අන්තර්ජාලය තුළදී ඔබ ආරක්ෂිත ද?

READ IN 6 MINS

අද වෙනකොට අන්තර්ජාලය කියන්නේ හැම කෙනෙක්ටම වගේ නැතුවම බැරි දෙයක් වෙලා. හැම කෙනෙක්ම වගේ දෛනිකව අන්තර්ජාලය හා සම්බන්ධ වෙනවා. ඒ විදියට සම්බන්ධ වෙනකොට ඔයාලා හිතල තියෙනවද ඔයාලා ආරක්ෂිතද නැද්ද කියන එක? ‍ඔයාලා ඔයාලගෙ privacy එක ගැන හිතලා තියෙනවද? ඔයාලා දන්නවද ඔයාලා අන්තර්ජාලය භාවිතා කරද්දී කොයි තරම් ආකාර වලින් ඔයාලව track කරලා ඔයාලගෙ දත්ත හොරකම් කරනවද කියලා?

මොකක්ද මේ privacy කියන්නේ?

ඒ කියන්නේ අපේ පෞද්ගලික බව.

දැන් ඔයා හිතනවා ඇති මොනවද ඔයාගෙන් හොරකම් කරන්න තියෙන්නෙ, අනික ඒවා හොරකම් කළා කියලා එයාලට ඇති වැඩක් නෑ නේද කියලා. ඔයාට ඔයාව වටින්නේ නැති උනාට ඒ අදාළ සමාගම් වලට ඔයාව ගොඩක් වටිනවා. ඇයි මං මෙහෙම කියන්නේ, ඔයාලා අන්තර්ජාලයෙන් කරන කියන දේවල් ඔක්කොම ඒ අදාළ සමාගම් වලින් එකතු කරලා ඒවා වෙනත් ආයතනවලට මුදල් වලට විකුණනවා. එහෙම කරලා ඔයාව track කරන සමාගම් වලින් මුදල් උපයනවා. එයාලා ඔයාලට නොමිලේ සේවාවක් ලබාදුන්නට ඇත්තටම ඔයාලා එයාලට සල්ලි හොයලා දෙන එකයි කරන්නෙ. 

පෞද්ගලික දත්ත වලට අදාළ මොනවද?

පාස්වඩ්, නම, ලිපිනය, බැංකු දත්ත, අපි කැමති අකැමති දේවල් වගේම හැමදේම මේකට අයිතියි.

හරි ඉතින් අපෙන් හොරකම් කරන දත්ත මිලදී ගන්න සමාගම් වලට ඒ වගෙන් මොනවද කරන්නේ? ඇත්තටම එයලා ඔයාලගෙන් එකතු කරගන්න දත්ත මිලදීගෙන ඔයාලගෙ රුචි අරුචි දේවල් එකතු කරලා ඒවට අදාළ දැන්වීම් ප්‍රචාරය කරනවා. ඒ දැන්වීම් ඔස්සේ හෝ ඔයාල මිලදී ගන්න සේවා වලින් තමා එයාලට මුදල් හම්බෙන්නේ.

මේක ලේසියෙන්ම කියනවනම් ඔයාව track කරන සමාගම ඔයාගෙන් මුදල් උපයනවා වගේම ඒ දත්ත විකුණලාත් මුදල් උපයනවා. ඒ දත්ත මිලදී ගන්න සමාගම් ඔයාලට එයාලගෙ භාණ්ඩ විකුණලා මුදල් උපයනවා. අන්තිමට බලද්දී ඔයාට හොරාම ඔයාව විකුණලා වගේ වැඩක් වෙලා තියෙන්නේ. මෙතනදි ඔයා තමයි ගොදුර වෙලා තියෙන්නේ. මෙයාලා මෙහෙම දත්ත එකතු කරන්නෙ ඇයි කියලා තේරෙනවනෙ ඔයාලට. ඉතින් මේ දත්ත ඒ තරමටම වටිනවද?

ඔයාලා දන්නවන්නෙ දැන් ගෙවෙන්නෙ තොරතුරු යුගය. ඒ කිව්වේ මොකක්ද? දැන් ලෝකයේ වටිනම දේ තමයි දත්ත. ඒවා වලින් ලෝකයම වෙනස් කරන්න පුලුවන්. ඉතිහාසය දිහා බැලුවම එක කාලයක ලෝකේ වටිනාම දේ වෙලා තිබුණා රත්තරං ඒවා වලට ලෝකෙම වෙනස් කරන්න පුලුවන් කමක් තිබුණා. ඒ වගේම දියමන්ති තවත් කාලෙක අවි ආයුධ වෙළඳාම් යුගයක් තිබුණා, ඒවා වලට ලෝකෙම පාලනය කරන්න හැකියාවක් තිබුණා. ඒ යුගයෙහි බලය කෙමෙන් කෙමෙන් අඩු වෙන්න පටන් ගත්තේ දෙවන ලෝක යුධ සමයෙන් පසුවයි. ඒ වගේම අපි අද ඉන්න තොරතුරු යුගය පටන් ගන්නෙ 2000 වර්ෂයෙන් පසුවයි. ටිකෙන් ටික මේ විදිහට දියුණු වෙමින් අද වෙනකොට ලෝකේ වටිනාම වෙළඳාම වෙලා තියෙන්නෙ දත්ත වෙළඳාමයි.

කවුද අපිව මේ විදිහට track කරන්නේ?

ඒ විදිහට ඔයාලව වැඩියෙන්ම track කරන්නෙ ඔයාලා වැඩියෙන්ම විශ්වාස කරන වැඩියෙන්ම භාවිතා කරන සමාගම් කිව්වොත්?

ඔව් ඔයාලා අන්තර්ජාලය භාවිතා කරද්දි ඔයාලව වැඩියෙන්ම track කරන්නේ Google, Facebook කියන සමාගම් දෙක, ඒ වගේම Adobe එකත් පස්සෙන්මයි.

ඉතින් මේ සමාගම් අතරෙන් ඔයාව වැඩියෙන්ම track කරන්නේ ඔයාලට නොමිලේ හුඟක් සේවාවන් සපයන Google සමාගමයි. ඒ අතරිනුත් ඉදිරියෙන්ම ඉන්නෙ Google Search Engine සේවාවයි. මේ සේවාවට අමතරව Google අනිකුත් සේවාවන් භාවිතා කරද්දිත් ඔයාලව track කරනවා.

ඉතිං කොහොමද මං මෙහෙම කියන්නෙ එයාලා එහෙම කරනවමයි කියලා.  දැනට මං සරල උදාහරණයක් දෙන්නම්. දැන් ඔයා Google එකේ මොනවා හරි හොයන්නකෝ හොඳට. ඊට පස්සෙ ඔයා Facebook, Instagram ගිහින් බලන්න කොයි තරම් වෙළඳ දැන්වීම් ඔයා හොයපු දේට අදාළව පේනවද කියලා. මෙහෙම වෙන්නෙ Google එකේ ඔයා හොයන දේ අදාළ දැන්වීම් පෙන්වන්න ආයතනවලට ලබාදෙන එක. ඒක වෙන්න, ඔයා ඒ ගැන හිතන්න යන කාලයටත් වඩා ගොඩක් පොඩි කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් ඒ වෙනුවට විකල්ප සෙවුම් යන්ත්‍ර මොනවද?

ඔයාට ඒ වෙනුවට Microsoft ආයතනයේ Bing සේවාව භාවිතා කරන්න පුලුවන්. හැබැයි ඒක භාවිතා කරන එක 100% සාර්ථක විසඳුමක් නෙමේ. මොකද ඒ සමාගම ඔයාව Google සමාගම තරම්ම track කරන්නෙ නැති උනාට track කරන්නේ නෑමයි කියන්න බැහැ.ඒ වගේම සෙවුම් ප්‍රමාණය අඩු කමක් ඔයාලට හොඳට දැනෙයි. මොකද Google ආයතනය තරම්ම අපේ රටේ භාවිතා වෙන්නෙ නැති හින්දා ඒ ආයතනය සතුව අපේ රටේ දේවල් ගැන තියෙන තොරතුරු ප්‍රමාණය අඩුයි.

ඔයාලව Search engine එකේ track කරනවට හොඳම විසඳුම තමයි duckduckgo.com search engine එක. ඔයාට හුඟක් නුහුරු වචනයක් වගේ දැනෙනවා ඇති. ඒ උනාට මේ අඩවිය තමා දැනට පවතින හොදම සෙවුම් යන්ත්‍රය ඔයාට ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න. ඔයා ඒ වෙබ් අඩවිය තුළින් හොයන කිසිම දෙයක් සම්බන්ධව තොරතුරු කිසිම ආයතනයකට එයාල ලබලා දෙන්නෙ නෑ. ඉතින් එක්ක ඔයාට හොඳටම තේරෙන්න ඕනෙ නම් ඔයා ඒ වෙබ් අඩවියෙන් මොනව හරි හොයලා, ඔයා ඔයාගෙ සමාජ ජාල වෙබ් අඩවියක log වෙලා බලන්න. ඔයා හොයපු දේට අදාළ කිසිම දැන්වීමක් පෙන්වන්නෙ නෑ. ඒ වගේම කියන්න ඕනේ DuckDuckGo ආයතනය ලාභ නොලබන ආයතනයක්. ඉතින් එයාලා කරන කිසිම වැඩක් ලාභයක් බලාගෙන නෙමෙයි කරන්නේ. ඒ හින්දා එයාලට ඔයාලගෙ දත්ත ඕනෙම නෑ.

ඉතින් මං ඔයාලට කලින් කිව්වනේ ඔයා අන්තර්ජාලය භාවිතා කරද්දි ඔයාව කොයි තරම් track කරනවද කියලා. ඒක ඔයාලට හොදටම පැහැදිලි කරන්න පුලුවන් වෙන්නෙ duckduckgo extension එක ඔයාල භාවිතා කරන වෙබ් බ්‍රව්සරයට දාගත්තොත් තමයි. ඉතිං ඒ extension එකේ තියෙන වාසි ගැන කිව්වොත්,

  1. එයාලා ඔයාල පිවිසෙන ඕනෙම වෙබ් අඩවියක privacy grade එක එහෙමත් නැතිනම් පෞද්ගලිකත්වය කොයිතරම් සුරක්ෂිත කරනවද කියලා එයාලා දෙන Grade වලින් අපිට දැනගන්න පුලුවන්. එතකොට අපිට අනාරක්ෂිත වෙබ් අවඩ්වි අඳුරගෙන ඒවගෙන් හුඟක් දුරට ඈත්වෙලා ඉන්න පුලුවන්.
  • ඔයාලට ගුප්ත කේතනය කරන ලද සම්බන්ධතාවයක් ලබාගන්නත් පුලුවන්(encrypted connection). ඒකෙන් තියෙන වාසිය තමයි ඔයාලගෙ සම්බන්ධතාවයේ ආරක්ෂාව තහවුරු කරගන්න පුලුවන් වීම.
  • ඒ වගේම තමයි ඔයාලා පිවිසෙන වෙබ් අඩවියේ කොයිතරම් Tracker system ප්‍රමාණයක් තියෙනවද කියලා ඔයාටම බලාගන්න පුලුවන් වගේම ඒවා block අවහිර කරලා ඔයාගේ අරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරනවා.
  • ඒ වගේම ඔයාලට ඔයාලගෙ protection එක on/off කරගන්න සරල පහසුකමක් ලබලා දීලා තියෙනවා.
  • ඉතින් වැදගත්ම දේ තමයි ඔයාලව track කරපු වෙබ් සේවාවල ප්‍රතිශතයක් බලාගන්න පුලුවන් වීම. ඒක දැක්කම ඔයාලටම ලොකු අදහසක් ගන්න පුලුවන් කොච්චර වෙබ් අඩවි ප්‍රමාණයක tracking තියෙනවද කියලා.

හොඳම දේ තමයි ඒ කිසිම tracking එකකට ඔයාව ට්‍රැක් කරන්න දෙන්නෙ නැති එක. හිතලා බලන්න මේ extension එක නැතුව ඔයා වෙබ් අඩවි වල සැරි සැරුවනම් කොයි තරම් ඔයාව trackings වලට අහු වෙලා ඇද්ද කියලා.

  • ඒ වගේම ඔයාව වැඩියෙන්ම track කරලා තියෙන සමාගම් වල list එකකුත් බලාගන්න පුලුවන් ඔයාට හොදටම. හොදට බලන්න ඒ අතර ඔයා දන්න සමාගම් කීයක් නොදන්න සමාගම් කීයක් තියෙනවද කියලා..

ඉතිං ඔයාලා මේවා භාවිතා කළොත් යම්තාක් දුරකට ඔයාලට ඔයාලගෙ privacy එක ආරක්ෂා කරගන්න පුලුවන් කමක් තියෙනවා.

ඒ වගේම තමයි ඔයාලා භාවිතා කරන browser එකෙනුත් ඔයාලව track කරනවා කියලා දන්නවද. ඒ අතිනුත් ඉස්සරහින්ම ඉන්නේ අපේ වීරයා. ඔව් එයා තමා Google Chrome. ඇයි මං එයාව වීරයා කියලා කිව්වේ? මොකද හුඟක් අයට ඒක තරම් වෙන browser එකක් නැති තරම්. මාත් පිළිගන්නවා ඒක හොදට develop කරල තියෙන වෙබ් බ්‍රව්සරයක් කියලා. ඒත් ඒක තමා tracKING. ඔව් ඔයාලව වැඩියෙන්ම ට්‍රැක් කරන බ්‍රව්සරයක් තමයි ඒක. ඒ වගේම ඒකෙ diagonist වලින් පවා අපිව හොදටම track කරනවා. මම නම් කියන්නෙ පුලුවන් තරම් Chrome browser එකෙන් ඈත් වෙන්න කියලා. අනික ඒකෙ Ram Usage ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් වෙනත් බ්‍රව්සෙර් මොනවද?

අද තියෙන බ්‍රව්සර් හුඟක් ඒවා chromium open sourse project එක මත නිර්මාණය වුණ ඒවා. ඒ කියන්නෙ chromium based බ්‍රව්සර් තමා හුඟක්ම තියෙන්නෙ. Edge, Opera වගේ ඒවත් දැන් ඒක මත තමා හදලා තියෙන්නෙ. හුඟක් ඒවා එකට මාරු වෙන්න ලොකුම හේතුව උනේ ඒ project එකේ තිබුන සාර්ථකත්වය. ඉතින් කළින් එයාල වෙනම ඒවා භාවිතා කළේ. ඒ ගැන වෙනම කියලා දෙන්නම්.

ඉතින් මං හිතනවා මේ open source project එක මත build කරපු බ්‍රව්සර් වලින් Chrome තරම්ම හානියක් නැතුව ඇති කියලා. ඒ වගේම මේවගෙ source code තමන්ට ඕනේ විදිහට වෙනස් කරල හදලා ගන්න පුලුවන් නිසා මේකෙනුත් Google එකට තොරතුරු යන එක අඩු ඇති. ඒ උනාට Google එක මොනවා කරලද දන්නෙ නෑනේ, ඒ වගේම අනික් සමාගම් ඒ කිව්වේ Microsoft Edge වගේ ඒවගෙන් tracking තියෙන්න පුලුවන්, Microsoft සමාගමට තොරතුරු යන. ඒක නම් තාම තහවුරු වෙලා නෑ. කොහොම උනත් මම නම් කියන්නෙ ඔයාලට DuckDuckGo වගේ ලාබ නොලබන ආයතනයකින් හදපු Browser එකකට මාරු වෙන්න කියලා. මොකද එයාලාට ඔයාලගෙ දත්ත හොරකම් කරලා වැඩක් නැති හින්දා.

ඉතින් එහෙම එකක් තියෙනවද?

ඔව්. ඒ අපි කවුරුත් දන්න Mozilla සමාගමේ Firefox Browser එක. මේක හොද වෙබ් browser එකක් ඔයාලගෙ Privacy එක ආරක්ෂා කරගන්න. කාලයක් හුඟක්ම ජනප්‍රිය වෙලා තිබුණ, කාලයක් යද්දී හුඟක් අයට අමතක වෙලා ගියත් තවමත් Firefox browser එක සාර්ථක ගමනක් යනවා. තොරතුරුවල ආරක්ෂාව ගැන හිතනවනම් ඔයාලට මේ පියවර වලින් ගොඩක් දුරට ඔයාලගෙ පෞද්ගලික භාවය ආරක්ෂා කරගන්න හොඳටම පුලුවන්.

ඔයාට ඔයාව වටින්නේ නැති වුණාට හුඟක් අයට ඔයාව වටිනවා කියල තමයි අන්තිමට කියන්න වෙන්නෙ. මේ වගේම තවත් Article එකකින් හමුවෙමු.

Chamod Kanishka

Undergraduate (BSc in Software Engineer) At University of Plymouth(UK) Faculty of Computing(NSBM Green University)

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *