NodeJS කියන්නේ මොකක්ද?

READ IN 2 MINS

ඒ ගැන කියලා දෙන්න කලින් JavaScript කියන්නෙ මොකක්ද කියලා දැනගන්න ඕනෙනේ. JavaScript කියන්නේ උසස් මට්ටමේ interpreted පරිගණක භාෂාවක්. ඒ ගැන විස්තරාත්මකව වෙනම කියලා දෙන්නම්. හුගක් වෙලාවට මේ JavaScript යොදාගන්නෙ වෙබ් අඩවි නිර්මාණය කරන්න. වෙබ් අඩවි නිර්මාණය කරද්දි  මූලිකවම යොදාගන්නේ HTML, CSS, JavaScript කියන 3 නේ. ඒ වගේම JavaScript  ක්‍රියා කරන්නේ Userගේ Browser  එකේනේ. ඉතින් කොහොමද මේ  JavaScript browser එකෙන් පිටදි ක්‍රියා කරන්නෙ?

එතකොට මේ NodeJS කියන්නේ මොකක්ද? NodeJS සහ JavaScript අතර සම්බන්ධය මොකක්ද? NodeJS කියන්නේ විවෘත මෘදුකාංගයක්. ඕනේ කෙනෙක්ට නොමිලේ පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම මේක Windows, Mac, Linux, Unix වගේම තවත් මෙහෙයුම් පද්ධති කිහිපයක් සඳහාම ලබාගන්නත් පුලුවන්. nodejs.org කියන වෙබ් අඩවියෙන් ඕනේම කෙනෙකුට මේක Download කරලා  use කරන්න පුලුවන්.

මේක  cross-platform JavaScript Run Time environment එකක්. ඉතින් මේ NodeJS කියන server එක හරහා JavaScript browser එකෙන් පිටදී භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ NodeJS JavaScript Server එක තුලදී භාවිතා කරන නිසා JavaScript Browser එකෙන් පිටදී Execute කරන්න පුලුවන්. සරලවම කිව්වොත් Server Side JavaScript තමයි මෙතනදි වෙන්නේ.

ඉතින් අපි බලමු JavaScript file එකක් කොහොමද NodeJS එකේ run කරන්නෙ කියලා.

මුලින්ම අපි Desktop එකේ Folder එකක් හදාගමු. ඊට පස්සේ ඒක ඇතුලේ myfirst.js කියලා file එකක් හදාගන්න. ඉතින් ඔයාලට මේක Notepad එකෙන් කරගන්න පුලුවන්.

ඊට පස්සේ ඒකේ මේ Code  එක ලියන්න. ඉතින් මේක තේරුම් ගන්න මූලික JavaScript දැනුමක් තියෙනවා නම් ලේසී.

Var http = require(‘http);

http.createServer(function (req, res) {

res.writeHead(200, {‘Content-Type’: ‘text/html});

res.end(‘Hello World’);

}).listen(8080);

ඊට පස්සේ ඒක Save කරලා Command Prompt එක open කරගන්න.

ඊට පස්සේ ඒක Locate කරන්න අදාල Folder එක ඇතුලට. ඉතින් ඔයාලට CD command එක හරහා locate කරගන්න පුලුවන්.

ඊට පස්සේ CMD, Terminal එකේ node myfirst.js command එක type කරලා enter කරන්න.

ඊට පස්සෙ ඔයලාට පෙනෙයි Node Server එක Terminal එකේ open වෙලා run වෙනවා. ඊලඟට ඔයාලගේ browser එක open කරලා http://localhost:8080 කියලා type කරලා enter කරන්න. එතකොට ඔයාලට පෙනෙයි tab එකේ Hello World කියලා display වෙයි.

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් කොහොම උනත් Browser එකේනේ පෙන්නන්නේ කියලා. ඉතින් මෙ node server එකත් එක්ක හම්බෙන Node Package Manager එක භාවිතා කරලා Mobile applications develop කරද්දී එක හොදටම පැහැදිලි වෙයි. ඒ වගේම Web Application Development Framework භාවිතා කරන්නත් පුලුවන් මේ හරහා.

ඇත්තටම මේක වැඩ කරන විදිහ හරියටම තේරුම් ගන්න ඕනෙ නම් කරලම බලන්න වෙනවා..

You may also like...

1 Response

  1. July 2, 2019

    […] නෑ. ඉතින් NodeJS ගැන දන්නේ නැත්නම්  NodeJS Article එකත් […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *