Digital Marketing ගැන ඉගෙනගමු

READ IN 3 MINS

තොරතුරු තාක්ෂණය ඉතාම දියුණු යුගයක ජීවත් වෙන අපි, අපේ බහුතරයක් දෛනික කටයුතු වලට අන්තර්ජාලය බහුලවම යොදාගන්නවා. ඔයාල විශ්වාස කරනවද මම කිව්වොත් මේ මොහොතෙදිත් දහස් ගණනකින් අන්තර්ජාලය භාවිත කරන සංඛ්‍යාව වර්ධනය වෙනවා.

Pew Research ආයතනයට අනුව ලෝකෙ, වැඩිහිටියන් ලෙස අප සලකන පිරිස අතර මේ නියත අන්තර්ජාලය භාවිත කිරීම (constant internet using) පසුගිය අවුරුදු තුන ඇතුළත 5% ප්‍රතිශතයකින් වර්ධනය වෙලා තියනවා. මේ ප්‍රතිශතය වැඩිවීමට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නෙ, මිනිස්සු offline marketing වලින් ඉවත් වෙලා online marketing එහෙමත් නැතිනම් digital marketing කියන concept එකට මාරුවීම නිසා. ඉතින් එහෙම පෙරළියක් කරපු online/digital marketing ගැන අපි කතා නොකර ඉන්නෙ කොහොමද ?

Marketing කියන්නේ මොකක්ද කියලා සරලව කිව්වොත්, ඒකේ අදහස තමයි, අපි අතර තියෙන සම්බන්ධතාවයන් වැඩිදියුණු කරනවා කියන එක.අනිවාර්යයෙන්ම වෙළඳ කටයුත්තකදි අපිට communication කියන එක ඉතාම වැදගත්. හරි අවස්ථාවේදි නියම වෙලාවේදි අපේ පාරිභෝගිකයන්ට ආමන්ත්‍රණය කිරීම තමයි අපි අලෙවිකරණ, එහෙම නැත්තම් marketing කියල අදහස් කරන්නෙ.

මේ digital marketing කියන concept එක යටතේදී, “Inbound Marketing” කියන්නෙ ඉතාම වැදගත් මාතෘකාවක්. මොකද කිව්වොත් inbound marketing හරහා අපිට අපේ පාරිභෝගිකයන්ව ඉතාම ආකර්ශනීය ආකාරයකට ඔවුන්ගේ අවධානය අප වෙත යොමුකර ගැනීමේ හැකියාව ලැබී තියෙනවා. නමුත් අද වෙද්දිත් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි, හරියටම pitch වෙන විදියට මේ digital marketing කියන concept එක භාවිතා කරන්නෙ කොහොමද? ඒ ඔස්සේ තමන්ගෙ නිශ්පාදනයක්, තමන්ගෙ brand එකක්, හරියටම online market කරන්නෙ කොහොමද කියන එක.

ඉතින් මම හිතුවා ඒ ගැන කතාකරන එක ඇත්තටම වැදගත් කියල, මේ කාලෙත් එක්ක බලද්දි.

අපි දකිනවා, Facebook එක internet එක හරහා අද වෙද්දි ගොඩක් online business තියනවා.සමහර business කාලයත් එක්ක ඉතාම දියුණු තත්ත්වයකට පත්වෙනවා වගේම සමහර business ඉතාම ඉක්මනින් නැතිවී යනවා.හැමෝම කරන නිසා trend එකට වගේ පටන් ගත්තට, ලේසි කියල හිතුවාට online/digital marketing කියන්නෙ එහෙම ලේසියෙන් ඉතාම හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි. කරන්නෙ online උනත් තමන්ගෙ business එක වෙනුවෙන් දරුවෙක්ව උස්මහත් කරනවා වගේ බොහොම ආදරේකින්, කැපවීමකින් මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා.

ඉතින් මේ digital marketing ඔස්සේ අපි මාතෘකා කීපයක් ගැන කතා කරන්න ඕනෙ කියල හිතුවා. ඒ තමයි,

1) Digital marketing කියන්නෙ මොකක්ද?

2) Digital marketing උදාහරණ මොනවාද?

3) Digital marketer කෙනෙක් කියන්නෙ කවුද? එයා ඇත්තටම මොනවාද කරන්නෙ?

4) Inbound marketing vs Digital marketing සහ මොකක්ද මේ දෙකේ වෙනස?

5) හැම ව්‍යාපාරයක්ම digitally market කරන්න පුළුවන්ද?

6) ව්‍යාපාරයකට digital marketing කියන භූමිකාව කොයිතරම් වැදගත්ද?

7) මොනවගේ digital content එකක්ද අප විසින් ක්‍රියාත්මක කළ යුත්තේ?

8) ප්‍රතිපල ලැබෙන්න කොපමණ කාලයක් යනවද?

9) ලොකු budget එකක් අවශ්‍යයිද?

10) Mobile marketing concept එක digital marketing concept එකට fit කරන්නෙ කොහොමද ?

ඉතින් මේ මාතෘකාවන් එක්ක අපි ඉදිරියටත් මේ Digital marketing ගැන අපි තවදුරටත් කතාකරමු.

ඉතින් සරලවම කිව්වොත් digital marketing කියල කියන්නෙ online platform එකක අපි විසින් කරගෙන යන marketing promotion එකක් .ඒ කියන්නෙ electronic device එකක් යොදාගෙන අපි විසින් අන්තර්ජාලය හරහා කරනු ලබන අලෙවිකරණ ක්‍රියාවලියක්.

Social media, search engines, email හරහා අපිට අපේ customers ලට අපේ online business එක promote කරන්න පුළුවන්.ඉතින් අපි තවදුරටත් මේ ගැන අපේ ඉදිරි මාතෘකා වලදි කතාකරමු. Article series එකක විදියට online marketing ගැන කතාකරන්න මන් බලාපොරොත්තු වෙනවා.

ඉතින් තවත් ලිපියකින් ඔයාලව මුණගැහෙන තුරු ඔයාල හැමෝටම සුභ දවසක්ඒ! වගේම මගේ article එක කියවල ඒ ගැන හොඳ නරකත් ඔයාල කියනවනම් මම ඉතාම කැමති.

You may also like...

4 Responses

  1. Shanidu says:

    ඒකනම් වටීවි! ඉක්මනින් ඉතිරි ටිකත් බලාපොරොත්තු වෙනවා…

    • Udatharie says:

      බොහොම ස්තූතියි
      ඔව් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා

  2. Pasan says:

    නියමයී…ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම දාන්න..

  3. ishara says:

    good…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *