Google pixel leaks

READ IN 2 MINS

ඔයාලා බලනවා ඇති ඇත්තටම මොකක්ද මේ ලීක් වෙලා තියෙන්නේ කියලා..

මීට පෙර Google Pixel 4 leak එක වුයේ දුරකථනයේ කැමරා මෘදුකාංගය සහ විශේෂාංග පිළිබඳවය. දැන් Youatube ReLab ඉදිරිපත් කරන අන්දමට එහි වීඩියෝ පටිගත කිරීමේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අප දැන් බලමු.

Google Pixel 4 හි කැමරාවේ ක්‍රියාකාරිත්වය Samsung Galaxy Note 10 Plus සමඟ සංසන්දනය කෙරූ විට, Pixel 4 හි පින්තූර Samsung Galaxy Note 10 Plus වලට වඩා සැබෑ හා සවිස්තරාත්මකව (true-to-life and detailed) පෙනේ. අනෙක් අතට,
Galaxy Note 10 Plus හි කැමරාවෙන් ලබා ගන්නා ඒවා සාපේක්ෂව වඩාත් ස්වාභාවික ලෙස පෙනේ.

කෙසේ වෙතත් Pixel 4 වීඩියෝ පටයේ ශ්‍රව්‍ය ගුණාත්මකභාවය (Audio Quality), Samsung Galaxy Note 10 Plus වීඩියෝවට වඩා බෙහෙවින් අවම ය.

ජයග්‍රාහකයෙකු සහ පරාජිතයෙකු ප්‍රකාශයට පත් කිරීම දැන්ම කල් වැඩියි. Leak වූ Google  Camera  App එක නිකුත් වී තවමත් නොමැති බැවින් තව දුරටත් Pixel 4 හි කැමරා ප්‍රතිසංස්කරණයන් සහ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ගූගල් සමාගමට තවමත් කාලය සහ ඉඩ ප්‍රස්ථාව තිබේ.

කෙසේ වෙතත්, Google සමගම විසින් Pixel 4 හි වීඩියෝ පටිගත කිරීමේ දළ ශ්‍රව්‍ය ගුණාත්මකභාවය වැඩි කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති. Pixel 3 launch කරන විටද මෙම ගැටළුවම තිබූ බවද පසුව එය වරින් වර update මගින් එහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට Google සමගම කටයුතු කළ බව ඔබ දන්නවා ඇති.

ඒ වගේම, දැන් එහි කැමරාව පිළිබඳවත් ලීක් එකක් වාර්තා වෙලා තියනවා..

ගූගල් විසින් ජුනි මාසයේදී පික්සෙල් 4 හි ඡායාරූපක් වෙළඳ පොළට නිකුත් කර තිබුණා. ඉන් පසු Google සමාගම විසින් එසේ නිකුත් කිරීමක් නොකළ නමුත්, වියට්නාම දුරකථන වෙළඳසැලක් වන ‘D Store Mobile’ විසින් Pixel 4 XL හි සුදු පැහැති “test model” එකක ඡායාරූප 20 කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඡායාරූප මගින් එහි කැමරාවේ features පිලිබඳ අනුමාන රැසක් මේ වන විට වාර්තා වෙනවා.

ප්‍රධාන පසුපස කැමරාවේ aperture එක තරමක් වේගවත්ව විවර වන අතර, එය Pixel 3 හි  f / 1.8 සිට Pixel  4 හි  f/1.8 දක්වා ගමන් කරන බව, එම පිතුර වලින් අනාවරණය කර ගත හැකි බව ඔවුන් පවසයි. එමෙන්ම කැමරාව 4:3 න් තිබියදීත් මුළු screen එකම භාවිතා කරමින් 16: 9 න් default ෆොටෝ වදින බවද ඔවුන් තව දුරටත් කරුණු එක් කර සිටි.

ගූගල් හි මීළඟ ප්‍රධාන දුරකථන නිමැවුම් වන Pixel 4 සහ Pixel 4 XL ඔක්තෝම්බර් මාසයේදී එළිදැක්වීමට Google සමාගම බලාපොරොත්තුවෙන් සිටිනවා. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මෙහෙයුම් පද්ධතිය බවට පත් වීමද, ඇපල් අයිෆෝන් පමණක් නොව සැම්සුන් වැනි අනෙකුත් ඇන්ඩ්‍රොයිඩ් ප්‍රතිවාදීන්ගෙන්ද කැපී පෙනන ලෙස නැගී සිටීම ඔවුන්ගේ ඒකායන අරමුණ බවද නොයෙකුත් මාධ්‍ය වාර්තාවල සඳහන් කර සිටිනවා.

මේවගේ අලුත්වෙන තාක්ෂණික තොරතුරු ඔයාගේ යාලුවන්ටත් දැනගන්න share කරන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *