත්වාකර්ෂණයට යටත්ව සූර්යයා කේන්ද්‍ර ගත කරගත් කක්ෂයක ස්ථාපනය වීම සිදුවිය.එසේ සූර්යයා වටා කක්ෂ ගතවූ එම ග්‍රහලෝකය යම් කාලයකදී දරුණු විශ්වීය අනතුරකට මුහුන පාන ලදී. එහිදී අගහරු තරම් විශාලත්වයකින් යුක්ත තවත්  ග්‍රහකයක් එවකට පෘථිවිය නම් නොලද පෘථිවි ග්‍රහකයෙහි ගැටීම හේතුවෙන් හටගත් ග්‍රහක යුද්ධය තුලින් පරමානුක බෝම්බ ට්‍රිලියනයක් ඒකවර පුපුරා යාමක තරම් ශක්තියක් අවකාශයට මුදා හැරින.මැග්මා වලින් ගිලී ගිය ග්‍රාහක පසුව කාලයාගේ ඇවැමෙන් සෙමින් සෙමින් ඝනීභවනය වීමට පටන් ගැනින.ගැටුමේදී විශාල ග්‍රහකයේ සම්බන්දතාවයෙන් මිදුනු ගැටීමෙන් පසු ඉතිරි වූ කුඩා ග්‍රහකයෙහි සුන්බුන් ඒකට එකතු වී ගෝලයක් බවට පත්වීමත් එය පෘථිවි ග්‍රහකයේ ගුරුත්වයට යටත්ව පෘථිවි කක්ෂය තුල කක්ෂගත වීමත් සිදු විය.

පෘථිවි චන්ද්‍රයාගේ ආරම්භය එලෙස සිදුවන අතර ගැටුමෙන් පසු පෘථිවියහි බාහිර මැග්මා කාලයත් සමග ඝනීභවනය වීම සිදුවිය.චන්ද්‍රයා බිහි වීමේදී ඇතිවූ ගැටීම පෘථිවියෙහි භ්‍රමනයට සහ ආනතියට යම් අයුරකින් හේතුවක් වන්නට හැකි බව විද්‍යාඥයන්ගේ තවත් මතයකි.

චන්ද්‍රයාගේ උපතින් පසු කාලයත් සමග පෘථිවි පෘෂ්ඨය සිසිල් වීම සිදු විය. කෙසේවෙතත්, අපගේ ග්‍රහලෝකය මීලග වසර මිලියන 700 ක කාලය තුළ සම්පූර්ණයෙන්ම විදේශීය ලෝකයක් විය. විද්‍යාඥයින් විසින් මෙම කාල වකවානුව හේඩීන්(Hadean)ලෙස හදුන්වනු ලබයි.

පුරාණ ග්‍රීක දේව කතාවල එන අපාය හදුන්වන නාමය මෙහිදී යොදාගෙන ඇත. ඝනාන්ධකාරයේ කළු වලසුන් වැනි පාෂාණ මැග්මා අයිස් ගංගා මෙන් මෙන් පෘථිවිය සිසාරා ගලා ගියේය. වායූගෝලය  ඔක්සිජන් වලින් තොර විය. සිසිල් පාෂාණ කාබන්ඩයොක්සයිඩ්, නයිට්රජන්, ජල වාෂ්ප වායුගෝලයට මුදාහැරි අතර වායුගෝලය ඒවායින් පිරී පැවතිනි.ක්‍රමයෙන් කාලයත් සමග උෂ්ණත්වය තවදුරටත් පහත වැටුණ අතර, ජලවාෂ්ප වලින් හටගත් මෝසම් වැසි ඔස්සේ වැසි ජලයෙන් පෘථිවි පෘෂ්ඨය පිරී ගියේය.

පෘථිවියේ සාගර වල උපත මෙසේ සිදුවිය!

 

 

Archaean Eon හෙවත් ජීවය රහිත පලමු පෘථිවි භූගෝලීය යුග

Archaean Eon ප්‍රධාන ලෙස අනු පෘථිවි භුගෝලීය යුගයන් හතරකට බෙදා දක්වා ඇත.

 

ඒවා නම්,

ලෙස විදහා දැක්විය හැක. මෙම එක් එක් යුගවලදී පෘථිවියෙහි ගමන් මග සැකෙවින් පහත පරිදි විස්තර කල හැකිය.

 පූර්ව පෘථිවි භූගෝලීය යුග

 

Eoarchean භූ යුගයේදී පෘථිවිය පුරා සැතපුම් සිය ගනනක් පැතිරුනු සාගර පෘථිවි පෘෂ්ඨය සිසිල් කිරීමට විශාල කර්තව්‍යක් ඉටු කරන ලදී. සාගරයේ දී, ජීවමාන රසායනික

ප්‍රතික්රියා වල සීමාව ඉක්මවා, වඩාත් ප්‍රතීතනය කිරීමට හා වඩාත් සංකීර්ණත්වයට පරිණාමය වීමට තරම් සංකීර්ණ අණු නිර්මාණය වීම Eoarchean භූ යුගයේදී ඒනම් වසර බිලියන 3.8 කට පමන පෙර කාලයේදී සිදු විය.

(Eoarchean භූ යුගය වසර බිලියන 3.6 සිට 4 දක්වා කාලය වේ.)

සාගර තුල සිදුවූ මෙම රසායනික ප්‍රතික්‍රියා මගින් පෘථිවිය තුල යම් ආකාරයකින් ජීවය ඇති වීමට අවෂ්‍ය මූලික භෞතිකමය රසායනිකමය පදනම සකස් වීම ඇරඹුනු බව සැලකිය හැකිය!නමුත් ජීවය ඇති වීමට තවත් බොහෝ දුර පෘථිවියට පසු කිරීමට තිබුනි.

වසර බිලියන 3.5 කට පමණ පෙර ඒනම් Paleoarchean භූ යුගයේදී , සාගරයේ හිරු බසින සමුද්‍ර සන්ධිවල සිලිකොබැක්ටික් සිලිකේටා කැබලි වලට ජීවය පැතිරීම ඇරඹිනි. ට්‍රිලියන ගනන් වලින් මෙම අන්වීක්ෂීය ජීවීන් ග්‍රහලෝකය වෙනස් කළා යැයි පැවසුවහොත් නිවැරදිය. ඔවුන් විසින් හිරු කිරණ ශක්තිය ආහාරයට ගැනීමත් ඔක්සිජන් අපද්‍රව්‍යමය නිෂ්පාදනයක් ලෙස වායුගෝලයට මුදාහැරීමත් සිදුවිය. යම් කාලයක් ගතවීමෙන් පසු ඔවුන් අපද්‍රව්‍යක් ලෙස වායුගෝලයට මුදාහල ඔක්සිජන් වායුගෝලය තුළ ජීවයට මුල්වු ප්‍රධානතම සාධකය බවට පත්විය. ඉන් පසු පෘථිවියහි ජීවයේ ආරම්භයට මාර්ගය විවෘත විය.

 

“පලමු ජීවය හටගනු ලැබුයේ සාගරය තුලයි.!”

(Paleoarchean භූ යුගය වසර බිලියන 3.2 සිට 3.6 දක්වා කාලය තුල පැතිර පැවතිණි.)

එසේ නමුත් පෘථිවියෙහි සංවිධානාත්මක ජීවය ඇති වීමට තවත් බොහෝ කලක් ගත විය!විද්‍යාඥයන් විසින් මෙම යුගයේදී පෘථිවිය තුල ජීවයහි ආරම්භයට අවශ්‍ය සරල මූලික පදනම ඇරඹුනු බව පිළිගන්නා අතර ඒම ඇරඹුම අනාගත පෘථිවියෙහි දියුනු ජීවයක් කරා යනෙනා මාවතෙහි  මංපෙත් විවර කල බවද සදහන් කරනු ලබයි!

Mesoarchean භූ යුගය මීට වසර බිලියන 2.8 සිට 3.2 දක්වා කාල ප්‍රාන්තරය තුල පැවතිනි. පෘථීවි පෘෂ්ඨය තුල පාෂානමය වෙනස්කම් හා සාගර තුල ජීව රසායනික ක්‍රියාවලීන් හා ප්‍රතික්‍රීයාවන් බහුලව සිදුවූ කාල ප්‍රාන්තරයක් ලෙස සරලවම මෙම යුගය හැදින්විය හැකිය.

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් සිදු කෙරුනු පර්යේෂන අනුව සොයාගන්නා ලද Mesoarchean  භූගෝලීය යුගයට අයත් යැයි සැලකෙන Stromatolites ෆොසිල මගින් මෙම යුගයෙහි භූගෝලීය පසුබිම පිලිබදව යම් අදහසක් ගොඩනගා ගැනීමට හැකියාව පවතී.

Stromatolites ෆොසිල යනු ස්ථීර පස් බැමි, තීරු සහ පත්‍රිකා වැනි අවසාදිත පාෂාණයි. ඒවා මුලින්ම පිහිටුවන ලද්දේ cyanobacteria ස්ථරයක් මතය. ඒවා වැලි, ගංගා සහ පස සිට නොගැඹුරු විෂ්කම්භය දක්වා නොයෙක් පැතිවල පරිසරවල ජීවත් වන ඒක සෛලික ප්‍රභාසංස්ලේෂක ක්ෂුද්‍ර ජීවීන් වේ. මෙමගින් Mesoarchean භූගෝලීය යුගයෙහි ජීවයෙහි ස්වභාවය පිළිබදව යම් අවබෝධයක් ලබා ගත හැකිය!ඊට අමතරව විද්‍යාඥයන් පවසන පරිදි දැනට සොයාගෙන ඇති පැරණිතම ග්ලැසියරය දකුණු අප්‍රිකාවේ ස්වාසිලන්තයේ පොන්ගෝලාහි ඇත. එය වසර බිලියන 2.9 ක් පමණ පැරණිය. ප්ලයිස්ටොසීන අයිස් තට්ටුවල සමතුලිත පරාසයේ සීමාව තුළ වෙනත් ප්‍රදේශ වලන් එම වයසේ ඒ තරම් පැරණි ග්ලැසියරකරණය සඳහා කිසිදු සාධකයක් හමුවී නොමැත.

 

Archaean Eon  හි අවසාන කාල සීමාව ලෙස හැදින්වීමට හැකි Neoarchean භූගෝලීය  යුගය මීට වසර බිලියන 2.5 ත් 2.8ත් අතර කාල ප්‍රාන්තරය තුල පැතිර පැවතුනි.

මෙම යුගයේදී ඔක්සිජන් ප්‍රභාසංස්ලේෂනය මගින් පළමු වරට විකාශනය වූ අතර, ඔක්සිජන් බහුල ලෙස වායුගෝලයට මුදා හැරුනු අතර, ඛනිජ ලවණ සමග ප්‍රථමයෙන් ප්‍රතික්‍රියා කර පසුව, වායුගෝලයේ හරිතාගාර වායු සමඟ ප්‍රතික්‍රියා කිරීමට නිදහස් විය. මෙය Neoarchean භූගෝලීය යුගයහි ඇති වූ විශේෂ සිදුවීමක් ලෙස හුවා දැක්විය හැකිය! ඔක්සිජන් නිෂ්පාදන ක්‍රියාවලිය ආශයෙන් නිකුත් වූ ඔක්සිජන්, වායුගෝලයේ ඔක්සිජන් වාෂ්ප වීම නිසා Paleoproterozoic  භූගෝලීය යුගයට පෙර සිදුවූ සිදුවූ ඔක්සිජන් ව්‍යසනය ලෙසද  Neoarchean  භූගෝලීය යුගයහිදී සිදුවූ මෙම ක්‍රියාවලිය හැඳින්වේ.

Archaean Eon හි අවසාන කාල සීමාව වන විට පෘථිවිය ජීවයට සුදානම් වීමෙහි ලක්ෂණ බහුලව පෙන්වා ඇති බව පෙනී යයි.

වායුගෝලීය ඔක්සිජන් ප්‍රතිශතය ඉහල යාම එයට හොදම උදාහරණයකි.තවද මෙම යුගය තුලදී පෘථිවියහි සාගර හා ගොඩබිම් ඇති වීම, පාෂාණමය ස්ථර සක්‍රීයව පැවතීම ආදී කාලගුනික හා භූගෝලීය වශයෙන් වැදගත් සිදුවීම් හා සංසිද්දීන් රැසක් Archaean Eon  තුලදී සිදුවී තිබීම වැදගත්කොට සැලකිය හැක.

 

පර්යෙෂකයන් විසින් එම විශේෂ සිදුවීම් පිළිබදව කරන ලද පර්යේෂන වල ප්‍රථිඵල ලෙස සොයාගන්නා ලද පාශෘනිභූත සාධක වලට ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ.

 

Archaean Eon හි පෘථිවිය ඉතුරු වී ඇති සොයාගන්නා ලද ඝන පාෂාණයන් කිහිපය අතරින් ග්‍රීන්ලන්තයේ නිරිත දිග වෙරළ තීරයේ ඉසූවා ග්‍රීන්ස්ටෝන් පටිය වන අතර එය බිලියන 3.8 වසරක් පැරණී බව සදහන් වේ. කැනේඩියානු සීමාව තුළ පාෂාණ කොටස් 4,030 ක් පමණ තිබී සොයාගනු ලැබ ඇති අතර ඒවා පැරණිතම සංරක්ෂිත පාෂාණ කොටස් වේ. වර්ෂ 2008 දී කැනඩාවේ උතුරු ක්විබෙක්හි ග්රීන්ස්ටෝන් තීරයේ තවත් පර්වතයක් සොයාගන්නා ලදී. මෙම පර්වතයහි සංයුතිය දැනට දැඩි පරීක්ෂණයට ලක්ව ඇති අතර වසර මිලියන 1850 ක් පැරණි බවට සාදක ග්‍රීන්ලන්ත ඇපාටයිට් තුලින් පෙන්නුම් කරනු ලබන බව පර්යේශකයන් විසින් ප්‍රකාශ කර ඇත. මෙය වසර බිලියන 3.8 කට පෙර ප්‍රභාසංස්ලේෂිත ජීවිතයක් පැවතිය හැකි විය හැකිද , හා මෙය ජීවයේ මූලාරම්භය පිළිබද ප්‍රබලතම ස්වයං-සංවිධානය විය හැකිද යන්න විද්‍යාඥයන් අතර දැඩි විවාදයකට තුඩු දුන් කරුණක් ලෙස දැක්විය හැකිය.

Archaean Eon භූගෝලීය යුගය ඉහත සාධක අනුව අනු භූගෝලීය යුග හතරකින්ද එනම්,Eoarchean, Paleoarchean , Mesoarchean, Neoarchean ලෙස ඉහත විස්තර කෙරුනු පරිදි වසර මිලියන 1500ක් පුරා පැතිරී පැවතිනි!

පෘථිවියෙහි ආරම්භයත් ඉන්පසුව පෘථිවියහි ජීවය ඇති වීමට පදනම වැටුනු අයුරුත් විද්‍යාත්මක කරුනු ඔස්සේ ගවේශනාත්මකව සොයා බැලෙන ලිපි පෙළෙහි පලමු දිගහැරුම මෙසේ නිම වන අතර මීලග වෙළුම තුලින් ආගන්තුක  පෘථිවිය තුල ජීවය නැමැති සාධකය දළුලා වැඩුනු අයුරු පිළිබදව ආකර්ශනීය ලිපි මාලාවක් ඔබ හමුවේ දිග හැරෙනු ඇත!ජීවයේ මං පෙත් ඔස්සේ අදින් වසර මිලියන 4000ක අතීතය සොයා ඇදෙන කුතුහලය දනවන ගවේශනාත්මක චාරිකාවක දැනුම සොයා කිමිදෙන්න EEEFA සමග ඔබත් එකතු වෙන්න!

 

You may also like...

4 Responses

  1. Kavishka says:

    යකෝ උඹ දන්න එව්වා 🤭

  2. Akila says:

    Gnanawanthaya 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *