සතුරු බලඇණි බියට පත් කළ Tiger -1 (පළමු කොටස)

READ IN 4 MINS
1915 දී බ්‍රිතාන්‍ය හමුදාව නිපදවූ පළමු මූලාකෘතියක්

1916 දී බ්‍රිතාන්‍ය හමුදාව ලොව ප්‍රථම වතාවට යුධ පිටියට යුධ ටැංකි හඳුන්වා දුන්නේය. ඒ වන විට පළමුවන ලෝක යුද්ධයේදී පරාජය ලබා තිබූ ජර්මනිය මෙම විප්ලවීය නව යුධ ටැංකිය කෙරෙහි කිසිදු උනන්දුව දැක්වූයේ නැත. කෙසේ වෙතත්, ජර්මනිය නැවත නැගීටින විට යුධ ටැංකිය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බොහෝ ජර්මානු නිලධාරීන්ගේ විශ්වාසය විය. එම කාලයේ වර්සායිල් ගිවිසුම(Treaty of Versailles) මගින් ජර්මනියේ යුධ නිෂ්පාදන සියල්ල තහනම් කර තිබුණි. එම නිසා, 1920 හා 1930 කාලය තුළ ජර්මානු යුධ ටැංකි සංවර්ධනය කිරීම රහසිගතව සිදු කිරීමට සිදුවිය.


පැන්සර් හමුදාංශ

නමුත් හිට්ලර් සහ නාසීන් බලයට පැමිණීමත් සමග මෙම රහස්‍ය මවාපෑම් සියල්ල පසෙකට විසි කරන ලදි. ජර්මනිය සිය හමුදාව මුලු යුරෝපයම වුවද යටත් කර ගැනීමට හැකි තරම් බලවත් ලෙස ගොඩනඟා තිබුණි. පැන්සර්(Panzer) නමින් හැඳීන්වූ විශාල යුධ ටැංකි ආකෘති (tank formations) ඔවුන්ගේ යුධ බලය පෙන්වූ ප්‍රධාන අංගයක් විය. ජර්මානු හමුදාවේ ප්‍රමුඛ උපායමාර්ග හසුරුවීමෙහි සමර්ථයෙක් වූ ජෙනරාල් හයින්ස් ගුඩෙරියන්(General Heinz Guderian) විසින් මෙම පැන්සර් හමුදාංශ(Panzer divisions) ආරම්භ කරන ලදී. ඔහු පළවන වන සහ දෙවන ලෝක යුද්ධ අතර සන්නද්ධ යුද්ධ අධ්‍යයනය කළේය. නූතන යුද්ධයේදී ටැංකි යෙදවීම සහ භාවිතය පිළිබඳ ඔහුගේ දක්ෂතාව හේතුවෙන් ගුඩෙරියන් පැන්සර් යුධ උපායේ පියා නමින් හදුන්වයි.


ජෙනරාල් හයින්ස් ගුඩෙරියන්

මෙම කාල සීමාව තුළදී පිළිගත් යාන්ත්‍රිකකරණ මූලධර්මවල(principles of mechanization) නායකයා වූයේ බ්‍රිතාන්‍ය ටැංකි පුරෝගාමියෙකු වූ මේජර් ජෙනරාල් ජෝන් ෆුලර්(Major General John Fuller) ය. යාන්ත්‍රිකකරණය සහ යුධ ටැංකි පිළිබඳ දක්ෂයකු වූ මේජර් ජෙනරාල් ෆුලර් ජාත්‍යන්තර කීර්තියට පත්ව තුබූ අතර ජර්මනිය තුළ සුවිශේෂී සිථානයක් හිමිකරගෙන සිටියේය. කෙසේ වෙතත් මේජර් ජෙනරාල් ෆුලර්ගේ අදහස් බ්‍රිතාන්‍යයන් විසින් කිසි විටෙකත් සම්මත කර නොගන්නා ලදී. යුධ ටැංකියට වඩා ප්‍රංශ , බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු ජාතිකයින් විශ්වාස‍ය තැබුවේ පාබල හමුදා හා කාලතුවක්කු ආධිපත්‍යය මතයි. නමුත් ජෙනරාල් ගුඩෙරියන් අනාගතයේදී ඇති වන ගැටුම් වලදී සන්නද්ධ අංශ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට අනුමාන කළේය. ඔහු හමුදාංශ වල ප්‍රධාන අවිය ලෙස යුධ ටැංකි භාවිතය වැඩි දියුණු කළේය.


මේජර් ජෙනරාල් ජෝන් ෆුලර්

1939 දී පෝලන්තය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම් වලදී හිට්ලර් ගේ පැන්සර් හමුදාංශ පරීක්ෂාවට ලක් කරන ලදී. සති හයක් තුළ සතුරාගේ යුධ බලය බිඳ වැටුණි. ඊළඟ අවුරුද්දේ ජර්මානුවන් බටහිර දෙසට හැරී බ්‍රිතාන්‍යයට හා ප්‍රංශයට පහර දුන්හ. මිත්‍ර පාක්ෂිකයින්ට වැඩි ටැංකි ප්‍රමාණයක් තිබුණද, පැන්සර් හමුදාංශ භාවිතා කළ උසස් උපක්‍රම හේතුවෙන් සතුරු ආරක්ෂක වළලු හරහා  පහසුවෙන් ඇතුළුවීමට ඔවුන්ට හැකි විය. 1941 ජුනි මාසයේදී හිට්ලර් නැවතත් ඔහුගේ පැන්සර් බල ඇණි සෝවියට් සංගමය(Soviet Union) වෙත මුදා හැරියේය. සති කිහිපයකින් රතු හමුදාවට ආපසු මොස්කව්හි දොරටු දක්වා පසු බැසීමට සිදු විය. ජයග්‍රාහී පැන්සර් බල ඇණි විනාශ කළ නොහැකි බවට පෙනෙන්නට විය. ජර්මානුවෝ ඔවුන්ගේ යුධ ටැංකි උසස් යැයි සැලකූ අතර සතුරාට කිසිසේත් නිෂ්පාදනය  කළ නොහැකි බවට විශ්වාස කළහ.


රුසියානු t-34

නමුත් 1941 සරත්
ඍතුවේදී ඔවුන් පුදුමයට පත් කරවන දෙයක් සිදුවිය. ඒ රුසියානුවන් ඉතා රහසිගතව වැඩි දියුණු කරන ලද නව යුධ ටැංකියක් එළිදැක්වීමත් සමගය. ක්‍රියාකාරිත්වයෙන් හා වෙඩි බලයෙන් පැන්සර් ටැංකි අභිබවා ගිය එය රුසියානු t-34(Russian t-34) විය. t -34 සැබවින්ම සමාන ප්‍රතිවාදියෙකු බවට පත්විය. t -34 ටැංකියේ ප්‍රථම දියත් කිර්‍රිමත් සමග ජර්මානු යුධ ටැංකි වලට දැඩි අලාභ සිදුවූ අතර ජර්මානුවන් දැඩි කම්පනයට පත් වූහ. t -34 මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුවහොත් පරාජය ඉතා විශාල වනු ඇතැයි ඔවුහු දැන සිටියෝය. මෙම පසුබෑම ගැන හිට්ලර් කෝපයට පත් විය. යුධ පිටිය සමතලා කළ හැකි විශාල හා වඩා හොඳ ටැංකියක් තැනීමට ඔහු සිය නිර්මාණකරුවන්ට නියෝග කළේය. හිට්ලර් නව යුධ ටැංකියේ පිරිවිතර සැලැසුම් කරණයට පෞද්ගලිකව සම්බන්ධ වීමට පටන් ගත් අතර පැයට සැතපුම් 30 ක වේගය, ඉහළ ප්‍රවේග තුවක්කු, ඝන්කමින් වැඩි සන්නාහ ඔහුගේ යෝජනා අතර විය. මෙය නමින් පැන්සර් මාර්ක් හය (Panzerkampfwagen VI) වූ අතර ටැංකියේ මූලාකෘති ස්ථාපිත ජර්මානු සමාගම් ඩේම්ලර්-බෙන්ස්(Daimler-Benz), හෙන්ෂල්(Henschel)  සහ පෝර්ෂේ(Porshe) විසින් ඉක්මනින් ඉදිකරන ලදී. නමුත් 1942 වන විට පෙරමුණ ගත් පෝර්ෂේ(Porshe)  සහ  හෙන්ෂල්(Henschel)  පමණක් තරඟයේ ඉතිරි විය. සමාගම් දෙකම හිට්ලර්ගේ උපන්දිනය වන අප්‍රේල් 20 වන දින ඔවුන්ගේ ටැංකි ප්‍රදර්ශනය ක‍රන ලදී. හෙන්ෂල් සමාගමේ  නිර්මාණය පැහැදිලිවම වඩා හොඳ විය.

ටයිගර් ටැංකිය

ඕනෑම ටැංකියක මූලික ලක්ෂණ තුන වූ වෙඩි බලය, වේගය හා සන්නාහ අතුරින් ජර්මානු නිර්මාණකරුවන් වෙඩි බලයට කැමත්තක් දැක්විය. එබැවින් හිට්ලර්ගේ නියෝගයට ප්‍රතිචාර වශයෙන් හෙන්ෂල් ස්මාගම ජර්මානු වානේ නිෂ්පාදකයින් විසින් නිර්මාණය කරන ලද turret හෙවත් කැරකෙන කාලතුවක්කු වේදිකාවක් සහ මිලිමීටර් 88 තුවක්කුවක් ඇතුළත් කිර්‍ර්මට තීරණය විය. මාස දෙකකට පසු නව සුපිරි ටැංකිය සටන් අත්හදා බැලීම් සඳහා සූදානම් විය. එහි ක්‍රියාකාරිත්වයට ගැළපෙන පරිදි එය Tiger ලෙස නම් කරන ලදී.

to be continued…

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *