කවුද මේ Super Car Killer කියන්නෙ?

තමන් කැමතිම sports car එක මොකක්ද ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරේ? සමහරු නම් ලැම්බොගිනි, ෆෙරාරි, බුගාටි… වගේ උත්තර දෙයි. ඒත් මං දන්න තරමින් වාහන පිස්සො නම් 90% ක ට වඩා කට්ටියක් ආස එක කාර් එකක් තියෙනවා. අද මං කතා කරන්න යන්නෙ ඒ ගැන.
මං කියන්න හදන්නෙ Godzilla ගැන… “මොකක් !ඒ ෆිල්ම් එකේ හිටිය සතා නෙහ්” කියල සමහරු කියයි. ඒත් Godzilla කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ Nissan Skyline GT-R R34 V-Spec එක. GT-R ගැන කතා කරොත් GT-R පරම්පරා කිහිපයක් තියෙනවා.ඒත් මං අද කතා කරන්නෙ 5 වෙනි පරම්පරාවේ GT-R එක ගැන. ඒකියන්නෙ GT-BNR34 කෙටියෙන් කිව්වොත් R34 එක.


R34 versions කිහිපයක් තිබුනත් අපි අද කතා කරන්න යන්නෙ Nissan Skyline GT-R R34 V-Spec ( Victory Specification හෙවත් ජයග්‍රහණයේ විශේෂය ) කියන version එක ගැන.මොකක්ද මේ GT-R කියන්නෙ කියල දැනගෙන හිටියද? GT-R කියන්නෙ Gran Turismo Racing කියන එකේ කෙටි නම.

1999 දී, ඒ කියන්නේ දැනට අවුරුදු විස්සකට විතර කලින් ජපානයේ නිෂ්පාදනය වුනු ඒත් තාමත් ලෝකෙ ගොඩක් ජනප්‍රියම, මිල තරමක් අධික ( ඉල්ලුම වැඩි නිසා ) , ඉතාමත් වේගවත් මේ කාර් එක විශේෂ වෙන්න හේතු මොනවද කියල අපි කතා කරමු එහෙනම්.
හැමදේටම කළින් හැමෝම ආකර්ශනය වෙන්නෙ මේ කාර් එකේ තියෙන පෙනුමට. මුලින්ම කාර් එකේ තියෙන රෞද්‍ර මෝරෙකුගේ මූනට සමාන වූ පෙනුම; ඒවගේම හැම කෙනාටම මේ කාර් එකේ අන්තිමට දකින්න හම්බෙන පිටුපස ලාම්පු තමයි ( හැමෝටම ඉස්සරහින් යන නිසා ) ගොඩක් මතක හිටින්නෙ.
R34 එක ගොඩක්ම ජනප්‍රිය වෙන්න, වේගවත් වෙන්න ලොකුම හේතුව වුනේ මේ කාර් එක සතු එන්ජිම. ගොඩක් සුපිරි කාර් වල සිලින්ඩර් 8, 10, 12, 16 වගේ ලොකු එන්ජින් තිබුනත් ඒ සුපිරි කියල කියන කාර් හැම එකකටම අභියෝගයක් එල්ල කරන මේ කාර් එකට තියෙන්නෙ සිලින්ඩර් 6යි! ඔව් 6යි. මේ එන්ජිම ගොඩක් ප්‍රසිද්ධයි.
RB26 හෙවත් RB26DETT කියන නමින් හැදින්වෙන, සිලින්ඩර් 6 ක් සහිත වූ, ධාරිතාවෙන් ලීටර 2.6 ( 2568 cc ) හා සමාන්තරගත turbocharger දෙකකින් ( එක turbocharger එකක් මගින් සිලින්ඩර් 3 ක්) බලගැන්වුනු එන්ජිමක් තමයි මේ R34 එකට තියෙන්නෙ.

එක් සිලින්ඩරයක් සදහා valves 4ක් යොදාගෙන ඇති අතර මෙමගින් 1BAR / 15PSI ප්‍රමාණයක Boost pressure එකක් නිපදවේ. එමෙන්ම සිලින්ඩර් 6 සඳහා වෙන වෙනම throttle valves 6ක් පවතින අතර ඒ නිසා එම එක් එක් සිලින්ඩරය තනි තනි එන්ජිමක් සේ ක්‍රියා කරන නිසා වැඩි බලයක් මේ එන්ජිම සතු වේ. එසේම මෙම V-Spec වර්ගයේ රථවලට වේග 6ක ගියර පද්ධතියක්ද සතුය. තවද මෙය full time AWD ( All Wheel Drive ) රථයක් වේ. ඒ වගේම මීට පෙර skyline වලට වඩා මෙහි බර අඩු කිරීම සදහා Carbon Fiber සහ Aluminum වැඩි වශයෙන් යොදාගෙන තියෙනවා.
Carbon fiber hood of an R34 Carbon fiber splitter of an R34
මෙම කාර් එක සතුව අශ්ව බල 276ක් පමණක් ඇති බව වෙළද දැන්වීම් වලදී Nissan සමාගම පැවසුවත් ඇත්තෙන්ම මෙම කාර් එක් සාදා නිම වන විට අශ්ව බල 340 කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර ඉතා පහසුවෙන් එම අගය 500, 600 හෝ අවශ්‍ය නම් අශ්ව බල 1000 ඉක්මවා යන තෙක් upgrade කිරීමට හැකියාව පවතී. එනිසා R34 සතු වූ 250Kmph ක( නමුත් speedometer එකෙහි දැක්වෙන්නෙ 180 Kmph දක්වා පමණි ) පමණ වූ උපරිම වේගය, upgrade කිරීමේදී 350 Kmph – 400Kmph ට ආසන්න උපරිම වේගයක් ලබාගැනීමට හැකි වේ. එබැවින් ඕනෑම සුපිරි කාර් එකක් පරාජය කිරීමේ හැකියාව R34 සතු වේ. එම නිසාවෙන්ම ‘Super Car Killer‘ යන නාමය R34 එකට ලැබී ඇත.

අවුරුදු විස්සක් පමණ පරණ නමුත් අති විශේෂාංග කිහිපයක් මෙම රථය සතුවේ.
මෙහි පළමු විශේෂාංගය නම්, මෙම කාර් එක සමග පැමිණෙන LCD screen එකයි. ( දැන් හිතනව ඇති “LCD screen එකෙ තියෙන විශේෂත්වෙ මොකක්ද! හැම කාර් එකෙ වගේම ඕකක් තියෙනව නෙහ් ” කියල ) මේ LCD screen එකට කියන්නෙ MFD ( Multi Function Display ) කියල. මේ screen එක මගින් කාර් එක ධාවනය වෙන අවස්ථාවේදිම රියදුරාට පාඨාංක 7ක් බලාගන්න පුලුවන් ( race track එකේදි ගොඩක් වටින feature එකක්. )
- Boost pressure
- Oil temperature
- Water temperature
- Throttle percentage
- Exhaust temperature
- Injector percentage
- Intercooler temperature, කියන දේවල් ටික real time බලාගන්න පුලුවන්. ඒ වගේම අපි ගොඩක් ගේම්ස් වල දකින Gears shift කරන්න ඕනි RPM අගයෙදි meter panel එක රතු වෙන එක ඇත්තටම මේ MFD එකෙත් දකින්න ලැබෙනව. ඒ වගේම මේ MFD එකෙන් ඒ කාලෙත් TV බලන්න option එකක් දීල තියෙනවා. මේව අලුත් දේවල් නොවුනත් අවුරුදු විස්සකට කලින් මේක මැජික් වගේ තියෙන්න ඇති.
R34 එකේ දකින්න ලැබුණු දෙවෙනි විශේෂාංගය මගින් මේ කාර් එකෙ රෝද 4ම හරවන්න පුලුවන්. ( “මොකක්! බොරු කියන්නෙපා! රෝද 4ම හැරෙන R34 තියා වෙන කාර් එකක්වත් ජීවිතේට දැකල නෑ නෙහ්” කියල හිතනව ඇති ) මේක Nissan සමාගම නම් කරල තියෙන්නෙ Super HICAS Four wheel steering system කියල. මේකෙදි electronic actuator එකක් භාවිතා වෙනවා. මේකෙදි ඇත්තටම වෙන්නෙ ඉදිරිපස රෝද හැරවීමේදී පිටුපස රෝද රථයේ වේගයට අනුව දිශාවන් වෙනස් කරමින් අංශක එකකින් ( 1°) හැරවීමයි. මේකෙදි අවස්ථා දෙකක් තියෙනවා.
- අඩු වේගවලදී ඉදිරි පස රෝද හැරෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට පසුපස රෝද හැරීම මගින් ඉක්මනින් වංගු ගැනීමට හැකි වෙනවා.
- වැඩි වේගවලදී ඉදිරි පස රෝද හැරෙන දිශාවට ම පසුපස රෝද හැරීම මගින් වැඩි වේග වලදී වඩා ආරක්ෂාකාරීව හා ස්ථායීව, ක්ෂණික හැරවීම් හා මං තීරු මාරු කිරීම් වලට ඉඩ සැලසෙනවා.
ඒ කාලෙ හැටියට මේකත් මැජික් වගේ feature එකක් වුනත් දැන් තියෙන අලුත් වාහන ( German, American, British ) වල මේ feature එක දකින්න පුලුවන්.
R34 එකෙ දකින්න පුලුවන් වුනු අනිත් විශේෂාංගය වෙන්නෙ මේකට ආපු Four Wheel Drive ( 4WD ) system එක. R34 එකට විශේෂයෙන්ම ආපු මේ system එක නම් කරල තියෙන්නෙ ATTESA-E-TS-PRO නමින්. මේකත් Electronically controlled system එකක්. මේකෙදි වෙන්නෙ වැඩි වේග වලදි හැරවීමේදී පසු පස රෝද lock කිරීම මගින් කාර් එක ලිස්සා යාමට ( drift ) ඉඩ හැරීමයි. ඒ මගින් වැඩි වේග වලදී නොපෙරළී ආරක්ෂාකරීව වංගු ගැනීමට හැකි වෙනවා.
Same AWD system that used in both R34 & R35
Two door coupe ආකාරයෙන් පැමිණි මෙම Nissan Skyline GT-R R34 V-Spec කාර් එකේ සැලැස්ම නිර්මාණය කරේ Kozo Watanabe කියන පුද්ගලයා යි. 1999 දී නිශ්පාදනය ආරම්භ කර, 2002 වසරේ අගෝස්තු මස් 29 දින නිෂ්පාදනය නවත්වන විට R34 V-Spec ( BNR34 ) රථ 11,577 ක් ඇතුළුව මුළු R34 ( ER34, ENR34, HR34 ) රථ 67,211 නිෂ්පාදනය කර ඇත.

මං හිතන්නෙ අද ඔයාල මේ කාර් එක ගැන ගොඩක් දේවල් දැනගත්ත. ලබන සතියේ ගොඩක් අය ආස තවත් කාර් එකක් ගැන විස්තරයක් බලාගන්න පුලුවන්. මේකෙ වැරදි අඩු පාඩු, ප්‍රශ්න මොනවහරි තියෙනව නම් comment එකක් දාන්න අමතක කරන්නෙපා. ඒ වගේම තව ආස කාර් මොනවද කියලත් comment කරන්න ඒව ගැනත් මේ වගේම අපි කතා කරමු.
Currently working as a Web Developer. Full time Car lover.
What a fantastic article!
Thank you so much.
Grate story. Keep it up bro 👌
Thank you so much. Yeah sure 🙂
Incredible work Yasiya !! Keep it up…
Thank you so much brother!
Nicely written…waiting for ur next article ☺️
Thank you so much akke 🙂
දන්නැති දේවල් ගොඩක් අහු උනා බං මේකෙන්…
අහන්නත් සතුටුයි. හැම සතියෙම බලන්න අලුත් Article එකක් දානවා මෙ වගෙම 🙂
Superb article Malli! good job! cheerz!
Thank you so much ayye 😋🙌
Fb 1 නිකම් උඩහ පහල ගිහින් නාස්ති කරන වෙලාව මෙ වගෙ වෙනස් කතා, විස්තර කියවන්න
මේ දීල තියන අවස්තාව නියමයි සහෝදරයා,
දිගටම මේ වගෙ අලුත් දෙවල් ගේන්න,👍
Good luck