Bill Gatesගේ ජනේලයෙන් එළිය බලමු…

READ IN 4 MINS

ජනේලයෙන් එළිය…?

මොකක්ද මේ කියල ඔයාල බලනවා ඇති technological articles වල මොකද මේ ජනේලේ කියලා. Microsoft Windows operating system එක එහෙම නැත්තම් අපේ මේ කතාවේ “ජනේලය” ලොකෙන් සීයට 39.89% එහෙම නැත්තම් ලෝකෙන් වැඩිම ප්‍රමාණයක් පාවිච්ච් කරන පරිගනක මෙහෙයුම් පද්ධතිය, ඔයා මම අනිවාර්යෙන් පාවිච්ච් කරලා තියනවා. ඇත්තටම windows කියන්නේ ඔයත් මමත් ගෙවල ගන්න ඕනේ පරිගනක මෙහෙයුම් පද්ධතියක්. අපෝ නෑ මගේ එකනම් ගත්තෙ සල්ලි ගෙවන්නේ නැතුව ඔයා එහෙම හිතන්වා ඇති සමහර විට. නෑ නෑ ඇත්තටම ඔයා පාවිච්චි කරන්නේ crack කරපු එහෙම නැත්තම් මුදල් ගෙවන්නේ නැතුව අයථා විදිහට පාවිච්ච් කරන මෙහෙයුම් පද්ධතියක් එහෙම නැත්තම් වින්ඩෝස් 10 නම් KMS Auto Net පාවිච්ච් කරලා වින්ඩෝස් product key එක වගේ product key එකක් හදන් වෙන්න ඇති.

මොනවා උනත් ඔයා අන්තර්ජාලය පාවිච්ච් කරන වෙලාවට මේ වගේ හොර ක්‍රම පාවිච්ච් කරලා වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය පාව්ච්චි කරනවා කියලා මයික්‍රසොෆ්ට්ලා දැනගතාම කරන්නේ එයාලා එකට විරුද්ධව පියවර ගන්නවා ඒ කියන්නේ ඔයාට ඉස්සල්ලා warning නැත්තම් පූර්ව දැනුම්දීම් කරනවා original product key එකක් පාවිච්ච් කරලා ඔයාගේ වින්ඩෝස් genuine කරගන්න කියලා. එකත් ඔයා ගනන් ගත්තේ නැත්තම් ඔයාගේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ desktop එක කලු කරලා වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට අදාල විවිධ සේවා ටිකෙන් ටික ක්‍රියා විරහිත කරලා මෙහෙයුම් පද්දතිය වැඩ නොකරන තෙක් එය පත් කිරිමේ හැකියාවක් ම‍යික්‍රසොෆ්ට් සමාගමට තියෙනවා. ඇත්තටම crack කරපු වින්ඩෝස් වලට වඩා genuine වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ඉතාමත් smooth ආකාරයට වැඩ කරන්වා, ඒ වගේම graphics අතින් crack වලට වඩා උසස් තත්වයෙන් තියනවා. ඔයා මේ විදිහට crack එකක් පාවිච්චි කරනවා නම් ඔයා hack වෙන සම්බාවිතාවත් ඉතා වැඩියි. ඒ වගේම සමහර විට තව hacker කෙනෙක්ගේ zombie attack එකක් වෙලා ඉවරයි. මොකක්ද මේ zombie attack කියන්නේ කියලා ඔයාලා බලනවා ඇති මේ computer security ගැන පස්සේ කතා කරමු. ඒකට ආරම්භයක් විදිහට තමා අද මම මේ ජනේලෙන් පනින එක ගැන කියන්නේ. හරියටම වින්ඩෝස් පද්ධතියේ වැඩ කරලා ඇත්නම් ඔයාට මේ ගැන අත්දැකීම් ඇති.

Free and open source?

ඉතින් හැමදාම අපි සල්ලි දීලා ගන්න ඒවා හොරෙන් ගන්නවාද?
නැත්තම් අපිට වෙන විකල්පයක් තියනවද? ඔයාටත් මේ ප්‍රශ්නය ඇති. ඒකට විකල්පයක් තියනවා ඒ තමයි free and open source software. ඔයා පොඩි කාලෙ ඉඳන් පුරුදු උනේ වින්ඩෝස් නම් ටිකක් අමාරුයි තමයි. ඒත් අපිට කරදර කරන virus නැති, අපිටම ඕනේ විදිහට මෙහෙයුම් පද්ධතිය customize කරන් (ලස්සනට හදාගෙන) පාවිච්ච් කරන්න පුලුවන් අපේම මෙහෙයුම් පද්ධතියක් තමා මේ free and open source පරිගනක මෙහෙයුම් පද්දතියක් කියන්නේ. free software කියන්නෙයි free and open source software කියන්නෙයි දෙකක් කියලා ඔයාලා දන්නවා ඇති. ඒ ගැන අපි වෙනම ලිපියකින් කතා කරමු. free and open source software අපිට දෙද්දී ඒක හදන අය අපිට ඒ software එකේ source code එකත් අපිට දෙනවා. ඔව් ඒ කියන්නේ අපිට අපේම මෙහෙයුම් පද්ධතියක් හදාගෙන, එකේ තියන bugs අපිටම හදාගෙන පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම windows වල වගේ RAM එක ගොඩක් පාවිච්චි කරන්නේ නෑ. ජනේලෙන් පනින්න හොඳම විදිහ තමයි linux distribution එකකට මාරු වෙන එක .ලොකේ free විදිහට වැඩ කරන්න කැමති මුදල් බලාපොරොත්තු වෙන්නේ නැති ඉන්ජිනේරුවෝ එකතු වෙලා මේ මෙහෙයුම් පද්ධති කර්නලය හදලා තියෙනවා. ඇත්තටම මේ linux ඉතාමත් සාර්ථක මෙහෙයුම් පද්ධති කර්නලයක්. දැනට ලෝකේ මේ linux මෙහෙයුම් පද්දති කර්නලය භාවිත කරලා ඉතාමත් සාර්තක ආකාරයට විශාල ගානක් distributions ගණනක් නිමවිලා තියනවා. ඒ අතරින් Ubuntu, Linux Mint, Manjaro, Cent OS, Kali Linux, Parrot OS ප්‍රධාන තැනක් ගන්නවා. ඔයා computer security පැත්තට අසාවක් තියෙනවානම් Kali Linux සහ Parrot OS වැනි මෙහෙයුම් පද්ධති පිබඳව දැනුමක් තිබීම ඉදිරියට අනිවාර්‍යයෙන්ම වටිනවා.

Multimedia වැඩ කරන අය සහ windows

ඔයා graphic designer කෙනෙක් එහෙමත් නැත්නම් multimedia පැත්තේ වැඩ කරන කෙනෙක් නම් ජනේලෙන් පනින්න එපා. ඒක මම ඔයාට විශේෂයෙන්ම මතක් කරනවා. මොකද මේ open source පැත්තේ තවමත් ඒ software දියුණු වෙලා නෑ, තියෙන software තාම සාර්ථක නෑ.

උදාහරණයක් විදිහට අපි සාමාන්‍යෙන් එදිනෙදා පාවිච්චි කරන adobe creative suite එක ඉතාමත් සාර්ථක software එකතුවක්. ඒත් ඒවා ලබාගැනීමට නම් ඉතාමත් විශාල මුදලක් වැය වෙනවා. ජනේලෙන් පැනලා Adobe pack එකට සමාන free software එකක් ගන්න බැරිද? ඔව් පුලුවන්. ඒත් ප්‍රශ්නයක් තියනවා මේ free software ගත්තට අපිට ඉගෙනගන්න ටිකක් අමාරුයි. මොකද අපිට මේවා ගැන ඉගෙනගන්න youtube එකේ මේ free software ගැන tutorials අඩුවක් තියෙනවා. ඒත් වෙනත් සාමන්‍ය software වලින් නම් අඩුවක් නෑ. උදාහරනයක් විදිහට අපි හැමෝම දන්න Microsoft office pack එක වෙනුවට open office එක තියනවා. මේ Microsoft office pack එක ඉතා විශාල මුදලක් වෙනවා. ලංකාවේ අපිට සල්ලි දීලා software ගන්න සිරිතක් නෑ. ඇත්තම අපි පාවිච්චි කරන්නේ පොඩි කාලේ ඉදලා මේ crack. ඇත්තටම මේ සමහර software අවුරුද්දක ගාන ලංකාවේ මාසේ පඩිය රුපියල් 25000/= ගත්තානම් මාස 4ක පඩිය. ඒකයි අපි මේ free open source software පාවිච්චි කරන්න පෙළබෙන්න ඕනේ .අපි පරිගනක ආරක්ශාව ගැන නොහිතුවාට මේ crack අපිට විශාල තර්ජනයක්. අපී දැනට නතර කරමු.

මේ ජනේලෙන් පනින කතාව ඉවර නෑ අපි තවත් මේ වගේ වැදගත් කතාබහකින් එකතු වෙමු. ඔයාලට මගේ මේ තර්ක වලට එකග වෙන්න බැරිනම් ඔයාලගේ තර්ක comment එකකින් දාන්න.බලමු අපි ජනේලෙන් පනිමුද නැද්ද කියලා.

You may also like...

34 Responses

  1. shakkya says:

    Great…!!!

  2. Amanda says:

    ජනෙල්ලෙන් පනිමු 😀 super 👌

  3. Dilunika says:

    Keep it up bro✌

  4. Charun says:

    Open source OS ekaka security eka kohomada mta eka danaganna puluwan da? Windows walata wada safeda? Nadda?

    • Amal Peiris says:

      @Charun
      ඇත්තටම හොද ප්‍රශ්නයක්
      Linux වලට අපි හැමෝම දන්න virus නෑ. ඒ වගේම security අතින් Linux වලට virus gard හදන companies ,virus gard හදන්නේ නෑ. Linux ඉතාම ආරක්ශිතයි. Hack කරන kali linux පවා linux පරිගනක මෙහෙයුම් පද්දතියක්. Linux වලට virus නැත්තේ ඇයි කියලා අපි වෙනමම කතා කරමු.

  5. yasmitha says:

    this has been really helpful! and Nicely explained Thank you!

  6. ආකාශ් says:

    බලාපොරොත්තු උන ජනේලෙ නෙවේ තිබ්බෙ ඈ… මම හිතුවෙ පෙරේද ඉවෙන්ට් එක ගැන ලියල කියල බං…

  7. Pathum says:

    Ela machn 😍

  8. Senith says:

    Super machn

  9. Januwa says:

    Nice one machan… digatama liyapan. Api kiyawanawaa…

  10. Prabhath Madushanka says:

    Adoooooh uba mewwath dannawada bng…

  11. Dasuni says:

    Good job 👍

  12. Ravindu Arsakulasooriya says:

    Good article❤

  13. Nonim Samarakoon says:

    Superb👍

  14. Bumindu says:

    Keep it up.need more articles.

  15. Raveen says:

    Great work mchan !!!

  16. Dinuka says:

    Superb mcn💪💪

  17. Chamod Kanishka says:

    උඩ තිබුනු comment එකක් දැකලා මේක අහන්න හිතුනේ. සාමන්‍ය ලිනක්ස් පරිගණක වලට Virus gurd වගේ දේවල් නැති උනාට, servers side එකේ භාවිතා වෙන linux වලට හුගක් ආයතනවලින් ආරක්ශිත පද්දති නිර්මාණය කරලා තියෙනවා. ඒ ඇයි . ආරක්ශාවක් තියෙනවනම් එහෙම කරන්නෙ ඇයි. අනික linux පද්දති වලට virus අඩු වෙන්න හෙතුවක් තියෙන්නෙ virus එකක් අවත් එකට ක්‍රියත්මක වෙන්න පරිශීලකයාගේ අවසරය ඕනේ වීම, අනික එවට තියෙනවා ඒ වට ආවෙනික virus සාමන්නයෙන් ගත්තම ප්‍රතිශතයක් විදිහට linux මෙහෙයුම් පද්දතිය භාවිතාව අඩු නිසාඒ virus පැතිරීමත් අඩු මට්ටමක තියෙන්න හේතුවක්.

    ඒ වගෙම kali linux, parrot os එකට අමතරව black arch linux, blackbox වගේ එවත් හොදයි security ඉගෙන ගන්න කෙනෙකුට

  18. Cassy says:

    Good attempt Aiya 👍 Good luck with the future articles.😊

  19. Nadeeshani says:

    Easy to understand. Good try. Good luck 👍

  20. Buddhini says:

    Well done!! Keep it up & looking forward for the next article..

  21. Gabriel Delon Palipane says:

    An interesting article. Hoping for more. Keep it up.

  22. Chamal says:

    Great 👍

  23. Madhawa says:

    Good article mchn! looking forward to read more from you. Good luck!

  24. Heshara says:

    Superb stuff brother!

  25. Dimesh says:

    Good article Amal. keep it up

  26. Buddhini says:

    Well done!!! Keep it up..👍

  27. Priyantha says:

    Congrats…Son keep up the good work.

  28. Dilan says:

    Great👏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *