ETHICAL HACKING දෙවන කොටස Footprinting(පා සටහන්)

READ IN 1 MIN

මොකක්ද මේ footprinting කියන්නේ..
සරලවම කිව්වොත් footprinting කියන්නෙ හැක් කිරීමට බලාපොරොත්තු වන ඉලක්කය පිළිබඳව දත්ත එකතු කරන technique එකක්.
ඉලක්කය පරිගණක පද්ධතියක්, මෘදුකාංගයක් හෝ ඕනෑම දෙයක් විය හැක. මෙය තමයි හැක් කිරීමකට වැඩියෙන්ම කාලය ගතවන කොටස. මෙහිදී සිදු කරන දත්ත එකතු කිරීමෙහි සාර්ථකත්වය මත ප්‍රහාරයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතිනවා. මේ තොරතුරු ලබා ගැනීමට හැකරුවෙකු විසින් බොහෝ උපාංග හා උපක්‍රම භාවිතා කරනු ලබයි.

ඇයි මෙය සිදු කරනුයේ?
මෙමගින් පෙර තොරතුරු රැස්කර ගැනීමට හැකිවීම තුලින් ප්‍රහාරයට පෙර ප්‍රහාරය දියත් කලයුතු ආකාරය, ප්‍රහාරයට ලක්විය යුතු කොටස් පිළිබඳ අධ්‍යනයක් කිරීමට හැකිය.

මෙමගින් අප කුමක් රැස්කරගත යුතුද ?
අප විසින් අදාළ ඉලක්කය පිළිබඳව උපරිම දත්ත ප්‍රමාණයක් රැස්කරගත යුතුය. එහි තිබෙන loopholes, ආරක්ෂක දුර්වලතා සහ mapping.

ආයතනයකට ප්‍රහාරයක් එල්ල කරනවා නම් එම ආයතනයෙහි දත්ත, පාරිභෝගික දත්ත, සේවක දත්ත, ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපින ආදියද, ආයතනයේ පරිගණක පද්ධතියත් සමග සම්බන්ධ වනවානම් එය පිහිටි ස්ථානය, සංඛ්‍යාත පරාස, ආරක්ෂණ පද්ධතිය පිළිබඳ, විවෘත ports, සේවාවන් පිළිබඳ දත්ත

Footprinting සිදුකරන ක්‍රමවේද

1) සෙවුම් යන්ත්‍ර මගින්
2) Google hacking techniques
3) Spidering/ Crawling
4) Social Networking/ Social Engineering
5) Competitive Intelligence
6) Website
7) Emails
8) DNS
මේවා පිළිබඳ ඉදිරියේදි විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා.

Footprinting Report

අවසානයේදී මෙලෙස එක් කරගනු ලැබූ දත්ත වාර්තාවක් සකසා ගැනීම වැදගත් වේ.
එහි එකතු කරගන්නා ලද දත්ත සියල්ල එක්රැස් කරගැනීම වැදගත්‍. ඒමගින් අත්‍යාවශ්‍ය දත්ත මග හැරීම වැළකීමක් සිදුවේ.
එම දත්තවලින් හොඳ ප්‍රහාරයට වැදගත් දත්ත එක්රැස් කරගැනීම හා වැදගත් දත්ත හදුනාගැනීම සිදු කළ හැක.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *