ඔයා පාවිච්චි කරන Device එක Secured ද ?

READ IN 3 MINS

අද වනවිට තොරතුරු තාක්ෂණ ලෝකය තුල විශාල කතාබහකට ලක්වන දෙයක් තමයි, පරිගණක පද්ධති තුලට අනවසරයෙන් ඇතුළුවීම (Hacking) කියන දෙය. IOT (Internet Of Things) devices භාවිතය ඉහළ යාමත් සමග මෙම සිදුවීම් වල විශාල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතින් ඔයා ඔයාගේ අතේ තියෙන Mobile Phone එකේ ඉදලා ඔයා භාවිත කරන Laptop / Workstation එක දක්වාම මේ තර්ජනයට ලක්ව තියනවා කියනවනම් නිවැරදියි. දැනට ලෝකයේ කොහෙහරි කාගේ හරි Device එකකට අපිට ඇතුළු වෙන එක ලොකු දෙයක් නෙමේ කිව්වොත් ගොඩක් අය පුදුම වෙන්නේ නැහැ. මොකද අඩු තාක්ෂණික දැනුමක් තියන ගොඩක් දෙනා ගොඩක් වෙලාවට තමන්ගේ devices වල , default usernames සහ default passwords වෙනස් කිරීමක් කරන්නේ නැහැ. උදාහරණයක් විදියට ලංකාවේ ප්‍රසිද්ධ අන්තර්ජාල සැපයුම්කරුවන් විසින් ලබාදෙන devices වල default login details ; Username : Admin සහ Password : password ලෙස ඇති අතර, එය වෙනස් කරන පරිශීලකයින් සිටින්නේ ඉතා අඩුවෙනි. එහෙමත් නැති නම් සමහර අය පහසුවට තමන්ගේ පරිගණක පද්ධති වලින් මුරපද (Passwords) ඉවත් කරනවා. ඉතින් මේ විදියට වැඩිපුර තමන්ගේ දත්ත වල ආරක්ෂාව ගැන නොසිතන කෙනෙකුගේ පද්ධතියට ප්‍රවේශ වෙන්නේ කොහොමද කියල විස්තර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙහි ඉදිරියට එන සියලු කරුණු අධ්‍යාපනික අරමුණු සදහා පමණි. අනවසරයෙන් මෙය සිදුකිරීම මගින් නිත්‍යානුකූලව ඔබ දඩුවම් ලැබිය හැකිය.

මුලින්ම ඔබ https://www.shodan.io/ යන වෙබ් අඩවියට පිවිසිය යුතුය. මෙම වෙබ් අඩවියට ලොව බොහෝ IOT devices ගැන තොරතුරු ඔබට පෙන්විය හැකිය.

shodan වෙබ් අඩවිය.

දෙවනුව ඔබ කලයුත්තේ එහි ඇති Textbox එක තුල Authentication disabled c$ යනුවෙන් ටයිප් කර Search කරන්න. එවිට පහත රූපයේ ආකාරයට ඔබට device list එකක් දක්නට ලැබෙනු ඇත.

ඊළගට වින්ඩෝස්හි ඇති RUN dialog box (Start + R ) එක ලබාගෙන පහත ආකාරයට මෙම වෙබ් පිටුවේ දැක්වෙන IP Address එකක් ලබාදීමෙන් (\\ipAddress) ඔබට පහත ආකාරයට එම පරිගණක පද්ධතිය තුලට පිවිසිය හැකි වනු ඇත.

මෙහි ඇති ඕනෑම දත්තයක් ඔබට වෙනස් කිරීමට , මකාදැමීමට සහ නව දත්තයන් එකතු කිරීම සිදු කළ හැක. තවද මෙම මුද්‍රණ යන්ත්‍රය (printer) වුවද භාවිත කල හැකිය.

තවද මෙමගින් මෙහි මෙම පද්ධතිය පිහිටා ඇති ස්ථානයද මෙම පද්ධතිය භාවිත කරන තාක්ෂණයන් පිළිබදවද තොරතුරු ලබාගත හැකිය.

Device Details , Containing technologies, location, pots and other details

මෙලෙස ඕනෑම කෙනෙකුට ප්‍රවේශය ලබාගත හැකි පද්ධතීන් අතර ඔබගේ ඔබගේ ස්මාර්ට්ෆෝන් එක , එහෙමත් නැත්තම් ඔබගේ පරිගණකය වුවුද තිබිය හැකිය. එමනිසා හැකි සැමවිටම ඔබගේ සියලු devices යාවත්කාලීන කරන ලද (Updated) තත්වයේ පවත්වාගැනීම, මුරපද භාවිතය සහ නිතර මුරපද වෙනස් කිරීම යනාදී ක්‍රම මගින් සයිබර් අවකාශයේ පෞද්ගලිකත්ය ආරක්ෂා කර ගැනීමට යම් පිටිවහලක් ලබාදෙනු ඇත.

ස්තුතියි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *