Microsoft Windows 10 භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක්!

READ IN 2 MINS

පසුගිය මාස කීපයම Windows 10 භාවිතා කරන්නන්ට වගේම Microsoft සමාගමට එතරම් හොඳ කාලයක් වුණේ නම් නැහැ. මිට හේතුව වුණේ Windows 10 Operating System එකට අදාළව ගැටළුකාරී තත්ත්ව කීපයක්ම එක පෙළට වාර්තා වීමයි. Microsoft සමාගම මේ අර්බුධකාරී තත්වයන්ගෙන් මිදීමට මග සොයමින් සිටින අතරේ තවත් කණගාටුදායක පුවතක් පසුගිය දා ආරංචි වුණා. ඒ මෑතකදීම release වුණු Windows 10 update එක නිසාවෙන් Windows 10 භාවිතා කරන්නන් නැවතත් අපහසුතාවයට පත් වී ඇති බවයි.

Paris, France – October 9, 2015: Facade of pavilion promoting Windows 10 – the latest operating system from Microsoft. The pavilion was situated on Place Georges Pompidou.

මේ ගැටළුව මතු වී තිබෙන්නේ Microsoft සමාගම මගින් මුදාහැරීමට කටයුතු කළ KB4512941 අංක දරණ update එකට සමගාමීවයි. ආරම්භයේදී CPU එකෙහි ක්‍රියාකාරිත්වය අඩාල කරන්නට (stuck කරන්නට) මේ update එක හේතු වෙන බව වාර්තා වුණත් නවතම වාර්තා වලට අනුව මේ update එක user screen එකෙහි පැහැය වෙනස් කිරීමට උත්සාහ කරන බවයි දැනගන්න ලැබෙන්නේ.

මේ ගැන තව දුරටත් තොරතුරු සොයද්දී දැනගන්නට ලැබුණේ මේ ගැටලුවට අදාළව Windows 10 භාවිතා වෙන සමහර පරිගණකවල screenshots පමණක් තැඹිලි පැහැයට හැරෙන බවත්, තවත් සමහර පරිගණකවල මුළු desktop එකම රතු පැහැයට හැරෙන බවත්ය. මේ ගැටලුවට මුහුණ පෑ Windows 10 භාවිතා කරන්නෙක් තමන්ගේ අත්දැකීම් විදෙස් මාධ්‍යයක් සමගින් බෙදා හදා ගනිමින් දක්වා තිබුණේ තමන් Windows start කළ අවස්ථාවේ සිට Login screen එක තෙක් සියලු දේ සමාන්‍ය පරිදි දකින්නට ලැබුණත් desktop එක දිස්විමත් සමගින් එය ක්‍රමයෙන් රත් පැහැයට හැරුණු බවයි. ඒ මොහොතේ නිවැරදි පැහැයෙන් දැක්වෙන එකම element එක mouse pointer එක පමණක් වන බවත් තවදුරටත් විස්තර දක්වමින් ඔහු පවසා තිබුණා.

පහතින් දැක්වෙන්නේ එවන් අවස්ථාවකදී screen එක දැකගන්නට ලැබෙන ආකාරයයි.

https://blogs.forbes.com/gordonkelly/files/2019/09/Screenshot-2019-09-11-at-02.53.53.png

සමාන්‍ය පාරිභෝගිකයින්ගේ තත්වය කෙසේවෙතත් graphics designing, එහෙමත් නැත්නම් photo editing වගේ කාර්යයන්වල නිරත වන්නෙක් Windows 10 භාවිතා කරනවා නම් මේ අවස්ථාවේදී ඔවුන්ට ඉතාමත් අවාසනාවන්ත තත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව නොඅනුමානයි. කෙසේවෙතත් තවමත් update එකට අදාළ official වෙබ් පිටුවෙහි මේ පිළිබඳව කිසිදු සඳහනක් කරන්නට Microsoft සමාගම කටයුතු කර නැහැ.

කොහොමවෙතත් ලොව පුරා වෙසෙන Windows 10 භාවිතා කරන්නන් මේ ගැටළුවට විසඳුම් කීපයක් සොයාගන්නට උත්සාහ කර තිබීම සැබවින්ම ප්‍රශංසනීයයි. සමහර දෙනෙක් මේ update එක uninstall කිරීම හරහා මේ ගැටළුව විසඳ ගෙන ඇති අතර තවත් සමහර දෙනෙක් graphic drivers update කිරීම හරහා මේ ගැටලුවට විසඳුම් සොයා ගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, Lenovo PC එකක Vantage app එක සමගින් Windows 10 භාවිතා කරන කෙනෙක්ට නම්, app එක reset කිරීම හරහා මේ ගැටලුව විසඳා ගත හැකි බවයි දැනගන්නට ලැබෙන්නේ.

Microsoft සමාගම ඉතාමත් ඉක්මනින්ම මේ ගැටළුව ගැන තම අදහස් දක්වාවී යැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉදිරියේදී මෙවන් ගැටළු මගහරවා ගනිමින් නැවතත් තම පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට Microsoft සමාගම කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *