Programming මුල සිට – 03 – IDE එකක් කියන්නේ මොකක්ද?

READ IN 3 MINS

අපි කලින් post වලදී කතා කළා programming පටන් ගන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනි දේවල් කීපයක් ගැන. ඒ වගේම ඊලඟ post එකේ ඉදන් python ඉගෙන ගන්න පටන් ගන්නවා කියලත් කිවුවා. හැබැයි programming පටන් ගන්න කලින් දැනගෙන ඉන්නම ඕනි දෙයක් වෙන IDE ගැන කතා කරන්න බැරි උනා. ඉතින් මේ post එකෙන්  ඒ ගැන කතා කරලා ඊලඟ post එකෙන් python ගැන, python වල තිබෙන විශේෂත්වය මොකක්ද කියන එක ගැන කතා කරමු.

මොනවද මේ IDE කියන්නේ ?

සරලවම කිවුවොත්  IDE එහෙමත් නැත්නම් Integrated Development Environment කියන්නේ අපි software එකක් හදන්න භාවිතා කරන කරන තවත් software එකක්. අපි software එකක් හදන්නේ programming language එකකින්. අපි programming language එකක් හරහා computer එකට කියන්න ඕනි මොනාද අපිට කෙරෙන්න ඕනි කියලා. උදාහරණයක් විදිහට අපිට ඕනිනම් අපේ software එක run කරාම වචන කීපයක් පෙන්නන්න එහෙමත් නැත්නම් අපේ wallpaper එක මාරු කරන්න, අපි computer එකට කියන්න ඕනි මේ වචන ටික අපේ display එකේ පෙන්වන්න, එහෙමත් නැත්නම් මේ photo එක wallpaper එකට දාන්න කියලා. ඉතින් එහෙම කියන්න නම් අපි දෙන commands ටික type කරන්න ඕනි. ඉතින් මේ commands type කරන්න භාවිතා කරන්නේ IDE එකක්.

අපේ Computer එකේ එන notepad එක උනත් IDE එකක් විදිහට භාවිත කරන්න පුලුවන්. නමුත් programming වලටම හදපු IDE s වල තියෙන විශේෂ පහසුකම් නිසා notepad වෙනුවට programming වෙනුවෙන්ම  හදපු IDE එකක් භාවිතා කරන එක පහසුයි.

මේ වෙනකොට ලෝකයේ IDE s ගොඩක් තියෙනවා . මේ IDE s එකින් එකට වෙනස්. පහලින් බලාගන්න පුලුවන් දැනටතියන ප්‍රසිද්ධ IDE s කීපයක්..

මීට අමතරව තවත් IDE s ගොඩක් තිබෙනවා.  පොඩ්ඩක් Google කරලා බැලුවොත් කොච්චර IDE s තියෙනවද කියලා හිතාගන්න බැරි වෙයි.

අපි පාවිච්චි කරන IDE එක මොකක්ද?

අපි මුලින්ම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Python වලට default එන IDE එක වෙන Idle කියන IDE එක.  Idle කියන IDE එක බොහොම සරල, Python download  කරනකොටම අපිට හම්බෙන IDE එකක්. මේකේ සරල බව නිසාම beginner කෙනෙක්ට භාවිත කරන්න ගොඩක් පහසුයි. ඉස්සරහට අපිට පුලුවන් Pycharm වගෙ ටිකක් advanced IDE එකක් භාවිත කරන්න පටන් ගන්න.

ඉතින් බලාපොරොත්තු උනා වගේ python programming පටන් ගන්න මේ පොස්ට් එකෙන් බැරි උනා. ඊලග පොස්ට් එකෙන් python ගැන පොඩි introduction එකක් බලලම අපි programming පටන් ගමු.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *