ජීවයේ මං සලකුණු ඔස්සේ – ද‌ෙවන දිගහැරුම

READ IN 7 MINS

මෙතෙක් නොකී ඉතිහාස  කතාවක පළමු සිංහල ඩිජිටල්කරණයේ දෙවන සටහන මෙසේ ඔබ හමුවේ දිගහරින්නෙමු…!

මීට පෙර සටහන තුලින් පෘථිවිය ආරම්භයේ සිට අද දක්වා වසර මිලියන හාරදහසක කාල ප්‍රාන්තරය භූගෝලීය යුග දහයකට බෙදා වෙන් කර ඇති බවත් එහි පළමු භූගෝලීය යුග වන Hadean සහ  Archean Eon භූගෝලීය යුගය පිළිබදවත් එහි අනු භුගෝලීය යුග වන Eoarchean, Paleoarchean, Mesoarchean, Neoarchean භූගෝලීය යුග අදින් වසර මිලියන දෙදහස් පන්සීයත් හාරදහසත් අතර කාල ප්‍රාන්තරය තුල හැසිරුනු ආකාරය පිළිබදවත් පෙර ලිපිය ඔස්සේ සාකච්ඡාවට බදුන් කරන ලදි.!

මෙවර එහි දෙවන දිගහැරුම තුළින් Proterozoic Eon (2,500 to 541 million years ago) භූගෝලීය යුගය පිලිබදවත් එහි අනු භූගෝලීය යුග වන,

Paleoproterozoic (2,500 to 1,600million years ago)

Mesoproterozoic  (1,600 to 1,000 million years ago)

Neoproterozoic (1,000 to 541 million years ago)

යනුවෙන් හැදින්වෙනු ලබන ආදි  පෘථිවි භූගෝලීය යුග පිළිබදවත්,

Cambrian explosion“කේම්බ්රියානු පිපිරීම” හා

Supercontinents (සුපිරි මහාද්වීප)

 

පිළීබදවත්  මෙසේ ජීවයේ මං සලකුණු ඔස්සේ…!!! දෙවන දිගහැරුම තුළින් අවධානය යොමු  කරන්නෙමු.!


  පෘථිවිය මෙතෙක් ආ ගමන් මගෙහි පසු කරන ලද්දා වූ යුග අතරින් දීර්ඝතම යුගයක් ලෙස සලකනු ලබන අප අද ගවේශනය කරන Proterozoic Eon හි එම Proterozoic  ප්‍රොටොසොයික‍‍ යන

නාමය පුරාණ ග්‍රීක වචන දෙකක සහසම්බන්දතාවයෙන් ගොඩනැගී ඇත. “proteros” අර්ථය “පැරණි, පෙර” යන අදහස ඇත්තා වූ සහ “zoic, zoeජීවිතය” යන අරුත ඇති හෙයින් ඒ සම්බන්ධව අර්ථ ගන්වයි!.එක්ව ගත් කල “පුරාණ ජීවය” අර්ථය විදහාපාන Proterozoic  ප්‍රොටොසොයික භූගෝලීය යුගය වචනාර්ථයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෘථිවියෙහි ජීවයේ පුරාණතම හා සමාරම්භකම යුගය ලෙස හැදින්වීමේ වරදක් නොමැත.

                  මෙම ප්‍රොටොසොයික භූගෝලීය යුගය ආදි කේම්බ්‍රීයානු යුගය ලෙසද හැදින්වේ!

කේම්බ්රියානු පිපිරීම” යනුවෙන් හඳුන්වන්නේ ඛනිජමය ආශ්‍රිත අස්ථි කොටස් සහිත සංකීර්ණ සතුන්ගේ ෆොසිල වාර්තාවල හදිසි මතුවීමයි. පෘථිවියේ ජීවිතයේ ඉතිහාසයේ වැදගත්ම පරිණාමීය සිදුවීමක් මෙමගින් නිරූපණය වේ. 

එයට ප්‍රධානතම හේතුව වනුයේ මෙම යුගය පෘථිවියෙහි සංකීර්ණ ජීවයේ ආරම්භයත් චාර්ල්ස් ඩාවින් කියූ පරිදි පරිණාමවාදයෙහිත් කැපී පෙනෙන හා වැදගත්ම සහ විශේෂිතම භූගෝලීය යුගය ලෙස භූවිද්‍යාඥයන් හා ඉතිහාස ගවේශකයන් විසින් හදුන්වනු ලැබීමයි!ඒ මෙම යුගයහිදී ජීව චක්‍රයේ පැහැදිලි සහ විශේෂ වෙනස් කම් රාශීයක් ප්‍රථම වරට සිදු වූ බව සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් හා ගවේශකයන් සමත් වීම හේතුවෙනි!නව ජීවී විශේෂයන් බිහි වීම මෙම යුගයේ විශේෂිතම ලක්ෂණය ලෙස හැදින්විය හැක.එහිදීත් හිස,ශරීරය,වල්ගය ආදී ලෙස ජීවී ව්‍යුහය වෙනස් වීම කැපී පෙනෙයි.තවත් වැදගත් කරුණක් නම් ඩාවින්ගේ පරිණාම වාදයට නොවිසඳිය හැකි වූ සරල ජීවයක සිට සංකීර්ණ ජීවයක් කරා ආ ජීවයේ ගමන් මග මෙම යුගය තුලදී යෝධ පිම්මකින් ඉදිරියට පැනීමයි!ජීව විද්‍යාත්මකව හා රසායනිකය බොහෝ වෙනස්කම් සිදු වූ සහ ජීව පරිණාමයේ අතුරුදහන් හිඩැසක් ඉතිරි කල යුගයක් ලෙසද හැදින්විය හැක.

මෙම Eon හි හොඳින් හඳුනාගත් සිදුවීම් ලෙස Paleoproterozoic කාලයේ දී වායුගෝලය ඔක්සිජන්කරණය වීමේ ක්‍රියාවලියකට සංක්‍රමණය වීම සිදුවිය. මෙම අවධිය තුළ ග්ලැසියර බිඳ වැටීම දරුණු ලෙස සිදුවූ අතර පෘථිවිට වසා තිබූ හිම කබාය පෘථිවිය ක්‍රමයෙන් බිද වැටීමත් පෘථිවි වායුගෝලය ජීවයේ සංකීර්ණ සංයුතියකට පත් වීමට මග සැලැසීම සිදුවිය.. සහ Proterozoic Eon යුගයෙහි අවසාන කාල පරිච්ඡේදයහි (635 සිට 541 දක්වා) සංකීර්ණ මෘදු-බහු අවයවික බහුජන ක්ෂුද්‍ර ජීවීන්ගේ විකාශනය මගින් වායුගෝලය හා පරිසර පද්ධතිය සංලක්ෂිත වන අතර පෘථිවියේ ජීවීන්ගේ ප්‍රථම ෆොසිල සාක්ෂි මෙම යුගය විසින් සපයනු ලබයි.එහෙත් Neoproterozoic භූගෝලීය යුගය අවසන් වන විටත් පෘථිවිය හිම යුගයක නියුතු විය.එය විශාල ජීවීන් විකසනය වීමෙහිලා යම් බාධකයක් වන්නට ඇති බව විශ්වාස කෙරේ.

Paleoproterozoic භූගෝලීය යුගය

පෘථිවිය මෙතෙක් එනම් Paleoproterozoic භූගෝලීය යුගය දක්වා ආ ගමන් මග තුලදී පසු කරන ලද්දා වූ භූගෝලීය යුග තුළදී පෘථිවි වායුගෝලය ජීවයට හිතකර පරිද්දෙන් සැකසීමේ මුල් ක්‍රියාවලිය අප පෙර ලිපිය තුලින් සාකච්ජාවට බදුන් කරන ලදි!මෙම යුගය තුලදී එම ක්‍රියාවලියෙහි කැපීපෙනෙන අවස්ථා රැසක් දක්නට ලැබෙයි.

පෙර සඳහන් කල පරිදි නිර්වායු ක්ෂුද්‍ර ජීවීන් විසින් අත්පත් කරගෙන තිබූ පෘථිවිය ජීව රසායනික ක්ෂ්‍රදුජීවී ක්‍රියාකාරීත්වයන්හි ප්‍රතිඵල ලෙස වායුගෝලයට මුදාහැරුනු ඔක්සිජන් ප්‍රතිෂතය මෙම යුගය තුලදී පෙන්නුම් කල විශාල වර්ධනය හමුවේ ඔක්සිජන් විෂවීම හේතුවෙන් නිර්වායු ක්ෂුද්‍රජීවීන් විශාල ලෙස මිය යාම සිදු විය!ඔක්සිජන් විෂ නොවන හා එයට ඔරොත්තු දීමේ හැකියාව ඇති ජීවීන් පමනක් මෙහිදී පෘථිවිය තුල ඉතිරි විය!

Siderian, Rhyacian, Orosirian, Statherianලෙස අනු කොටස් හතරකට Paleoproterozoic භූගෝලීය යුගය තවදුරටත් බෙදා වෙන් කර ඇත.

Mesoproterozoic භූගෝලීය යුගය

           අපෘෂ්ඨවංශිකයන්ගේ වර්ධනයට මෙම යුගයේදී මූලික අඩිතාලම වැටුනි.තවද ලිංගික ප්‍රජනනයෙහි පරිණාමය ප්‍රථම වරට පෘථිවිය තුල ආරම්භ වූ සාධක මෙම යුගය තුලින් හමු වී ඇත. එය පෘථිවිය තුල සංකීර්ණ ජීවයක් ඇති වීමෙහි  මුලික හැරවුම් ලක්ෂයක් ලෙස හැදින්විය හැක!

 මෙම භූගෝලීය යුගය Stenian, Ectasian හා Calymmianලෙස අනු කොටස් තුනකටද තවදුරටත් බෙදා වෙන්කර ඇත.

               Mesoproterozoic යුගයේ අනු කොටස් යනු කාලය මත පදනම්ව අත්තනෝමතික බෙදීම් ය. ඒවා භූස්ථිතික හෝ ජීව විද්යාත්මක ඒකක නොවේ. Mesoproterozoic යුගයේ පදනම, සමහර ජීවීන්ගේ පෙනුම හෝ අතුරුදහන් වීම වෙනුවට, වසර අනුව, නිර්වචනය කර ඇත. මෙය නිසැකවම මායාකාර හැඟීමකි.

                             නිදහස් ඔක්සිජන් ඇති බව පෙන්නුම් කරයි. ඔක්සිජන් මට්ටම් සාගර රසායනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති විය. මහද්වීපික උෂ්ණත්ව තත්ත්වයන් වැඩිවීම හා පෝෂ්ය පදාර්ථ ලෙස සල්ෆේට හා නයිට්රේට් ලබා දෙන ලදී. මෙය බැක්ටීරියා සහ සූක්ෂ්ම ජීවීන් යන දෙකම නව ජනගහනයකට සමාන නොවීය. මෙම සෛලවල පැවැත්ම වැදගත් ජෛව රසායනික සිදුවීම්වලට සෘජුවම සම්බන්ධ වන බැවින්, ඒවා biostratigraphy සඳහා කදිම ජීවින් නිපදවනු ඇත. Biostratigraphy යනු stratigraphy භූ ගර්භ විද්‍යාවෙහිම තවත් එක් ආකාරයකි.

Neoproterozoic භූගෝලීය යුගය

               මෙම භූගෝලීය යුගයද Tonian, Cryogenian හා Ediacaran ලෙස අනු කොටස් තුනකට බෙදා වෙන්කර ඇත.විශේෂ ලක්ෂණයක් ලෙස දැකිය හැකි වනුයේ මෙම යුගයේදී පෘථිවි පෘෂ්ඨය බොහෝ පෙදෙසක් හිම ස්ථරයකින් ආවරණය වී පැවතීමයි.එය විශාල ජීවී විශේෂ විකසනය වීමෙහිලා යම් බලපෑමක් ඇති කරන ලදී.මෙම යුගය විශාලතම කාලයක් පෘථිවිය තුල පැවති  යුගයක් වන අතර පෘථිවියෙහි මධ්‍ය යුගයක් ලෙසද අර්ථකතනය කරනු ලබයි.

මෙම යුග හැදින්වීමේදී “Boring Billion ලෙස මෙම යුගයන්ට අන්වර්ථනාමයක් ඉතිහාසඥයන් විසින් ලබා දී ඇත්තේද මෙම කාල ප්‍රාන්තරයෙහිදී පෘථීවිය පසු කරන්නා ලද ඉතාමත් මන්දගාමී ස්වරූපයයි.නමුත් බහු සෛලික ජීවීන්ගේ පළමු දර්ශනය මෙම කාලප්‍රාන්තරයේ දී සිදු වන්නට ඇති බවටද විදයාඥයන් මත පළකරයි.

Paleoproterozoic භූගෝලීය යුගය හා Mesoproterozoic භූගෝලීය යුගය විශේෂයෙන් භූගෝලීයමය වශයෙන් වැදගත් වන තවත් ප්‍රධාන  හේතුවක් පවතී. අප සැවොම දන්නා පරිදි අද මෙන් අතීතයේදී පෘථිවිය මහාද්වීප, රටවල් හා දූපත් ලෙස වෙන් වෙන්ව නොතිබුනි.සියලු ගොඩබිම් එකට එක්ව එක් විශාල මහාද්වීපයක් ලෙස පැවතුනි!පෘථිවිය පසු කරන ලද්දා වූ එක් එක් යුගයන්හීදී පෘථිවිය මුහුණ දෙන ලද පෘථිවි අභ්‍යන්තරයේ සිදුවූ ගිනිකදු පිපිරීම් හා භූ චලන මගිනුත් පෘථිවි භූ තැටි නිර්මාණය වීම හා බිදීයාම් මගිනුත් දැවැන්ත වූත් සංකීර්ණ වූත් කාලයාගේ ඇවෑමෙන් සිදුවූ භූගෝලීය සංසිද්ධීන් හේතුවෙන් මහද්වීප ප්ලාවිතය නමින් හදුන්වන්නා වූ භූගෝලීයමය සංසිද්ධීය සිදුවිය!

අදියර කිහිපයක් යටතේ යුග කිහිපයක් ඔස්සේ සිදුවූ මෙම මහද්වීප ප්ලාවිතය මූලික වශයෙන් පළමු වරට දැකිය හැකි වනුයේ Proterozoic භූගෝලීය යුගයන්හීදී ය.පැරණි තිබූ මහාද්වීප බිදී යාම, නව මහාද්වීප ලක්ෂණ ලෙස අර්ථගැන්වේ.

Super continents (සුපිරි මහද්වීප)

පෘථිවියෙහි භූගෝලීය යුග පිළිබදව අවදානය යොමු කරන විට නිතැතින්ම අවදානය යොමු වන තවත් එක් වැදගත් සාධකයක් වනුයේ පෘථිවියෙි භූගෝලීය පරිණාමයයි.කාලානුරූපීව අන් සෑම දෙයක්ම මෙන් භූ ස්ථරයද විවිධ වෙනස්කම් වලට භාජනය වීම සිදුවේ.සෑම මොහොතකම විවිධ හේතූන් හේතුවෙන් විවිධ වෙනස්කම් වලට බඳුන් වන පෘථීවිය බාහිර වශයෙන් විශාල භූගෝලීය වෙනස්කම් වලට භාජනය වීම වසර මිලියන ගණනක් සිදු විය.එබැවින් ඒ පිළිබඳවද සොයා බැලීම වටී.

 ඉහත වගුවෙහි දක්වා ඇති පරිදි අවස්ථා ගණනාවක් විශාල කාල පරාසයක් ඔස්සේ බිහිවූ මහාද්වීප දහයකට අධික සංඛ්‍යාවක් පවතී.අපගේ මූලික අරමුණ ජීවයේ ගමන් මග ඔස්සේ කාලය තරණය කිරීම බැවින් වැදගත්වන ඉහත මහාද්වීප අතුරින් කිහිපයක් පිළිබදව තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.

Columbia

නූනා Nuna (Northern Europe North America) සහ හඩ්සන්ලන්ඩ් යන නම්වලින්ද හැඳින්වූ කොලොම්බියානු මුල් කාලීන මහද්වීපය පළමු වතාවට රොජර්ස් සහ සන්තෝස් 2002 වර්ෂයේදී විසින් හඳුනාගත් අතර එය  Paleoproterozoicභූගෝලීය යුගය තුළ වසර  මිලියන 2,500 සිට 1,500 දක්වා කාලය තුල පැවතුණි.

එය කොලොම්බියා ලෝරෙන්ටියා, බෝල්ටික්, යුක්රේන් ෂිල්ඩ්, ඇමසෝනියන් පළිහ, ඕස්ට්රේලියාව සහ සමහරවිට සයිබීරියාවේ හා උතුරු චීනයේ හා කලහාරියා යන මහාද්වීපවලින් සමන්විත විය.එය ඉහත ඡායාරූපයන් මගින් පැහැදිලි වේ.

මෙම යුගයේ ප්‍රධාන සිදුවීම වනුයේ කොලම්බියා සුපිරි කොන්ටිනෙන්ට් එක බිඳ වැටීමයි.එනම් මහාද්වීප ලෙස අප අද හදුන්වන භූගෝලීය විච්ඡේදනය වීමයි.අදියර ගණනාවක් ඔස්සේ අවුරුදු මිලියන ගණනාවක්ඔස්සේසිදුවූ මෙම භූගෝලීයමය වශයෙන් අතිශය වැදගත්  වූ සිද්ධි දාමය පෘථීවියෙහි අද දක්නට ලැබෙව ඡෛව විද්‍යාත්මක වෙනස්කම් වලටද සෘජුවම බලපාන ලදි.

 

Gondwana‍

ගොඩ්වානා නාමය ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලැබුයේ ඔස්ට්‍රියානු ජාතික විද්‍යාඥයෙකු වූ Eduard Suess විසිනි.

අදින් වසර මිලියන 550 ත් 320ත් අතර කාල ප්‍රාන්තරයේදී පැවතුන ගොඩ්වානාලන්තය ලෙස හදුන්වන මෙම භූමිය ජුරාසික යුගයේ මුල් කාලය දක්වා පැවති බවට විද්‍යාඥයන් මත පල කර ඇත.

                           මෙහිදී නැගෙනහිර හා බටහිර ගොඩ්වානාලන්තය ලෙස මහාද්වීප දෙකක් පැවති බව සැලකේ.එහිදී නැගෙනහිර ගොඩ්වානාලන්තය ලෙස වර්තමාන ඉන්දියාව, මැඩගස්කරය, ඇන්ටාක්ටිකාව හා ඕස්ට්‍රේලියාව පැවති බවත් බටහිර ගොන්ඩ්වානාලන්තයෙහි වර්තමාන අප්‍රිකාව හා දකුණු ඇමරිකානු මහද්වීප එක්ව පැවති බවත් විද්‍යාඥයන් විසින් උපකල්පනය කර ඇත.

ඒ පිළිබදව වැඩිදුර අදහසක් ‌ම‌ෙම සබැදිය ඔස්ස‌ේ ඇති වීඩිය‌ෝ පටය නැරඹීම‌ෙන් ඔබට ලබා ගත හැකිය. >>>https://youtu.be/g_iEWvtKcuQ

පෘථිවියෙහි ආරම්භයත් ඉන්පසුව පෘථිවියහි ජීවය ඇති වීමට පදනම වැටුනු අයුරුත් එම ජීවයෙහි විවිධ ස්වරූපයන්ගෙන් හැඩ වූ පෘථීවි ජෛවගෝලය පිලිබදව විද්‍යාත්මක කරුණු ඔස්සේ ගවේශනාත්මකව සොයා බැලෙන ලිපි පෙළෙහි දෙවන දිගහැරුම මෙසේ නිම වන අතර මීලග වෙළුම තුලින් පෘථිවිය තුල ජීවය නැමැති සාධකය දැවැන්ත ජීවීන් පරිණාමය වීම දක්වා දළුලා වැඩුනු අයුරු පිළිබදව ආකර්ශනීය ලිපි මාලාවක් ඔබ හමුවේ දිග හැරෙනු ඇත!ඉදිරි ලිපි මාලාව ඔස්සේ දැවැන්ත පෘථීවි ජීවීන්ගේ ආධිපත්‍යට පෘථිවිය නතු වූ අයුරු ඔබ හමුවේ ගොනු කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

“ලොකු කුඩා කවුරුත් හදුනන Steven Spielberg ගේ “Jurassic Park” වැනි දැවැන්ත චිත්‍රපට ඔස්සේ ඔබ දැක ඇති දැවැන්ත උරගයන් පෘථිවියෙහි රජ කල ජුරාසික යුග වල විසූ ඩයිනෝසරයන් නැවත කැදවීමට ඉදිරි ලිපි මාලාව සූදානම්…!”

ජීවයේ මං පෙත් ඔස්සේ අදින් වසර මිලියන 4000ක අතීතය සොයා ඇදෙන කුතුහලය දනවන ගවේශනාත්මක චාරිකාවක දැනුම සොයා කිමිදෙන්න EEEFA Journal සමගින් ඔබත් එකතු වෙන්න!

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *