Personal Branding සඳහා නැතිවම බැරි LinkedIn

READ IN 3 MINS

 

LinkedIn කියන්නේ මේ වෙද්දී ඉතා ජනප්‍රිය Business and Employment – Oriented Social Network එකක්. ඔයා Job Seeker කෙනෙක් නම් ඔයාට ලේසියෙන්ම Job Market එකත් එක්ක Connections තියා ගන්න LinkedIn හරහා පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕන ඔයාට මේ වෙද්දීත් LinkedIn Profile එකක් නැත්නම් මුලින්ම කරන්න ඕන LinkedIn Profile එකක් හදා ගන්න එක. මේ Article එක කියවල ඉවර වෙද්දී ඔයාටම තේරෙයි ඒක කොච්චර වැදගත්ද කියලා. දැනටමත් ඔයා මොකක් හරි Job එකකට apply කරලා එහෙමත් නැත්නම් Form එකක් Fill කරද්දී ඔයාගේ LinkedIn Profile Link එක ඉල්ලලා ඇති. ඉතින් අපේ Profile එක Update කිරීම මේකෙදි වැදගත් වෙනවා. ඔයාගේ Experiences, Skills, Abilities , Education , Accomplishments , Publications , Languages මේ ඔක්කොම ඔයාගේ Profile එකේ Update කරන්න පුළුවන්. ඉතින් LinkedIn Profile එක Online Resume එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.

පළවෙනි දේ තමයි ඔයාගේ Profile Picture එක. මේකට Professional Photo එකක් Use කරන්න ඕන වෙනවා. Group Selfies , Family Photos එහෙම Crop කරලා Photo එක Update කරන්න එපා. මීළග දේ තමයි Headline එක. මේකටත් කෙටි, ආකර්ෂණීය වැකියක් පාවිච්චි කරන්න ඕන. උදා: “Teacher With 10 Years of Experience” කියල දානවට වඩා, “High-Tech, Award-Winning Physics Teacher” කියල දානවා නම් වඩාත් ආකර්ෂණියයි. Summary Section එක ඔයා ගැන අදහසක් දෙන්න, ඔයා ගැන හොඳ ආකල්පයක් කියවන කෙනා තුල ඇති කරන්න හොඳම අවස්ථාව.  ඒකෙදීත් වාක්‍ය කිහිපයකින් ඔයා ගැන විස්තරයක් දෙන්න. මෙය Paragraphs 3-5 අතර නම් හොදයි. Bullet Points වලින් Experiences දාන්නත් පුළුවන්. අනවශ්‍ය දිග Boring Summary එකකින් ඔයාගේ First Impression එක නැති වෙන්න දෙන්න එපා. මීළගට Experiences. මේකෙදි Job experiences, Volunteering experiences, projects ඇතුළත් කරන්න පුළුවන්. ඒවගේම ඔයාගේ Skills වල වටිනාකම අනුව List එකක් හදන්න. ඔයා Job Seeker කෙනෙක් නම් ඔයාගේ Skills අනුව පහසුවෙන් Jobs වලට ඔයාව Select කරගන්න පුළුවන්.  Education Section එක Fill කරද්දී අධ්‍යාපනය ලැබූ පාසල් , Universities , Diplomas, Certifications ඇතුළත් කරන්න. LinkedIn වල වැදගත් දෙයක් තමයි Keywords. Searches වලදී ඔයාගේ Profile එක Appear වෙන්නේ ඔයා පාවිච්චි කරලා තියෙන Keywords අනුව. එවිට Job Recruiters ලා Jobs වලට Applicantsලා Search කරද්දී පහසුවෙන් ඔයාගේ Profile එක එයාලට Display වෙනවා. ඉතින් ඔයාගේ Job Field එකට අදාල Keywords,Tags, Specific Terms භාවිතා කර තිබීම ප්‍රයෝජනවත් වෙනවා.

 Strong LinkedIn Profile එකක් සදහා Connections තියෙන්න ඕන. Connections වැඩි වන තරමට ඔයාට තියන Job Opportunities වැඩියි. ඔයාගේ Job Field එකට අදාල Companies සමඟ , ඒවාගේ ඉන්න Expertiseලා සමග Connections හදාගන්න මේ හරහා පුළුවන්. ඒවගේම Profile එකේ Visibility එක Public දාන්නත් අමතක කරන්න එපා. මෙහිදී ඔයාට Public Visibility අවශ්‍ය මොනවටද කියන එක Select කරන්න පුළුවන්.

Recommendations ගැන බලමු. ඔයාගේ වැඩ කෙනෙක් අගයනවානම් ඔයාට පුළුවන් එයාගෙන් LinkedIn Recommendation එකක් Request කරන්න. ඒවගේම කාගෙහරි Recommendation එකක් ඔයාට හරි මදි වගේ නම් ඒක Hide කරන්නත් හැකියාව තියෙනවා. (Edit Profile- Recommendations – manage- Uncheck the box )

Endorsements ගැන කිව්වොත් ඔයාගේ Skills පෙන්නන්න හොඳම අවස්ථාවක් තමයි ඒක.  අනිත් අයට ඔයාගේ දක්ෂකම් අගයන්න මේ හරහා පුළුවන්. කරන්න තියෙන්නේ ඔයා දක්ෂ Subject Categories වලට Endorse කරන එක. යම් Subject එකකට Endorsements කීයක් තියනවද කියල ඔයාගේ  Profile එකේ Display වෙනවා.

 

මේ LinkedIn Profile එක  PDF File එකක් විදිහට Download කරලා Copy එකක්  Print Out ගන්නත් පුළුවන්. එය Resume එක විදිහට පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා.

ඒවගේම LinkedIn Profile URL එක අපිට පහසු විදිහට වෙනස් කර ගැනීමට හැකියාව තියෙනවා. Default URL එකේ අගට යොදාගෙන තියෙන Numbers කිහිපය ඉවත් කරලා අපිට අවශ්‍ය විදිහට අපේ නම පමණක් යෙදෙන ආකාරයට වෙනස් කර ගන්න පුළුවන්.

ඉතින් මේ LinkedIn එහෙමත් නැත්නම්  Business and Employment – Oriented Social Network එක වඩාත් ප්‍රයෝජනවත් අයුරින් පාවිච්චි කරන්න දැන් ඔයාලටත් අවස්ථාව තියෙනවා.

Sachini Milcah

Undergraduate (BSc in IT) Rajarata University of Sri Lanka

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *