Ruby on Rails ඉගෙන ගමු

READ IN 5 MINS

Ruby on rails කියන්නේත් web application development framework එකක්. Angular, VueJS Articles කියවලා තියෙනවා නම් ඔයලා දැනටම දන්නවා මේ මොකක්ද කියලා. හැබයි මේක ඒක වගේ නෙමෙයි. ඒක වගේ නෙමෙයි???

ඇයි මෙහෙම කියන්නෙ. මොකද මේක JavaScript web development framework එකක් නෙමෙයි. ඒ වගේම මේක FullStack web development framework එකක්.  ඒ කියන්නෙ Angular වගේ Single page framework මගින් develop කරන්නෙ වෙබ් පිටුවල පෙනුම හා මුලික ක්‍රියාකරකම් ටික විතරයි. ඒත් මෙතනදි  වෙබ් පිටුවල අභ්‍යන්තර ක්‍රියාවලි සියල්ලම වගේ නිර්මාණය කරන්න පුලුවන් මේ හරහා.

Ruby on  Rails නැත්නම් සරලවම rails කියල හඳුන්වන මේ framework එක ලියා තිබෙන්නෙ Ruby පරිගණක භාෂාවෙන්. ඒ කියන්නේ rails කියන්නේ Ruby වල Web version එක. ඉතින් ඔයාලට rails වලින් ඇප්ලිකේශන් එකක් ලියනවා නම් ඔයාලට Ruby ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම සරලවම ඉගෙන ගන්න පුලුවන් භාෂාවක් තමයි  Ruby. ඉතින් ඔයලා pascal හෝ vb , python ඉගෙන ගෙන තියෙනවා නම්  තේරුම් ගන්න හුඟක් ලේසි වෙයි. මොකද මේකෙ  syntax pascal වගෙ උනාට වැඩ ගන්න පුලුවන් python වගේ. ඒ වගේම python වගේ ලේසි.

ඉතින් වැඩි කතා නැතුව පටන් ගමු වැඩේ කරන්න.  මුලින්ම කියන්න ඕනේ මේක කරන්න node server එක තියන් හරියන්නෙ නෑ කියලා. මොකද මේක JavaScript නෙමේ.

Rubyinstaller.org/downloads කියන වෙබ් අඩවියට ගිහින් මුලින් ruby download කරගන්න. එතන versions ගොඩක් තියෙනවා. එතනින්  ruby installer එක download කරගන්න. With dev kit කියලා තියෙන ගොඩින් highlight වෙල තියෙන එකක් ඩවුන්ලෝඩ් කරගන්න. එක  stable version එක. අනික එයලා recommend කරන එකක්. ඒ ඇරුණම තියෙන ඊට වඩා අලුත් version වලත් ප්‍රශ්නයක් නැහැ.

ඒකෙ simple installer sertup එකක් තියෙන්නෙ. මුලින් double click කරලා setup එක විවෘත කරගන්න.

ඊට පස්පසේ පහත පියවර අනුගමනය කරන්න.


මේ පියවර අවසාන වූ විට Command prompt එක විවෘත වේවි.

ඒකේ 3 තේරීම දෙන්න.

ඒක install කරලා ඉවර උනාම terminal එක වහලා
අලුත් එකක් විවෘත කරගන්න.

Install වෙල ඉවරනම් ඔයාට දැන් ruby programming කරන්න ඉගෙන ගන්න පුලුවන් ඔයාට එකට RubyMine වගෙ IDE ඒකක් තියෙනවා නම් ලේසී. ඒ උනාට vs code පාවිච්චි කරන්න පුලුවන්, මීට අමතරව වෙනත් ගැළපෙන IDE එකකින් උනත් පුලුවන් program කරන්න. ඒ උනාට තාම ඔයාට බෑ rails application එකක් run කරන්න. මොකද ඔයා තාම rails Server එක install කරල නෑ.

ඉතින් අපි දැන් ඒක කරමු.

දැන් cmd එක open කරගෙන ruby -v කියලා ගහලා enter කරන්න. මේකෙන් තමයි අපි බලන්නේ හරියට Ruby Install වෙලාද කියලා.

එතකොට ඔයට ruby version එක  display වෙනවා නම් වැඩේ සාර්ථකයි.

ඊළඟට ඔයාට ඕනෙ sqlite3 database එක. ඒක ගොඩක් පොඩි database එකක් 3mb වගේ. ඒක මෙතනින් download කරගන්න.

https://www.dropbox.com/s/knruhwyn0kxd5ee/sqlite-dll-win64-x64-3270200.zip?dl=0

හරියට install කරගන්න. ඊළඟට cmd එකේ sqlite3 –version කියලා ගහලා බලන්න. එතකොට version එක පෙන්නනවනම් ඒ වැඩෙත් හරී.

ඊළඟ වැඩේ තමා ලොකුම වැඩේ. අපි rails server එක install කරගන්න ඕනේ.

gem install rails කියල type කරලා Enter කරන්න. මතක ඇතුව internet ඔන් එකේ තියගන්න. මෙතනදි server එක download වෙන හින්දා ටිකක් වෙලා යයි.

ඔයාලට මතකද අපි node Server එකෙන් වැඩ කරද්දි අවශ්‍ය modules install කරගත්තේ npm module name install කියලා.(npm-Node Package Manager)

ඉතින් Ruby වල පාවිච්චි වෙන්නේ Gems කියන concept එක. අපිට ඕනෙ Gems Install කරගන්නෙ..

Gem install gem name

කියන command එක පිළිවෙලට type කරන්න.

දැන් rails Server එක install උනාද බලමු.

Rails –version කියල ගහල enter කරන්න.

ඔයාලට rails version එක පෙන්නනවනම් එකත් හරි.  ඊළඟට අපි rails application එක හදමු.

මුලින් cmd එක ඔයාට ඕනෙ තැනට locate කරන්න. ඊට පස්සෙ..

rails new blog  කියලා type කරන්න. Blog කියන තැනට ඔයාට ඕනෙ නමක් දෙන්න. මෙතනදිත් ටිකක් වෙලාව යනවා project එකට අවශ්‍ය gems ටික ඕනේ නිසා.

ඊට පස්සෙ cd blog කියලා type කරලා project file එක ඇතුළට යන්න.

දැන් rails server කියල type කරලා enter කරන්න. දැන් rails server එක run වෙලා ඉවර උනාම browser එක open කරලා http://localhost:3000 කියලා type කරල enter කරන්න.

දැන් ඔයාට display වෙනනම් yay youre on rails කියල message එකත් එක්ක රුපයක්, ඔයාගේ වැඩේ සාර්ථකයි.

නමුත් ඔයාට මෙතනදි edit කරන්න file එකක් හම්බෙන්නේ නෑ. ඉතින් මොකද කරන්නේ????

දැන් අපි තව commands ටිකකින් අපිට edit කරන්න file එකක් Generate කරගන්න වෙනවා.

Rails generate controller welcome index කියලා type කරලා enter කරන්න

එතනදී නිර්මාණය වෙනවා  ප්‍රධාන file 2ක්. එකක්, app/controller/welcome_controller.rb හා app/views/welcome/index.html.erb කියලා files 2ක් හැදෙනවා.

එතනින් index.html.erb file එකේ <h1>Hello, Rails</h1> කියලා තියෙන file එක edit කරන්න තියෙන්නෙ තමන්ට අවශ්‍ය විදිහට.

Index.html.erb file එකෙහි එම පිටුවෙහි frontend එක වන අතර

welcome_controller.rb එකෙහි එම පිටුවෙහි backend එක වේ.

.erb = Embeded Ruby file

Rb = Ruby File

මේක හොඳ framework එකක් full-stack development වලට

ඒ වගේම කියන්න ඕනේ bootstrap භාවිතා කරන අය සදහා එම වෙබ් අඩවියේ

npm install යන command එක තිබෙන්නෙ node package manager භාවිතා කරන්නන්ට වන අතර

gem install යනුවෙන් තිබෙන්නෙ Rails Server එක භාවිතා කරන අයටයි.  ඉතින් ඔයාලට එක නිසා ගුණාත්මක අලංකාර වෙබ් අඩවි නිර්මාණය කරගැනීමට bootstrap පහසුකමද තිබෙනවා.

ඉතින් මංනම් කියන්නෙ මේක කරලම බලන්න ඕනේ දෙයක්..

ඔයාලට ප්‍රශ්න තියෙන තැනක් තිබුනොත් comment කරන්න..

Chamod Kanishka

Undergraduate (BSc in Software Engineer) At University of Plymouth(UK) Faculty of Computing(NSBM Green University)

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *