User-friendly application එකක් හදමුද?(Part -II)

READ IN 3 MINS

Application  එකක් මේ විදිහට Design කරමු.

කලින් article එකේ සඳහන් කරපු විදිහටම, අද අපි කතා කරන්න යන්නේ application එකක් design කරනකොට ඒ application එක User-Friendly application එකක් වෙන්න designer කෙනෙක් විදිහට අපි පිළිපැදිය යුතු දේවල් ගැන. Industry එකේ එහෙමත් නැත්තම් professional level එකේදී application එකක් design කරන UI/UX engineers ලා අනුගමනය කරන විශේෂ ක්‍රියා පිළිවෙලක් තියෙනවා. ඒ ගැනයි අපි අද කතා කරන්න යන්නේ.

ඔයාලටත් ඕනේ Ferrari designer කෙනෙක් වගේ වෙන්න නම්; මේ දේවල් අනුගමනය කරන්න හුරු වුනොත් customer ගෙන් අපිට එන complaints බොහොමයක් අඩු කරගන්න පුළුවන් වෙනවා. Customer ගෙන් requirements gather කරගෙන මුලික වැඩ ඉවර වුනායින් පස්සේ, User-Friendly application එකක් design කරනකොට UI/UX engineers මෙන්න මේ පිළිවෙල අනුගමනය කරනවා.

  1.   Creating Personas.
  2.   Wire-Frames designing
  3.   Design User Flows mapped with Wire-Frames
  4.   Design High-Fidelity Visuals/Mock-ups

1. Creating Personas (Personas නිර්මාණය කිරීම)

Personas කියලා කියන්නේ අපි design කරන application එකේ users ලා එහෙමත් නැත්නම් Target population එක represent කරන profile එකක් (තොරතුරු ගොනුවක්).  මෙතැනදී අපි මුලින්ම කරන්න ඕනේ මේ application එක use කරන users ලාගෙන් sample කිහිපයක් තෝරාගන්න එක. ඊට පස්සේ ඒ තෝරගත්ත කිහිපදෙනා ව වෙන වෙනම interview කරන්න ඕනේ.  ඒ interview එකේදී අපි එයාලගේ මුලික තොරතුරු (basic information) එකතු කරගන්නවා වගේම අපේ application එකට අදාළ වෙන විදිහේ තොරතුරුත් වෙන වෙනම සටහන් කරගන්නවා.

මේ අවස්ථාවේදී user ගේ behavior, needs, wants, goals සහ frustrations (the feeling of being upset or annoyed as a result of being unable to change or achieve something) කියන දේවල් ගැනත් තොරතුරු එකතු කරගැනීම වැදගත් වෙනවා.

එකෙන් පුලුවන් user කොහොම අපි develop කරන application එක use කරයි ද කියලා අනුමාන කරන්න.

මේකෙදි අපි සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක් තියෙනවා. අපි create කරන persona වලට users ලා interview කරනකොට, ඒ interview කරන users ලා අපි develop කරන application එක use කරන සම්පුර්ණ population එකම cover වෙන විදිහටයි select කරගන්න ඕනේ.
උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ,  නිකන් හිතන්නකෝ අපි මොනවහරි game එකක් අලුතෙන් develop කරනවා කියලා, එතකොට මේකේ user samples විදිහට මේ Game එක use කරයි කියල හිතෙන හැම age group එකකින්ම අඩුම තරමේ එක sample එකක් වත් ගන්න ඕනේ.

Game එක use කරයි කියල හිතෙන පුංචි ළමයින් දෙන්නෙක් (වයස් පරතර දෙකකින් වගේ), තරුණ පුද්ගලයෙක්, මැදිවියේ පුද්ගයෙක් හා මහලු පුද්ගලයෙක් යන සෑම වයස් කාණ්ඩයම නියෝජනය වෙන විදිහට පුද්ගලයන්ව තෝරාගත යුතු වෙනවා.ඒ විතරක් නෙවෙයි මේ තෝරාගන්න පුද්ගලයින් ගැහැණු හා පිරිමි යන කාණ්ඩ දෙකම නියෝජනය වන ලෙස තමයි අපි තෝරාගත යුතු වන්නේ.

Personas කිහිපයකට උදාහරණ  :

 

මේ විදිහට personas create කරන්න විශේෂ වුන tools, templates, Industry එකේදී නම් පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් MsWord හෝ වෙන ඕනෙම document making application එකකින් හදාගන්න පුලුවන්.

Personas කියන්නේ මොකද්ද? ඒවා හදන්නේ කොහොමද? මොනවද අවශ්‍ය තොරතුරු, මේ හැමදේම ගැන දැන් ඔයාලට අවබෝධයක් ඇති කියල මං හිතනවා.  User-Friendly application එකක් නිර්මාණය කිරීමේ දෙවැනි පියවරවල් ගැන අපි ඊලග article එකෙන් කතා කරමු.

You may also like...

3 Responses

  1. RUWANR says:

    Super 🎯

  2. දිනේෂ් says:

    දිගටම ලියන්න… ඒක පට්ට 🤩

  1. January 18, 2019

    […] කලින් Personas ගැන කිසිම අවබෝධයක් නැත්නම් කලින් Article එක බලලා මේ Article එක බැලුවොත් තමයි ඔයලාට මේක […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *