දුම්රිය වේදිකාවෙන් ප්‍රසංග වේදිකාවට ගිය රනු මොන්ඩල්

READ IN 3 MINS

ජීවිතය මොහොතින් මොහොත වෙනස්  වන්නකි. දුම්රිය නැවතුම් පොළක සිංදු කියමින් සිටි රනු මොන්ඩල්ගේ ජිවිතයද  නොසිතු පරිදි විශාල ලෙස වෙනස් විය. එය වාසනාවන්ත වෙනසකි. මේ ඇයගේ කතාවයි…

රනු 1959 වර්ෂයේදී  ඔක්තෝම්බර් මස 10 වන දින බටහිර බෙංගාලයේ  රණගට් ප්‍රදේශයේ උපන් කාන්තාවකි. ඇය වයස අවුරුදු 20දී සමාජ ශාලාවක ගීත ගායනා කළ අතර එකල ඇය හැදින්වුයේ රනු බොබී ලෙසිනි. එම රැකියාවට පවුලේ සාමාජිකයන්ගේ ඇති අකැමැත්ත නිසා ඇය එයින් ඉවත් විය. පසුව ඇය බාබුල් මොන්ඩල් සමග විවාහ වූ අතර ඇය රනු මොන්ඩල් ලෙස හැදින්වුණි. විවාහයෙන් පසු මුම්බායි වෙත ගිය ඇයට සතුටින් සිටීමට නොහැකිවූයේ  ඇයගේ ස්වාමිපුරුෂයා මියයැම හේතුවනි. මෙයින් ඉතාමත් ආර්ථික දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදු වූ නිසා රනු මොන්ඩල් ඇගේ දියණිය සමග නැවත උපන් ප්‍රදේශයට පැමිණියාය. ජීවත් වීමට මාර්ගයක් නොමැති නිසා ඇය දුම්රිය ස්ථානයක ගීත ගයානා කිරීමට පටන් ගත්තාය. මවගේ රැකියව පිළිබදව ලැජ්ජා වූ ඇයගේ දියණිය ද ඇයව අතහැර ගියාය.

දිනක් මෘදුකාංග ඉංජිනේරුවරක් වන අතීන්ද්‍ර චක්‍රබොර්ති ඇගේ  කටහඬේ මියරු බව අසා ඇගේ ගීතයක වීඩියෝවක් පටිගත කර එය සමාජ මාධ්‍යවල පළ කළේය. එම ගීතය ලතා මංගේෂ්කර්ගේ ගීතයක් වන “එක් ප්යාර් කා නාග්මා හායි” ගීතයයි මෙම  වීඩියෝව එක රැයකින් සාමාන්‍ය ජනයා සහ කීර්තිමත් පුද්ගලයින් අතර පවා බෙහෙවින් ජනප්‍රිය විය. ඇයගේ දක්ෂතාවය සැමදෙනාම අගය කළහ.


රනු මොන්ඩල් ඇයගේ ගීතය සමාජ ජාලයට මුදාහළ අතීන්ද්‍ර චක්‍රබොර්ති සමග

ඇගේ ජනප්‍රියත්වය දුටු සෝනි එන්ටර්ටේන්මන්ට් ටීවී චැනල් ඇයට සුපර්ස්ටාර් සිංගර් රියැලිටි ෂෝ වෙත ආරාධනා කළේය. මෙහිදී හීමේෂ් රේෂාමියා සිය “Happy Hardy and Heer” නම්  චිත්‍රපටයේ ගීතයක් ගැයීමට ඇයට ආරාධනා කළේය. මේ අනුව හිමාෂ්, රනු මොන්ඩල් සමඟ ‘ටෙරී මේරි කහානි’ ගීතය පටිගත කළේය.මෙයින් පසුව රනු මොන්ඩල් ට තවත් බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ගීත සඳහා සහ සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණි.ඉතාමත් ප්‍රසිද්ධ බොලිවුඩයේ නළුවෙකු වන සල්මන් ඛාන් ඇයට ඉන්දියන්  රුපියල් ලක්ෂ 55ක් වටිනා නිවසක්ද තිළිණ කළේය .බොලිවුඩයේ රනුගේ සාර්ථකත්වයට දුටු , වසර 10 ක් පමණ ඇගෙන් දුරස්ථ වී සිටි ඇගේ දියණිය ද නැවත ඇය සොයා පැමිණියාය.

රනු මොන්ඩල් හීමේෂ් රේෂාමියා සමග ගීතයක් පටිගත කිරීම

ඉතා අපහසුවෙන්, ජීවිතය ගැටගැසීම උදෙසා සිංදු කියමින් සිටි ඇය, දැන් ඉතාමත් ජනප්‍රිය, සැමගේ ආදරය දිනා ගත් ගායිකාවකි. දුම්රිය ස්ථානයට සිමා වී තිබුණ ඇයගේ දක්ෂතාවය මුළු ලොවේම අවධානය යොමු වුයේ පුංචි වීඩියෝ පටයක් නිසාය. නැතිනම් ඇය තවමත් ජීවන අරගලයක යෙදෙන අනුකම්පාව පමණක් හිමිවෙන අසරණිය කි. මෙවැනි සැඟවුන දක්ෂතා ඇති තවත් ජීවිත දහස් ගණනක් සමාජයේ අවධානයක් නොමැතිව වියකී යාම කණගාටුවට කරුණකි. වයස, උගත් කම, සමාජ තත්වය නොසලකා, දක්ෂතා ඇති පිරිසට හැකි පමණ උදව් කිරීමට සැවොම පෙළගැසෙන්නේ නම් ඔවුන්ගේ ජිවිත මෙන්ම මුළු සමාජයම වාසනාවන්ත ලෙස වෙනස් වනු නියතය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *