Chrome එකේ කරදරකාරී popups නවත්තමු!

READ IN 3 MINS

Internet එහෙමත් නැතිනම් අන්තර්ජාලය කියල කියන්නේ වර්තමානයේ අපි කාටත් නැතිවම බැරි දෙයක්. අපි නොදන්නා දේවල් සවිස්තරාත්මකව දැන ගන්න වගේම අපේ එදිනෙදා personnel chats සඳහා වගේ බොහෝ වැඩ කටයුතු වලට අපිට නිතරම internet/ Google searches උපකාරී වෙනවා.

Google search කරද්දී, website වලට ගියාම අපි බොහෝ විට මුහුණපාන ගැටලුවක් Notification Prompts කියල කියන්නේ. ඉතින් මේ ලිපියෙන් අපි බලමු notification prompts appear වෙන එක වළක්වන්නේ කොහොමද කියලා.

Notification Prompts කියලා කියන්නේ website එයාලගේ reaches වැඩි කර ගන්න යොදා ගන්න trick එකක්. computer එකකින් website එකක් browse කරන කොට ඔයාලත් බොහෝ වෙලාවට දැකලා ඇති  screen එකේ උඩින්  හරි පැත්තෙන් හරි ads, auto-Playing videos pop-ups වෙනවා. ඉතින් මේ හේතුව නිසා වැරදීමකින් හරි ඒ pop-up එකක් click උනොත්, automatically ඒ  අදාළ website එක load වෙනවා. මේ නිසා ඒ අදාළ website එකේ  reaches වැඩි වෙනවා විතරක් නෙමෙයි, සමහර වෙලාවට userව උචිත  නැති websites වලට පවා ගෙනියනවා.

ඉතින් දැන් අපි බලමු බොහෝ දෙනා පාවිච්චි කරන Chrome එකේ මේ notifications pop up වෙන එක වළක්වන්නේ කොහොමද කියලා,

  • පළමුවෙන්ම Browser එකේ upper right corner එකේ තියෙන dots 3 click කරලා “settings” කියන option එක select කරන්න.
  • ඊළගට screen එකේ පහළට ගිහිල්ලා පිළිවෙලින් “Advanced”->”Site Settings” (Privacy and security header එකට යටින් තියෙන) කියන  options select කරගන්න.
  • ඊට පසු screen එකේ “Notification” කියන option එක click කරන්න.
  • අවසාන පියවර ලෙස “Ask before sending(Recommended)”ට ඉදිරියෙන් තියෙන toggle එක මත click කරන්න (change it to-> Blocked).

මීට අමතරව අපිට තෝරාගත් websites කිහිපයකට  පමණක් notification popup access  ලබා දෙන්න අවශ්‍ය නම්, “Allow header” එකට පැත්තෙන් තියෙන “Add option” එක select කරන්න. ඉන්පසු අපිට අවශ්‍ය website වල URL type කරලා “Add” කරන්න.

ඉතින් මේ විදියට ඉහත සදහන් පියවරවල් step by step follow කරලා අපිට ලේසියෙන්ම notification popup වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඉතින් තවදුරටත් websites use කරද්දී notification popup වෙන එක ඔබට ගැටලුවක් නොවේවි.

මෙවැනි ලිපියකින් නැවත හමුවෙමු.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *