උණුසුම් කාළගුණයට එකම විසඳුම

READ IN 2 MINS

මේ දවස් වල කවුරුත් කතා කරන මාතෘකාවක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ.දැන් ගොඩක් රස්නෙයි නේද? එකපාරම එහෙම වුණේ ඇයි කියල දන්නවද?

පරිසර උෂ්ණත්වයට විශාල බලපෑමක් කළ හැකි වායුවක් තමයි කාබන්ඩයොක්සයිඩ් කියන්නේ. නවතම අධ්‍යයනයන්ට අනුව විද්‍යාඥයින් පවසන්නේ මේ වන විට පෘථිවි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම වසර මිලියන තුනකින් දැක නැති ලෙස ඉහළ ගොස් ඇති බවයි. ඒ වගේම මේ වන විට මුහුදු මට්ටම අඩි 65 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ග්‍රීන්ලන්තය මේ වන විට සීග්‍රයෙන් දිය වීම මුහුදු මට්ටම වැඩි වීමට හේතුවයි.

දිනෙන් දින ඉහළ යන පරිසර උෂ්ණත්වය, දේශගුණික විපර්යාස සඳහා බලපාන ප්‍රධානතම හේතුව වන්නේ මිනිස් ක්‍රියාකාරකම් ය. පරිසරයට කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වායු විමෝචනය කිරීම මගින් ප්‍රධානම ලෙස උෂ්ණත්වය ඉහළ යන බව අපි හැමෝම දන්නා කරුණක්. ස්වභාවික සාධක මගින් පැහැදිලි කිරීමට නොහැකි තරමට පරිසර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසර 20 තුළ ලෝක පරිසර උෂ්ණත්වය 2°F කින් වැඩි වී ඇති බවත් ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය තව දුරටත් ප්‍රකාශ කරනවා.

මේ හැම විපර්යාසයකටම හේතුව වන්නේ අපියි. අපි පරිසරය විනාශ කිරීම නිසා නොදැනුවත්වම විනාශ වෙන්නේ අපිමයි. මෙහෙම උෂ්ණත්වය වැඩි වෙන්න බලපාන තවත් හේතුවක් තමයි අපේ රටේ වනාන්තර විනාශ කිරීම.එයින් අපිට වගේම සතුන් ද පීඩාවට පත් වෙනවා. ගස් කපනවා වෙනුවට කපන හැම ගහක් ගානෙම පැළයක් රෝපණය කරන්න අපිට පුළුවන්.තරුණ පරපුර විදියට හැමෝටම ආදර්ශයක් දෙන්න මෙන්න හොඳම අවස්ථාවක්.

ඉතින් ජූනි 5 දිනට, ඒ කියන්නේ හෙටට යෙදී ඇති ලෝක පරිසර දිනය පෙරටු කොටගෙන අපේ පුංචි දිවයින ඇතුළු මුළු ලෝකයම වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ඨ කරන්න, අපි හැමෝම පැළයක් හිටවමු. මේ වෙනුවෙන් EEEFA අපිත් පුංචි වැඩසටහනක් සුදානම් කරා. අපි මේ වැඩසටහන සංවිධානය කරේ Inspire Project එකක් විදියට.

සුවහසක් උපනූපන් හදගැස්මන් වෙනුවෙන් පෙරට එන අපේ ශක්තිය පෙන්වන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා හිටවපු පැළෙත් එක්ක selfie එකක් අරන් #GreenInspirer කියන හෑෂ්ටැග් එකත් එක්ක ඔයාගෙ account එකෙන් upload කරන ගමන්ම ඒක අපේ EEEFA fb පිටුවට tag කරන්න.

අපි ඔයා ලබා දුන්න ආදර්ශය හැමෝටම පෙන්වන්න අපි සූදානම්. අපේ FB page එකට inbox message එකක් විදියට හෝ (+94) 0773220010 අංකයට WhatsApp හරහා ඔබේ selfie එක අපට යොමු කරන්නත් පුළුවන්.

මතක ඇතුව ඔයාගේ පවුලේ අයටත්, යාළුවන්ටත් මේ පණිවිඩය ලබා දෙන්න.

#GreenInspirer #BeatAirPollution #eeefa #eeefaorg #WED
#World_Environmental_Day

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *