Virtual Reality

READ IN 2 MINS

දිනෙන් දින වෙනස් වන තාක්ෂණ ලෝකයේ මෑතකදී සිට අපට නිරන්තරයෙන් දකින්නට අහන්නට ලැබෙන තවත් Interesting Technology එකක් ගැන තමයි මං අද කියන්න යන්නේ. VR නැත්නම් Virtual Reality ගැන අද වන විට නොදන්න කෙනෙක් නැති තරම්. මේ Technology එකට interest අයට වගේම නොදන්නා අයටත් දැනගන්න අපි බලමු මොකක්ද VR නැත්නම් Virtual Reality කියන්නේ කියලා.

Virtual Reality කියන්නේ අපිට සැබෑ ලෝකයේ ලබා ගත නොහැකි අත්දැකීමක් හෝ feeling එකක් imaginary කරගෙන virtually ඒ experience එක ලබා දීමයි. එය real-world එකට වඩා feeling එකක් ලබා දෙනවා. ඒ සඳහා VR Box එකක් සහ තව components කිහිපයක් use කරනවා. VR මඟින් 3D output එකක් generate වන නිසාත්, virtually realistic නිසාත් usersව මේ virtual environment එකත් සමග හොඳින් interact කරනවා. ඕනම වයස් මට්ටමේ අයෙකුට, ඕනම ස්ථානයක සහ වෙලාවක මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. නමුත් සැබෑ ලෝකයේ වගේ අපට move වෙන්න බැහැ.

VR පිළිබඳ අපට මෑතකදී අසන්නට දකින්නට ලැබුණත් පළමු VR experience එක 1950 දක්වා දිව යනවා. සිනමා ශිල්පී “Morton Heiling” නිර්මාණය කළ “Sensorama” පළමු single-user VR experience එක වෙනවා. එයින් usersලට රූපවාහිනිය 3D විදියට දකින්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. අද වන විට වෙළෙඳපළේ VR Box අඩු මිලට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. තවද අවශ්‍ය hardware devices (input devices/output devices), components පවා මිලදී ගැනීමට පුළුවන්. නමුත් සමහර devices සහ components use කරන VR Box එක, use කරන Advanced Technology එක සහ තිබෙන Features අනුව වෙනස් වෙනවා. මේ සඳහා input devices විදියට Prio VR, Razer Hydra, Leap Motion, Stem, Magic Wand, Control VR සහ output devices විදියට Headset,3D Audio, Sensing Gloves, Helsinki උපයෝගී කරගන්නවා.

ඔයාත් නිවසේදීම VR Box එකක් හදන්න කැමති නම් පහළ link එකට යන්න.

මේ technology එක military, education, health care, designing, entertainment, tourism වැනි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා යොදා ගන්න පුළුවන්. අපේ රටේ public transportation වල VR technology දකින්නට නැති වුවත් සිංගප්පූරුව වැනි රටවල public transportation වල මේ technology use කරනවා. එය මගීන්ට මාර්ගෝපදේශයක් විදියට ක්‍රියා කරනවා. Virtual Reality අද වන විට Web API use කරලා Web VR දක්වා පැමිණ තිබෙනවා. උදාහරණයක් විදියට Mozilla Hub ගන්න පුළුවන්. Mozilla Hub කියන්නේ Virtual Reality technology use කරලා නිර්මාණය කළ chat room එකක්. Group chat සඳහා මේ chat room එක අපිට use කරන්න පුළුවන්. ඒ නිසා internet access තියන ඔයාගේ computer එකෙන්, smartphone එකෙන් VR experience එක ලබා ගන්න ඔයාටත් පුළුවන්.

ඉතිං අලුත් technology ගැන උනන්දුවක් ආසවක් තියන ඔයත් ඒ technology use කරලා බලන්න. මේ වගේ තවත් technology ගැන දැනගන්න අපිත් එක්ක රැඳෙන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *