ඩාවින්ට පෙර මානව පරිණාමය පිළිබඳ මතවාද

READ IN 3 MINS

” ඔහු නිර්මාණය කළ සෑම දෙයක්ම අංග සම්පුර්ණ විය.හෙතෙම පළමුවෙන්ම මිනිසෙකු මැටියෙන් සෑදුවේය.අනතුරුව කුඩා දිය බිංදුවකින් මිනිස් පරපුර බිහි කලේය.අනතුරුව හෙතෙම සමානුපාතික ලෙස ඔහුගේ සිරුර සෑදිය.තමාගේ ජිවාත්මයෙන් කොටසක් ඔහුට පිම්බේය” (ශ්‍ර.කුරාණය)

මිනිසාගෙ උත්පත්තිය පිලිබදව මුල්ම මතවාදය ලෙස මිනිසා මැවිම පිළිබදව දෙවියන් වහන්සේගේ හාස්කම ගැන පුරාවෘත්තයන් ඈත අතිතයේ සිටම මිනිසුන් අතර නොයෙකුත් ලෙස හුවමාරු විය.මෙම බොහෝ මතිමතාන්තර තුළින් ඔවුන්ගේ සමාජ හා ආර්ථික පරිසරය, සංස්කෘතික පරිසරය මේ පුරාවෘත්ත වලට කොතරම් බලපෑවේද යන්න ඒ පුරාවෘත්ත තුලින් මැනවින් නිරූපණය කරයි. නිදසුනක් ලෙස ඇසිරියාව, බැබ්ලොනියාව, ඊජිප්තුව, යුදෙව් ආශ්‍රිතව වලං කර්මාන්තය හා මුර්ති කලාව පුළුල් ලෙස පැතිරි තිබිණි. ඔවුහු විශ්වාස කරන පරිදි දෙවියන් වහන්සේ විසින් මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජිවන හුස්ම පිඹ, ආත්මය ඇතුලු කළ බවයි.

එසේ වුවද මෙම දෙවියන් වහන්සේ විසින් මිනිසා නොමැවු බවට විශ්වාස නොකළ පිරිසක්ද අතීතයේ සිටිහ.ඒ පිළිබදව අවධානය යොමු කරන විට මුලින්ම කියවෙන්නෙ ක්‍රි.ව. පෙර 95-51 අතර කාලයේ පුරාතන රෝමයේ විසු ලුක්‍රේසියස් කාරුස්‍ ය.ඔහු විසින් ලියන ලද බවුතිකවාදි කාව්‍යය වන “ද්‍රව්‍යන්ගේ ස්වාභාවය” නම් පොතෙහි මුලින්ම මිනිසා දෙවියන් වහන්සේ විසින් මැව්වක් නොවන බවත් එය ස්වාභාවිකව සම්භාව්‍ය වු බව සදහන් වේ.එනම් මහපොළව සරු සාරත්වයෙන් පිරි පැවති සමයකදි ඉන් මිනිසුන් උපත ලද බව ලුක්‍රේසියස් සදහන් කළහ. පෘථිවියේ ඇතිවුණු අනපේක්ෂිත එම දරුගැබ තුලින් මිනිස් බිලිඳුන් උපන් බව යන ලුක්‍රේසියස් ගේ චින්තනය සාවද්‍ය වුවත් එය ඉතිහාසයේ වැදගත් අවස්තාවක් විය.මක් නිසාද කිවහොත් එය පැවති ආගමික මිත්‍යා වලට විරුද්ධව මතු කළ මුල්ම කැරලිකාර අදහසක් විමයි.

ඉන්පසුව මිනිසාගේ සම්භාව්‍ය පිළිබදව අදහස් මතු වන්නේ ග්‍රීක අදේවවාදියකු වු එපිකුරස් ගේ කෘති වලිනි.එපිකුරස් ගේ මතය ලුක්‍රේසියස් ගේ මතය සමග එකඟ විය.ඒ අනුව එපිකුරස් විසින් මිනිසා මෙලොව ඉපදිම දෙවියන් වහන්සේගේ මැවිමක් නොවන බවත් එය ස්වාභාවික ප්‍රපංචයක් බවත් තව දුරත් ඔහුගේ කෘතියෙන් පෙන්වාදෙන ලදි.

මෙලෙස ලුක්‍රේසියස් ගේ ස්වාභාවික සම්භාව්‍ය මතවාදය හෙලි කිරිමේදී ඔහුට සියවස් ගණනාවකට පෙර සිටි උගතුන්ගේ අදහස්, උගැන්වීම් ද පදනම් වී ඇත.පුරාතනයේ විසු පඩිවරුන් විසින් මිනිස් සිරුර හා අවයව පිළිබඳව විශ්ලේෂණය කොට මිනිසාගේ ප්‍රයෝජනවත්ම ශ්‍රමයේ අවයවය අත බව පෙන්වා නිගමන වලට එලඹුණහ. දර්ශනවාදි අනක්සහෝරස්ගේ හා සොක්‍රටීස් ගේ කෘතින් වල මේ වැදගත් අදහස් ගැබ්ව ඇත.තවද අනක්සිමන්ඩර් හා එම්පෙඩෝක්ලස් විසින් මිනිසාගේ ස්වාභාවික වර්ධනය ගැන කතා කළහ.

ඇරිස්ටොටල් හා හිප්‍රොක්‍රාට් ගේ කෘති වලද පුරාතනයේ විසු ප්‍රකෘති වාදින්ගේ හා වෙද වරුන්ගේ කෘති වලද මිනිසා හා අනෙකුත් ක්ෂිරපායි සතුන් අතර සමානකම් හා අසමානකම් පිළිබඳව පර්යේෂණ පැවත්විම්, විස්තර වාර්තා ලිවිම් අරභයා වු සමහර විද්‍යාත්මක පදනම දක්නට ලැබේ.ඒ අතරින් ඇරිස්ටොටල් විශාලතම සේවයක් කර ඇත.එනම් මිනිස් සිරුර පිළිබඳව සවිස්තරාත්මක පර්යේෂණ කිරිමද සත්තව ලෝකයේ මිනිසා සතු ස්ථානය සටහන් කිරිමද ඔහු විසින් පළමුවෙන්ම ඉදිරිපත් කලහ.මිනිසා හා තිරිසනුන් අතර ප්‍රධාන වෙනස්කම් ලෙස මිනිසාගේ සෘජු ගමන් කිරිමේ විලාසය, විශාල මොළයද, කතා කිරිමේ හැකියාව හා බුද්ධිමය බව ඇරිස්ටොටල් පෙන්වා දුන් අතර මෙම විශේෂතාවයන් පර්යෙෂණ වලටද භාජනය කළහ.

ඊට පසු කාලයේදි රෝම වෛද්‍යවරයෙකු මෙන්ම ව්‍යවාච්ජේදකයකු ද විද්‍යාඥයෙකු වු ක්ලව්ඩියස් ගැලෙන් විසින් මිනිස් හා වානර සිරුර හා ව්‍යුහය අතර ඇති සමානකම් හා අසමානකම් පිළිබදව පෙන්වා දෙන ලදි.මිනිස් සමාජයේ සංවර්ධනය වැඩිවෙත්ම මිනිසා හා සත්ත්ව ලෝකය පිළිබදව දැනුමද ක්‍රමයෙන් වැඩි විය.ඉතා අල්ප ස්ථිර දැනුම හා බහුල අනුමාන, නිගමන විසින් මිනිස් ව්‍යවච්ජේදනය හා කායික විද්‍යාව කෙමෙන් වර්ධනය විය.එයට අන්දේයස් වෙසාලියස් හා විලියම් හාවීගේ කෘතින්ද මෙන්ම පර්යේෂණ ක්‍රම පිලිබදව ප්‍රතිසංස්කරණයන් ඇති කිරිමෙන් මිනිස් සිරුර පිළිබඳව සැබෑ දැනුමක් ලබා ගැනිමට විද්‍යඥයන් සමත් විය.

විද්‍යා ඉතිහාසයේ මානව විද්‍යා ප්‍රවේණියට වානරයින් ගැන, විශේෂයෙන් මානවකල්ප වානරයන් දැනගැනිම ඉතා වැදගත්ය.යුරෝපයට මුලින්ම චිම්පන්සියෙකු ගෙන එන්නෙ 1699දිය. ඒ ඉන් ප්‍රයෝජනය ගත් ඉංග්‍රීසි ජාතික ව්‍යවච්ජේද විද්‍යඥයෙකු වු එඩ්වඩ් ටයිසන් විසින් චිම්පන්සින් ගේ ව්‍යුහය පිළිබදව විස්තරාත්මක පොතක් රචනා කරන ලදි.එනම් ” ඔරාංඔටාන් හෙවත් කැලෑ මිනිසා, වානරයාගෙ, පිග්මියාගේ සහ මිනිසාගේ සංසන්දනාත්මක ව්‍යවච්ජේදය” නමිනි.

මේ අතර 18 සියවසයේ ස්විඩන් ජාතික කාල් ලින්නෙ විසින් සත්ත්ව ලෝකය වර්ග කිරිමේ ක්‍රමයට මිනිස් (Homo) වර්ගයා නමැති ගණයද, නුවණැති මිනිසා ( Homo Sapiens ) නමැති එකම විශේෂයද ඇතුලු කළේය.එම ගණය හා විශේෂය ඔහු සටහන් කරේ මානවකල්ප වානරයන් ළඟින්මය.කෙසේ නමුත් ලින්නෙ මැවුම්වාදියෙකි.ඔහු මිනිසාගෙ බුද්ධිය දේවමය ප්‍රඥාවේ කොටසක් බව පිළිගත්තේය.

මතු සම්බන්ධයි…

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *