Angular කියන්නේ මොකක්ද?

READ IN 2 MINS

Angular කියන්නෙ  Web Application Development Framework එකක්. ඒ කියන්නෙ මොකක්ද?

අපි සාමාන්‍ය මූලිකව වෙබ් අඩවි නිර්මාණය කරන්නේ Notepad එකෙන්  HTML, CSS, JavaScript පාවිච්චි කරලා වෙබ් පිටු ලියලා ඒක තියෙන HTML file එක browser එකෙන් open කරලානේ.ඉතින් ඊට වඩා ගුණත්මක භාවයෙන් වැඩි වෙබ්  අඩවියක් පහසුවෙන් නිර්මාණය කරගන්න පුලුවන්. මෙහිදී web services, web resources, web APIs එහෙමත් භාවිතා වෙනවා.

Angular  කියන්නේ Type-Script-based open-source Web Application Framework එකක්.

ඒ කියන්නෙ ඔයාට Angular වලින් web app එකක් හදනවනම් TypeScript ගැන දැනුමක් තියෙන්න ඕනේ.

මේ Framework එක Develop කරන්නෙ Google එකෙන්. ඒ වගේම මේක Single-Page, Front-end Development Framework එකක්.

Angular ඇප්ලිකේශන් TypeScript වලින් ලිව්වට ඒක run වෙනකොට TypeScript -> JavaScript වලට Convert වෙලා තමා Display වෙන්නේ. මෙතනත් තියෙන්නෙ Kotlin හා Java අතර තියෙන සම්බන්ධය වගේම දෙයක්. Kotlin වලින් මෘදුකාංගයක් ලිව්වට ඒක ක්‍රියාත්මක වෙන්නෙ ජාවා ඩිවලොප්මන්ට් කිට් එකේනේ. ඒ විදිහටම TypeScript වලින් ලිව්වට ඒක ක්‍රියත්මක කරන්නෙ NodeJS Server එක හරහා නිසා මේ විදිහට Convert වෙනවා.  TypeScript කියන්නේ Powerful JavaScript කිව්වත් වැරැද්දක් නෑ. ඉතින් NodeJS ගැන දන්නේ නැත්නම්  NodeJS Article එකත් කියවන්න.

AngularJS හා Angular CLI විදිහට කොටස් දෙකක් තියෙනවා. ඉතින් AngularJS කියන්නෙ Angular වල මුල්ම අවධීය විදිහට කියන්න පුලුවන්. Angular 2 වලින් පස්සෙ Versions තමා Angular විදිහට හඳුන්වන්නෙ. වර්තමානයේ Angular 7 තමයි වැඩිපුරම භාවිතා වෙන්නෙ. ඉතින්  ඔයාලා Node අර්ටිකල් එක කියවලා Server එක install කරලා තියෙනවනම් අපි බලමු කොහොමද Angular Web App එකක් හදාගන්නෙ කියලා.

මුලින්ම Command Prompt/ Terminal එක open කරගන්න. ඊට පස්සෙ ඉන්ටර්නෙට් කනෙක්ට් කරගන්න.

දැන් cmd එකේ npm install  -g @angular/cli කියලා type කරලා enter කරන්න.

Node සර්වර් එක නැතුව නම් මේක වැඩ කරන්නේ නෑ.

ඊළඟට cmd එක Locate කරගන්න ඔයාට project එක හදාගන්න ඕනේ තැනට.

දැන් ng new myproject කියලා ගහන්න myproject කියන එක්ට ඔයාට කැමති නමක් දෙන්න පුලුවන්.

ඊලගට CD myproject කියන project folder එකට locate කරලා

ng serve කියලා enter කරන්න.

ඊට පස්සෙ නොඩ් සර්වර් එක රන් වෙයි. එක run වෙල ඉවර උනාට පස්සේ browser එක open කරලා http://localhost:4200 කියලා enter කරලා යන්න. ඊට පස්සෙ ඔයාට angular logo එක display වෙනවනම් ඔයා හැමදේම සාර්ථකව කරලා, ඊට පස්සෙ ඔයාලට මේක edit කරන්න ඕනෙනෙ. ඉතින් මං කියන්නෙ ඔයාලා Visual Studio Code download කරගන්න.  ඒක Free. මේ software එක Install කරගත්තනම් cmd එකේ project location එකේ ‘code’ කියලා type කරන්න. නැතිනම් manually open කරගන්න.

එකේ මූලිකවම folder එකක් ඇති home කියලා. ඒකේ තියෙන folder එක open කරලා ඒකේ තියෙන ෆයිල්ස් edit කරලා ඔයාලට ඕනේ විදිහට හදාගන්න තියෙන්නෙ.

ඉතින් ඔයාලට මේ ගැන වැඩිපුර ඉගෙන ගන්න ඕන නම් Angular.io වෙබ් අඩවියෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේම ඉස්සරහට වැඩකරන් යද්දි Node Modules ඕනේ වෙනවා. අවශ්‍ය node module එක හා ඒවා භාවිතා කරන විදිහ දැනගන්න ඕනෙ නම් npmjs.org කියන වෙබ් අඩවියෙන් සරලවම ඉගෙන ගන්න පුලුවන්.

ඊළඟ article එකෙන් ආයෙත් හමුවෙමු.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *