හරිම විදිහට Research proposal එකක් හදමුද?

READ IN 4 MINS

ඔයාලා හැමෝම දන්නවා විශ්වවිද්‍යාලයේ අවසන් වසරෙදි, ඒ කියන්නෙ 4th year එකේදි ගොඩක් පීඨවල ඉගෙනගන්න අයට සිද්ධ වෙනවා research එකක් කරන්න. ඉතින් මේ research එකක් කරද්දි තමන් තෝරගන්න මාතෘකාවට පසුබිම හදාගන්න වගේම අවසර අරන් අධීක්ෂණයට දේශකවරයෙක් සම්බන්ධ කරගන්න research proposal එකක් ඉදිරිපත් කරන්න වෙනවා. අද අපි කතා කරන්න යන්නෙ research proposal එකක් හදාගන්නෙ කොහොමද කියලා…

මුලින්ම ඔයා කැමතිම අංශයකට සම්බන්ධ මාතෘකාවක් තෝරගන්න. මාතෘකාවක් තෝරගනිද්දි ඔයාලට පුලුවන් ඒ ඒ අංශවල ඉන්න ප්‍රවීණයන්ගේ උපදෙස් ගන්න, ඒ වගේම මීට කලින් ඔයා තෝරගත්ත අංශයට සම්බන්ධව කරලා තියෙන researches, magazine articles පරිශීලනය කරන්නත් අමතක කරන්නෙපා.

සුලු වෙනස්කම් තිබුණත් සාමාන්‍යයෙන් research proposal එකක මේ කොටස් අඩංගු වෙන්න ඕනි.

  1. Introduction
  2. Problem Statement
  3. Research Questions
  4. Research Objectives
  5. Significance of the study
  6. Scope of the study
  7. Literature review
  8. Methodology
  9. Conceptual framework
  10. Research Hypothesis
  11. Research design
  12. Model Specification
  13. Operationalization
  14. Data Collection
  15. Data Analysis
  16. Reference

මීට අමතරව සමහර proposalsවල definitions of the key terms කියන කොටස ඇතුලත් කරලා තිබුණත් ඒක research එකේදිත් කෙටියෙන් විස්තර වෙන නිසා proposal එකට අනිවාර්යයෙන් ඇතුලත් වෙන්න ඕනි කොටසක් විදිහට සලකන්නෙ නෑ…

Introduction එකේදි ඔයා තෝරගත්ත මාතෘකාව සහ මාතෘකාවෙ අඩංගු variables (විචල්‍යයන්) සහ ඒවාගෙ හැසිරීම සහ බලපෑම් ගැන කෙටි විස්තරයක් කරන්න.

Problem statement එක proposal එකේ වැදගත්ම කොටසක්. problem statement එකේදි ඔයා විස්තර කරන්න ඕනි ඔයා මේ මාතෘකාව තෝරගන්න හේතුව වගේම දැනට ඔයාගෙ මාතෘකාවට අදාලව තියෙන researchesවල එකිනෙකට ගැටෙනසුලු අදහස් සහ සොයාගැනීම් ගැන.

Research questionsවලදි ඔයා මේ research එක කරන එකෙන් පිළිතුරු හොයන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න සඳහන් කරන්න.
උදා: Is there any relationship between employee satisfaction level and labour turnover?

Research objectives හදන එක හරිම ලේසියි. ඔයාගෙ objective එක කලින් සඳහන් කරපු research questionsවලට උත්තර හොයන එක නිසා, කරන්න තියෙන්නෙ ඒ සඳහන් කරපු questionsවලටම to find කියලා දාලා නැවත ඉදිරිපත් කරන එක විතරයි.
උදා: To find whether there is any relationship between employee satisfaction level and labour turnover.

Significance of the study කොටසෙදි මේ study එකෙන් ලැබෙන ප්‍රතිලාභ, සමාජයට ඇති වැදගත්කම ගැන විස්තර කරන්න.

Scope of the study එකේදි ඔයා තෝරගත්ත විෂයපථය ගැන කෙටි විස්තරයක් කරන්න.

Literature review එකේදි ඔයා තෝරගත්ත මාතෘකාව සහ ඒ variables ගැන, variables අතර තියෙන සම්බන්ධතා ගැන මීට කලින් researchesවලදි සඳහන් වෙලා තියෙන කරුණු පැහැදිලිව ඉදිරිපත් කරන්න.

Methodology එකේදි ඔයාගෙ research එකට දත්ත රැස් කරන විදිහ, target කරන population එක සහ research එකට තෝරගන්න sample එක ගැන සඳහන් කරන්න.

Conceptual framework එකේදි ඔයාගෙ research එකේ තියෙන independent variable සහ dependent variable පැහැදිලි වෙන විදිහට සරල රූපසටහනකින් පෙන්වන්න.
උදා:

Research hypothesisවලදි ඔයා මේ research එක කරද්දි data analyse කරලා අවසානයේ ලබාගන්න බලාපොරොත්තු වෙන දේ උපකල්පන විදිහට ඉදිරිපත් කරන්න ඕනි. data analyze කරලා අපි මේ උපකල්පනවල වැරදි නිවැරදිභාවය ඔප්පු කරලා පෙන්වන්න ඕනි.
උපකල්පන වර්ග 2ක් තියෙනවා.
H0= negative form
H1= positive form

උදා:
H1= there is a relationship between employee satisfaction level and labour turnover. (තියෙනවා කියන අර්ථය)
H0= there is no relationship between employee satisfaction level and labour turnover. (H0 කියන්නෙ නැහැ කියන අර්ථය)

Research design එකේදි Methodology එකේදි සඳහන් කරපු කරුණුවලට අමතරව පාවිච්චි කරන sampling technique එක සහ ඒ ආශ්‍රිත කරුණු විස්තර කරන්න ඕනි. සමහර proposalsවල research design එකත් methodology එකේම කොටසක් විදිහට දක්වලා තියෙනවා.

Model specification එකේදි අපි එකතු කරගත්ත දත්ත සම්බන්ධ කරලා හදන සූත්‍රය ගැන සඳහන් කරන්න ඕනි. අපි මේ සඳහන් කරන සූත්‍රය පාවිච්චි කරලා තමයි spss වගේ data analysis softwaresවලින් output එකක් ගන්නෙ.

Operationalization එකේදි ඔයාගෙ dependent සහ independent variablesවල මිනුම් සහ ඒවා පෙන්නුම් කරන දර්ශක ගැන සඳහන් කරන්න ඕනි. operationalization කොටසත් ගොඩක් වෙලාවට හැම proposal එකකම දකින්න ලැබෙන්නෙ නෑ.

Data collection එකේදි ඔයා දත්ත එක්රැස් කරන්න පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන primary සහ secondary sources (ප්‍රාථමික සහ ද්විතීයික ප්‍රභව) ගැන තොරතුරු සඳහන් කරන්න.

Data analysisවලදි ඔයා එකතු කරගත්ත දත්ත research එකේදි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ක්‍රම (tables, diagrams)ගැන වගේම ඒ දත්ත analyze කරන්න පාවිච්චි කරන software එක ගැනත් සඳහන් කරන්න.

අවසානෙදි reference යටතේ මේ මාතෘකාව තෝරගනිද්දි සහ proposal එකේ කරුණු ඉදිරිපත් කරද්දි(විශේෂයෙන් literature review එකේදි)ඔයා refer කරපු වෙනත් researches ගැන සඳහන් කරන්න.ඒවා සඳහන් කරද්දි article name එක,රචකයා,publish කරපු අවුරුද්ද වගේ වැදගත් කරුණු පැහැදිලිව ඉදිරිපත් කරන්නත් අමතක කරන්නෙපා.

ඉන්පස්සෙ තියෙන්නෙ තමන්ව අධීක්ෂණය කරන දේශකතුමාගෙ උපදෙස්වලට අනුව research එක කරන්න…

ඒ එක්කම කියන්න ඕනෙ තවත් දෙයක් තමයි වර්තමානෙදි තියෙන සීමිත කාලෙත් එක්ක ගොඩක් අයට research එකක් සාර්ථකව නියමිත කාලෙදි ඉවර කරන්න අපහසු වෙනවා. ඉතින් මේ ගැන විස්තර හොයන් යද්දි මම දැක්ක දෙයක් තමා, ඒ නිසාම මේක online business කරන අය ව්‍යාපාර අවස්ථාවක් විදිහටත් පාවිච්චි කරනවා. දැනට ලංකාවෙත් මේ වගේ research proposal සහ research කරන්න උදව්කරන ආයතන කිහිපයක්ම තියෙනවා.

උදාහරණ විදිහට:

ඉතින් ඔයාලටත් research එක හරි වෙලාවට කරගන්න අපහසුනම්, වැඩේ හරියට කරගන්න තේරෙන් නැත්නම් උදව්වක් ඕනෙවෙයි වගේනම් මේ වගේ ආයතනවල සහයෝගය ලබාගන්න පුලුවන් වගේම අනාගතේ දවසක ඔයාටත් පුලුවන් මේ වගේ institution එකකට සම්බන්ධවෙලා research කරන්නත්…

මං හිතනවා ඔයාලට research proposal එකක් ගැන දැන් idea එකක් ඇති කියලා… ඉතින් තවත් දවසක තවත් වැදගත් මාතෘකාවක් ගැන තොරතුරුත් එක්ක හමුවෙමු…

ස්තූතියි…

You may also like...

14 Responses

  1. Thushini says:

    Tharanga…super..👌

  2. කවිශ්ක says:

    පට්ටම වටිනවා ඒකනම්

  3. Fedric Nanayakkara says:

    Useful! 👌👌👌

  4. kasunka says:

    superb ..

  5. Ishu says:

    Great work buddy! Keep it up

  6. Malitha says:

    Niyamai

  7. Dilusha says:

    godak watina deyak . Super………..

  8. Tharanga says:

    Thank you..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *