go2go Sri Lanka – යන එන තැන් දැන් ඔ‌‌බේ අත ළග

READ IN 3 MINS

අද අපි කථා කරන්න යන්නේ ඔයාලට මේ දවස් වල ගොඩක් වටින App එකක් ගැන. හිතන්න ඔයාලා කොහේ හරි නොදන්න ප්‍රදේශයකට යනවා, ඉතින් ඔයාට ඕනේ වෙනවා ඒ ප්‍රදේශයේ තියෙන මොකක් හරි ස්ථානයක් හොයාගන්න. උදාහරණයකට ගත්තොත් පන්සලක්, Office එකක්, රෙස්ටුරන්ට් එකක්, shop එකක්, institute එකක් වගේ. මුලින්ම හැමෝම කරන දේ තමයි google map search කරන එක. සමහර වෙලාවට අපිට හරි තොරතුරු ලැබෙනවා වගේම සමහර වෙලාවට එහෙම නෑ. ඉතින් අද අපි කතා කරන්නේ ඒ වගේ අපහසු අවස්ථාවකදී වුණත් කිසියම් ස්ථානයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් App එකක් පිළිබඳවයි. ඒ තමා go2go Sri Lanka කියන App එක. මේ App එකේ නිර්මාතෘ වන්නේ Nebulo Apps කියන කණ්ඩායම. මේ App එක අපිට use කරන්න release උනේ 2019.05.11 ඒ කියන්නේ ඊයේ දිනයේදී.

Download link: https://play.google.com/store/apps/details?id=com.nebulo.go2go

ඉතින් මේ ඇප් එක මොකක්ද, එකෙන් වෙන්න කර්තව්‍යය ගැන දළ අවබෝධයක් දැන් ඔයාට තියෙනවා. දැන් අපි බලමු මේ app එකේ තියෙන සුවිශේෂතා මොනාද කියලා (features).

  • ඔයාගේ phone එකේ location on කරල ඔයා අවට තියෙන වෙළඳසැල්, Office, Institute, ආගමික ස්ථාන වගේ දේවල් ඒ ඒ ස්ථානයට ඇති දුර ප්‍රමාණයත් සමග සියලුම විස්තර ඔයාට බලාගන්න පුලුවන්.
  • ඊලගට මේ app එකේ විශේෂම දේ තමයි AR (augmented reality) තාක්ෂණය එමගින් ඔයා කොතරම් නාගරික ප්‍රදේශයක සිටියත් AR තාක්ෂණය හරහා ඔයා හොයන ස්ථානය ඉතා නිවැරදිව පෙන්නුම් කරනවා. මේකෙදි වෙන්නේ phone එකේ කැමරාව හරහා අදාළ ස්ථානයට navigation එකක් ලබා දීමයි.
  • තමා අවට ඇති සියළුම ස්ථාන map මගින් පෙන්වනවා වගේම ඒ ඒ ස්ථානයට ඇති කෙටිම දුරත් අපිට map එක හරහා පහසුවෙන් බලා ගන්න පුළුවන්.
  • ඔයාගේ google+ ගිණුම හරහා ඉතා පහසුවෙන් මේ app එකට log වෙන්න පුලුවන් වගේම ඔයාගේ ව්‍යාපාරයක විස්තර, ඔයාගේ හිතවතෙකුගේ ව්‍යාපාරයක විස්තර මෙයට ඇතුළත් කරන්න පුළුවන්.
  • ඒ විස්තර ඇතුලත් කරද්දී ඒ ඒ ස්ථානයේ ඇතුළත හා පිටත ඡායාරූප මෙම ඇප් එක ඇතුලත් කරන්න පුළුවන්. ඒක මේ app එක use කරන අනෙක් usersලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
  • මේ app එකට ඇතුලත් කරලා තියෙන සියලුම ස්ථාන වර්ගීකරණය කරල තියෙන නිසා ඔයාට ඉතා ඉක්මනින් වගේම පහසුවෙන් ඔයාට අවශ්‍ය ස්ථානය සොයා ගන්න පුළුවන්. Eg: restaurant, religion places, office, dress shops, institute.
  • මෙම go2go app එක හරහා usersලට පුළුවන් ඒ ඒ වෙළඳසැල්, ස්ථාන පිළිබඳව review එකක් හා rating එකක් ලබා දීමට ඒ මගින් ඔයාට ඒ ඒ ස්ථානයට යාමට පෙර ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්.

ඉතින් මේ ලිපිය කියවල බලල app එක use කරන සහ use කරන්න හිතාගෙන ඉන්න ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා, මේ ඇප් එක ඊයෙ release වුන නිසා ඔයාගේ නගරයේ තියෙන සියලුම වෙළඳසැල් සහ ස්ථාන පිළිබඳ තොරතුරු නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඔයාට පුලුවන් උපරිමයෙන් ඔයාගේ ප්‍රදේශයේ තියෙන ස්ථාන හා වෙළඳසැල් පිළිබඳ නිවැරදි තොරතුරු go2go වෙත ඇතුළත් කිරීමට අමතක කරන්න එපා.

ඒ වගේම තමයි මේ go2go පළවෙනි version එක නිසා පුංචි පුංචි bugs තියෙන්න පුළුවන්. ඊළඟ update එකෙන් ඒ bugs fix කරලා ඒවි. ඉතින් මේ වගේම ගොඩක් ප්‍රයෝජනවත් ඇප් එකක් සමග ඊලග ලිපියෙන් හමුවෙමු.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *