ඔයත් volunteer කෙනෙක්ද?

READ IN 4 MINS

“Synergy”…
Management කරන අයටනම් ටිකක් හුරු වචනයක්… මේ synergy කියන සංකල්පයෙන් කියවෙන්නෙ  තනියෙන් කෙනෙක් කරන වැඩ ප්‍රමාණයට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් කීපදෙනෙක් එකතු වුණොත් කරන්න පුලුවන් කියන එක… අද මං මේ කියන්න යන්නෙ synergy කියන සංකල්පය හරහා රටේ යහපත වෙනුවෙන් එකට එකතු වෙලා වැඩ කරපු EEEFA අපේ ගමන් මඟ ගැන පුංචි විස්තරයක්…

පහුගිය අවුරුද්දෙ, ඒ කියන්නෙ 2018දි, අපේ රටේ අධ්‍යාපන ලබන නංගිලා මල්ලිලා වෙනුවෙන් තමන්ගේ දැනුම පාවිච්චි කරලා සහයෝගයක් ලබාදෙන්න කීපදෙනෙක් එකතු වුණා… EEEFA එහෙමත් නැත්නම් Empowering Equal Education For All කියන නමින් සංවිධානය වුණ මේ කණ්ඩායම ආරම්භ වුණේ ප්‍රධාන සාමාජිකයො හතරක, පහක වගේ එකතුවකින්… අද වෙනකොට ලංකාව පුරා තියෙන රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල රැසකින් ප්‍රොජෙක්ට්ස් ලීඩ් කරන විස්සකට පමණ ආසන්න ප්‍රමාණයක් වගේම සමාජ සේවයට කැමති volunteering අගයන අය සාමාජිකයින් වශයෙන් 400-500 ආසන්න ප්‍රමාණයක් EEEFA කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඉන්නවා…

ඉගෙනගන්න දක්ෂ, දුෂ්කර පළාත්වල ඉන්න ආදරණීය නංගිලා මල්ලිලට වගේම තොරතුරු තාක්ෂණය විෂයට උනන්දුවක් දක්වන හැමෝටමත් උදව් කරන අරමුණින් ආරම්භ කරපු මේ සංගමය කාලීන අවශ්‍යතාවයත් මත ”අරුණැල්ල” කියන නමින් සමාජ සත්කාර වැඩසටහන් කීපයකුත් පසුගිය කාලය පුරාවට සිද්ධ කළා… පහළ වීඩියෝ එකේ තියෙන ”Join with Santa“ වගේම “EEEFA Green Inspirers” රුක් රෝපණ වැඩසටහනත් ඒ අතරින් ගොඩක් අයගෙ ප්‍රශංසාවට ලක්වුණා… මේ වැඩසටහන්වලට මූල්‍යමය අවශ්‍යතා සපුරගත්තෙ අනුග්‍රාහකයො කීපදෙනෙක්ගෙන් වගේම EEEFA කණ්ඩායමේ අයගෙම මුදල්වලින්… පසුගිය වර්ෂයක කාලය පුරාවටම නගරාසන්න ප්‍රදේශවල වගේම ගොඩක් දුෂ්කර ප්‍රදේශවලත් තොරතුරු තාක්ෂණයට අදාලව වගෙම ඉංග්‍රීසි විෂයට අදාලවත් සම්මන්ත්‍රණ සංවිධානය කරන්න EEEFA කණ්ඩායමට හැකියාව ලැබුණා… මේ වැඩසටහන් සාර්ථක කරගන්න EEEFA කණ්ඩායමේ හැමෝම තමන්ගෙ කාලය, ශ්‍රමය කැපකළා…

මේ වැඩසටහන්වලට අමතරව EEEFA කණ්ඩායමේ තවත් එක් සමාජ සත්කාරයක් තමයි EEEFA Journal එක… මේ journal එක මඟින් කාලින මාතෘකා ගැන හැමෝවම දැනුවත් කරනවා වගෙම ලිපි ලියන්න ආසාව හැකියාව තියෙන අයටත් මේක හොඳ අවස්ථාවක්… EEEFA journal එකෙන් මූලිකවම ලිපි ඉදිරිපත් කරන්නෙ තොරතුරු තාක්ෂණයට අදාලව… ඊට අමතරව තවත් කාණඩ යටතේ EEEFA කණ්ඩායමේ සාමාජිකයන්ගෙ ලිපි පලවෙනවා… EEEFA Content writers team එක EEEFA සංවිධානයේ සාර්ථකත්වට ලොකු ශක්තියක්… ඒ වගෙම මේ වැඩ කටයුතු කරන් යන්න EEEFA designing team එකෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

රට වෙනුවෙන් වැඩ කරමු කියන එක වචනෙකට, Fb post එකකට සීමා නොකර ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න හැකියාවක් ලැබුණ එක ගැන EEEFA අපි නිහතමානීව සතුටු වෙනවා… ඉතින් EEEFA අපේ ගමන් මගට දැන් අවුරුද්දක් වෙනවා… තනතුරුවලට සීමා නොවී අපේ කියන හැඟීමෙන් කැපවීමෙන්, පරාර්ථය වෙනුවෙන් වැඩ කරන පිරිසක් EEEFA අපිත් එක්ක ඉන්නවා…

EEEFA Green Inspirer ව්‍යාතියට සම්බන්ධ වුණු අයගෙන් කීපයක්
EEEFA Green Inspirer ව්‍යාතියට සම්බන්ධ වුණු අයගෙන් කීපයක්

මේ වෙලාවෙ ආදරයෙන් මතක් කරන්නම ඕනි ලොකු පිරිසක් ඉන්නවා… මේ අවුරුද්දක කාලය පුරාවට අපිත් එක්ක හිටපු , එකට වැඩ කරපු සියලුම විශ්ව විද්‍යාලවල සහ අනෙකුත් සහෝදර සහෝදරියන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා… ඒ වගෙම වැඩසටහන් සම්බන්ධ කරලා දුන්න අය, වැඩසටහන්වලට සහයෝගය , අනුග්‍රහය දුන්නු හැමෝමවත් මේ වෙලාවෙ ගෞරවයෙන් සිහිපත් කරනවා… EEEFA කියන්නෙ ලොකු පිරිසකගෙ කැපවීම් මතින් ගොඩ නැගුණු සංවිධානයක්… ඉතින් මේ අවුරුද්දක ගමන් මග පුරාවට අපිට වචනෙකින් හරි සහයෝගයක්, දිරිගැන්වීමක් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි… ඔයාලගෙ ආශිර්වාදය EEEFA අපිට ලොකු ශක්තියක්…

මේ දක්වා අපි කරපු වැඩසටහන් කීපයක් ගැන මේ ලින්ක් ඔස්සේ තොරතුරු දැනගන්න පුලුවන් …

GIT Seminar – President College Nattandiy
“Path to Be a Geek” Seminar – R/Demuwatha Maha Vidyalaya, Rakwana
Arunella Phase 01 – Cancer Home – Kandy
ENGLISH CAMP – Sangabodhi Central College​ Morayaya
GIT Seminar – Gankanda Central College, Ratnapura
Micro:Bit Awareness Session – NSBM Green University
Arduino and IoT Workshop – Siri Piyarathana Central College

ඒ වගෙම EEEFA Journal එකේ ලිපි කියවන්න මේ ලින්ක් එක හරහා පුලුවන්…
(ඇත්තටම ඔයා දැන් මේ කියවන්නෙත් journal එකෙ ලිපියක්ම තමා)

https://journal.eeefa.org

journal.eeefa.org

කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ වගේ සංවිධානයකට සම්බන්ධ වෙන එකෙන් මොනාද අපිට තියෙන වැදගත්කම කියලා… මුදලින් ගොඩක් දේවල් මනින සමාජෙක තවත් කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් සේවයක් කරන්න පුලුවන් නම් ඒ ලැබෙන මානසික තෘප්තිය කවදාවත් මුදලට ගන්න බැරිවේවි… තමන් ඉගෙනගත්ත පාසල වෙනුවෙන් දෙයක් කරන්න බලන් ඉන්න කෙනෙක්ට පුලුවන් EEEFA කණ්ඩායම දැනුවත් කරලා තමනෙ පාසලේ සම්මන්ත්‍රණයක් සංවිධානය කරන්න…. ඒ වගෙම නායකත්ව ලක්ෂණ වැඩිදියුණු කරගන්නත්, වැඩසටහන් සංවිධානය වගේ දේවල් ගැන අවබෝධය, අත්දැකීම් ලබාගන්නත් මේක හොඳ අවස්ථාවක්…

ඔයත් තාම EEEFA කණ්ඩායමේ සාමාජිකයෙක් වුණේ නැත්නම්, තමන්ගෙ දැනුම තව කෙනෙක් එක්ක බෙදාගන්න කැමති කෙනෙක්නම්, ලිපි ලියන්න, වැඩසටහන් සංවිධානය කරන්න කැමති කෙනෙක්නම් එන්න අපිත් එක්ක එකතුවෙන්න… ඔයාල අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමතිනම් පහල ලින්ක් එකෙන් ඔයාගෙ විස්තර දෙන්න… අපි කැමතියි ඔයාලව ආදරෙන් පිළිගන්න…

JOIN with EEEFA

තවත් සම්මන්ත්‍රණ, වැඩසටහන් ගොඩක් එක්ක අපි මේ අවුරුද්දෙත් අපේ රටට සේවයක් කරමු…
දවසක සිහිපත් කරලා සතුටු වෙන්න පුලුවන් ලස්සන මතකයක් අපිට අනිවාර්යයෙන්ම ඉතිරි වේවි…

හෙට දිනය ලොව දිනන හීනයේ සැරිසරණ
මව් බිමේ අනාගත පරපුරට සෙත සදන…
EEEFA ගමන් මගට අවුරුද්ද පිරෙන දින
සිහිකරමු ගෞරවෙන් සහය වුණු හැමදෙනම…
බාධක බොහෝ මැදින් ගෙවූ වසරක ගමන
අප හැමගෙ ශක්තියෙන් ඉදිරියට ආ අරුම…
හෙට දිනෙත් ලක්බිමට සේවයක් සලසන්න
EEEFA නමින් පතමි සදාකල් වැජඹෙන්න…

EEEFA, ඔබට සුභ උපන්දිනයක් …..!!!

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *