O/L සහ A/L කරන නංගිලා මල්ලිලා වෙනුවෙන්ම හැදුනු app එක…

READ IN 3 MINS

තාක්ෂණයේ දියුණුවත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙනුත් විවිධ අලුත් හඳුන්වාදීම් වෙනවා.අද අපි කතා කරන්න යන්නෙ සාමන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන නංගිලා මල්ලිලා වෙනුවෙන් නිර්මාණය කරපු අන්න ඒ වගේ හඳුන්වාදීමක් ගැන..මේක තවත් එක mobile app එකක්…

“PassMe” කියන මේ app එක නිර්මාණය කරන්න මූලිකත්වය ගත්තෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක්.මේ app එක මඟින් වැදගත් වගේම නිවැරදි තොරතුරු ලබාදෙන්න විශ්ව විද්‍යාල රැසක ශිෂ්‍යයන් දායකත්වය දෙනවා.දැනට android device එකට අදාලව විතරක් නිර්මාණය වෙලා තියෙන මේ app එක හැකි ඉක්මනින් ios device එකට අදාලවත් සකසන්න මේ කණ්ඩායම උත්සහ කරමින් ඉන්නවා. මේ පහලින් තියෙන button එක හරහා android device එකෙන් PassMe app එකට සම්බන්ධ වෙන්න පුලුවන්.

අ.පො.ස. සා/පෙළ වගේම උසස් පෙළ විභාග සඳහා පෙනී ඉන්න නංගිලා මල්ලිලාට මේ app එක හරහා ප්‍රධානම විෂයන්ට අදාළ විවිධ විෂය කරුණු, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න ලබාගන්න පුලුවන්. ඒ වගෙම පාඩම්වලට අදාලව වීඩියෝ පාඩම් මාලාවකුත් PassMe youtube team එක හරහා ලබාගැනීමේ හැකියාව තියෙනවා.

අ.පො.ස. උසස් පෙළ

භෞතික විද්‍යාව :-
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරයෙකු වන ” යසිරු”
Channel : ” knowledge Man”
Link : https://www.youtube.com/c/knowledgeman

සංයුතය ගණිතය -:
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ “මහේෂ්”
Channel : “MS Production”
Link : https://www.youtube.com/channel/UCGpVIPoqUBmfG79BYwHS61g

ජීව විද්‍යාව:-
කොලඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ” කේශාන්”
Channel : “MK Tute”
Link : https://www.youtube.com/channel/UCuq59VZmcroK95K6N8ITJaw

රසායන විද්‍යාව:-
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ “කපිල”
Channel : “A/l Best Chem”
Link : https://www.youtube.com/channel/UCCmaXpiL0X3RdLWi4wxpEgA

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරයෙකු වන වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රසායන විද්‍යා ආචාර්ය වරයකු වන ” අමිල” ගුරුතුමා
Channel : ” Amila Guru”
Link : https://www.youtube.com/channel/UC_QsdLlsmhLT6uH_xgK97Vw

සාමාන්‍ය පෙළ

ඉංග්‍රීසි :- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ” දිල්හාරා”
Channel : “1000 seeds”
Link : https://www.youtube.com/channel/UCypxirQZOL33rIdSIR6SMcQ

බෞද්ධ ආගම :- ” ශ්‍රද්ධා රුපවාහිණි නාලිකාව”
Channel : ” ශ්‍රද්ධා Tv”
Link : https://www.youtube.com/user/ShraddhaTV

ඉතිහාසය :-
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටින ” සංකල්ප”
Channel : “Dinuma”
Link : https://www.youtube.com/channel/UCli5Gv8vtrArwHkP3bh3Bkg

විද්‍යාව :- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ “කාවින්ද”
Channel : “PassMe”
Link : https://www.youtube.com/channel/UCod_P2HEqL7ePqmUlIHJsFw

ගණිතය :- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ “කාවින්ද”
Channel : “Kv Iroshan”
Link : https://www.youtube.com/channel/UC4zvRArzwIHBnQY6FkDGMCA

අපි විශ්වාස කරනවා මේ app එකෙන් ලබා දෙන තොරතුරුත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගෙ දැනුම වැඩිකරගන්න ලොකු සහයෝගයක් වෙයි කියලා.තාක්ෂණය නිවැරදි විදිහට භාවිතා කරලා මේ වගේ හඳුන්වාදීමක් තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයට දෙන සහයෝගයත් අපි අගය කරන්නම ඕනි..
ඒ වගෙම මේ app එක ගැන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන නංගිලා මල්ලිලාව දැනුවත් කරන්නත් අමතක කරන්නෙපා..

Secondary link to App : https://play.google.com/store/apps/details?id=xyz.qualon.papers

එහෙනම් ඉක්මනින්ම මේ වගේ අළුත් දෙයක් එක්ක හම්බෙනකම් අදට නවතිනවා…
ඔබට සුභ දවසක්!

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *