Instagram Followers & Likes tricks

READ IN 5 MINS

Instagram Followers & Likes tricks

ආයූබොවන්!

ඉතින් ඔන්න මම සුපුරුදු පරිදි පොඩ්ඩක් Interesting part එකක් ගෙනවා .මොකද මේ වෙනකොට facebook වගේ ජනප්‍රිය සමාජ ජාලයක් තමා මේ Instagram කියන්නේ.ඉතින් මේකේ facebook වගේ ලොකුවට post share කරන්න බෑ . ඒ උනාට මේකත් දැනට ලොකේ 6 වෙනි ස්ථානයේ සිටින සමාජ ජාලයක්.

අනිත් එක වැදගත් ම කාරණය මගේ මීට පෙර සටහනේ තිබ්බා ලෙසම Instagram සමාජ ජාලයත් Personal Branding සදහා වීශේෂ උදවුවක් කරනවා. හරි මේ වෙනකොටත් ඔබට Instagram account එකක් නැත්නම් www.instagram.com හරහා පිවිස account එකක් සාදාගන්න.

හරි එහෙනම් අපි වැඩේට බහිමු.

ඔයාලට instagram user කෙනෙක් විදියට ලොකුවට දැනෙන අඩු පාඩුවක් තමා මේ Followers ලා සහ likes කියන්නේ.  ඉතින් මේ followers ලා සහ likes වැඩි කරගන්න ක්‍රම 5ක් තියෙනවා .

 

  • Online Payment එකක් මගින්
  • Public Account එකක් මගින්
  • Business Account එකක් මගින්
  • Shoutout page tag කීරීම මගින්
  • Hashtag භාවිතයෙන් 

මුලින්ම කතා කරමු Online payment භාවිතයෙන් Followers සහ likes වැඩි කරගන්නේ කොහොමද  කියලා.

1.Online Payment එකක් මගින්

ඉතින් මේක කරන්න අපිට paypal ගිණුමක් හෝ Visa/ Master Credit හෝ Debit කාඩ්පතක් තිබිය යුතුයි. හරි ඊට පස්සේ පහල තියෙන නොයෙකුත් වෙබ් සයිට් හරහා අපිට Instagram Followers සහ Likes වැඩි කරගැනීමට පුලුවන් .

www.gramista.com

www.instazood.com

www.instagrambotfollowers.com

ඉතින් ඔය තියෙන්නේ ඒ වගේ website කිහිපයක්.

ඉතින් මේවායෙන් ගොඩාක් Followers , likes කෙටි කලකදි ලබා ගන්නට පුලුවන් උනත් . Followers අතින් බැලුවොත් එහිදී ඔබව Follow කරනු ලබන්නේ bots ( like fake account ), ඉතින් ලෙහෙසියෙන් ඔවුන්ගෙන් ඔබගේ post වලට likes වැටෙන්නේ නැත.

හරි එහෙනම් අපි බලමු මේවා free කරගන්න විදිය.

2.Public Account එකක් මගින්

මොකක්ද මේ Public Account එකක් කියන්නේ?

ඔබට මතක ඇති ඔබ මුලින්ම Instagram Account එකක් සෑදූ පසු මුලින්ම අපිට ලැබෙන්නේ Public Account එකක් ලෙසට ඉතින් මේ Instagram account එකක් Public විදියට තියනකොට ඔබ කුමක් හෝ ඔබේ පිංතූරයක් post කල විට එය ඔබේ දැනට සිටින followers ලාගේ followers ලා හට recent වල පෙන්වයි .ඉතින් එයාලා එතනින් ඔයාව follower කරනවා ඔයාගේ photo එකට like කරනවා.

හැබැයි ඔයාට ටික කාලයක් යනවා ඔයාට අවශ්‍ය Followers ලා ලැබෙන්න.

3.Business Account එකක් මගින්

හරි අපිට Instagram එක විසින් ලබා දෙනවා Business Account එකක් ඉතින් මේක අපිට free හදාගන්න පුලුවන් .

මුලින්ම බලමු කොහොමද Business Account එකක් හදන්නේ කියලා.

  • මුලින්ම ඔබේ Instagram Settings වෙත ගොස් එහි තිබෙන Account Settings වෙත පිවිසෙන්න. එහිදී අන්තිම option එක ලෙසට Switch to Business Account කියලා තියෙනවා ඒක Click කරන්න.

  • හරි එවිට ඔබට යම් Business Account එකක් තියෙන option පිලිබද දැකගත හැකියි . ඒ ඔක්කොටම Continue ලබා දෙන්න , ඉන් පසු ඔබට දැක ගැනීමට හැකි වෙනවා පහත පරිදි පිටුවක් .

ඉතින් එහිදී ඔබේ Personal Account එකක් නම් ,Category වලට හෝ ඔබ කැමති Category එකක් ඉහත පෙනෙන ලෙසට ලබා දෙන්න.

මෙය සාදන්නේ ඔබේ Business එකකට නම් ඔබ එයට ආදාල Category එක ලබාදෙන්න.

  • ඉතින් ඉහත තොරතුරු ලබාදී next ලබා දෙන්න . ඉන් පසු ඔබට පහත රූපය පරිදි page එකක් හමුවේ.

ඉතින් මෙහිදී ඔබේ ක්‍රියාත්මක වෙන E-mail එක සහ Phone Number එක ලබා දෙන්න. ලබා දී Next ලබා දෙන්න .

  • ඉන් පසු ඔබට දැක ගත් හැකිවෙනවා පහත පරිදි message එකක් . එහිදි එයට ok ලබාදෙන්න.
  • පසුව ඔබට ඔබේ Personal හෝ Public Account එක Business Account එකක් විදියට දිස්වේ.

හරි ඉතින් business account එකක් සෑදූ විට public account එකක් ලෙසටම පෙන්වයි .

ඉතින් මෙහිදි උඩින්ම අපිට දැක ගත හැකිවෙනවා ඔබේ account එක පසු ගිය දවස් 7 තුල කී දෙනෙක් ඔබේ account එක බැලුවද කියලා.

හරි ඉතින් ඔබ post එකක් දැමු පසු ඒ post එක reach වෙනවා. Public account එකකින් post එකක් දැමු ලෙසම ඔබේ post එක recent වල reach වෙනවා.  එවිට ඔබේ account එකට Followers ලා සහ likes හමුවෙනවා.

 

4.Shoutout page tag කීරීම මගින්

ඉතින් මේ Shoutout කියන වචනෙ නම් ඔබ instagram user කෙනෙක් නම් ඔබ එය දන්නවා. ඉතින් අපිට Followers ලා , likes වැඩි කරන්න මේ shoutout page අපේ post එකට mention කීරීමෙන් හෝ tag කීරීමෙන් ඔවුන් අපේ post එක ඔවුන්ගේ account එක මගින් reshare කරනු ලබනවා.

ඉතින් ලංකාවේ ප්‍රසිද්ධ සහා හොදම shoutout page වල නම් කිහිපයක් පහත තියෙනවා .

Alllanka

Colomboteenfashionblog

Stylish.lk_

sl_shoutout_world

ceylon_shoutout

ඉතින් ඔය තියෙන page follow කරලා ඔවුන්ව mention කරන්න ඕනි, සහ ඔබේ instagram account එක public හෝ business account එකක් විය යුතුයි. එවිට ඔබට ඔබේ post reshare කරගෙන followers සහ likes වැඩි කරගැනීමට හැකි වෙනවා.

5.Hashtag භාවිතයෙන්

සමහර අයට නම් මේ වචනේ අලුත් ඇති ඒත් මේ ක්‍රමේ තමා instagram එක තුල likes සහ followers වැඩි කරගැනීමට තියෙන පහසුම ක්‍රමය .

ඉතින් instagram එක තුල තියෙනවා Trending Hashtag කිහිපයක්. ඉතින් මේ අපේ post එකක් share කිරීමේදී caption එකේ type කරලා post එක share කීරීමෙන් අපිට Followers ලා සහ likes වැඩි කර ගැනීමට හැකි වෙනවා.

ඔබට භාවිතා කළ හැකි Trending hashtag කිහිපයක් පහත පරිදී වේ.

#love #instagood #follow #photooftheday #like #followme #beautiful #picoftheday #happy #instadaily #amazing #follow4follow #life #loveit #igdaily #instaphoto #awesome #instalike #look #webstram  #srilanka #srilankatourism

මෙම trending hashtag සමහර අවස්තාවලදි වෙනස් වෙනවා ඒ නිසා ඔබට trending hashtag දැන ගැනීමට google මගින් හෝ Quicktags app එක download කරගැනීමෙන් දැන ගැනීමට පුලුවනි.

https://izea.com/2018/06/20/trending-instagram-hashtags/

 

Google Search – instagram trending hashtags

 

ඉතින් ඔන්න මම අද ගෙනාපු තොරතුරුත් මෙතනින් අවසන් වෙනවා. අමතක කරන්න එපා Comment එකක් දෙන්න.

තව අපේ official instagram account එක follow කරලා අපේ updates බලන්න. @eeefaorg follow කරලා set වෙන්න . ප්‍රශ්නයක් තියෙනවා නම්  Comments වල දාන්න තවත්  interesting part එකකින් හමුවෙමු.

 

~Pojitha Karunathilake~

  ( NSBM undergraduate , BCS ( Certi ) , SLCCL)

 

You may also like...

2 Responses

  1. ishara says:

    ගොඩක් වටිනා post එකක් තවත් මෙවැනිම post ලියන්න ඹබට ජය

  2. ishara says:

    නියමයි ගොඩක් වටින පොස්ට් එකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *