Vloggersලට සුභ ආරංචියක් !

READ IN 4 MINS

GoPro කියන්නෙ වර්තමානයේ අතිශයින් ජනප්‍රිය Action Camera එකක්. විවිධ මාදිලියේ Action Camera අතරින් GoPro Action Camera වලට හිමිවන්නෙ ප්‍රමුඛ ස්ථානයක්. විවිධ Features රාශියකින් සමන්විතව ඉතා තරඟකාරී අන්දමට මෙම Action Camera වෙළඳපොලට ඉදිරිපත් කිරීමට GoPro සමාගම සමත් වී තියෙනවා. ඉතින් විවිධ ආකර්ශනීය වැඩි දියුණු කිරීම් රාශියක් සමගින් ඔවුන්ගේ නවතම flagship එක GoPro Hero 8 black නමින් පසුගිය දිනකදී වෙළඳපොලට ඉදිරිපත් කරලා තියෙනවා. මේ සම‍ග බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි නවතම අංග කිහිපයක්ම හඳුන්වා දීම නිසා බොහෝ දෙනාගේ අවධානය මෙම නවතම GoPro Hero 8 black වෙත ලබා ගැනීමට වැඩි කාලයක් ගත වී නැහැ.

විවිධ විචාරකයින් විවිධ අදහස් මේ පිළිබඳව පැවසුවත් දැනට වැඩි දෙනා කතාබහ වන ආකාරයට Vlogger කෙනෙකුට Traveller කෙනෙකුට අත්‍යවශ වැදගත් අංග කිහිපයක් GoPro Hero 8 black සමග ලබා දීම මෙම වැඩි කතාබහට ලක් වීමට සහ දැඩි අවධානයක් දිනාගැනීමට හේතු වෙන්නැති කියල මම විශ්වාස කරනවා. ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මෙම නවතම හඳුන්වා දීම සඳහා ඔවුන් එකතු කරල තියෙන විශේෂ සහ ආකර්ශනීය වැඩි දියුණු කිරීම් මොනවද කියන එක ගැන.

GoPro Hero 8 black හි Body එකේ ඔයාලට Built-in mount එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇති ප්‍රධානතම සුවිශේෂීතාවය තමයි Mod it out Feature එක. මෙම අංගය කොටස් තුනකින් සමන්විතයි.
01. Media Mod – Premium shotgun-mic performance, 3.5mm mic සහ HDMI-out ports වගේම two cold-shoe mounts යන පහසුකම් සියල්ල ඔබට එකවර භාවිත කිරීමට (All in one) මෙහිදී හැකියාව තිබෙනවා.
02. Display Mod – Flip-up Screen එකක් මෙහි ඇතුළත් කර තිබෙනවා. ඉතින් මේ නිසා Mobile Phone එකෙන් බලාගෙන තවදුරටත් Photo Capture කරගන්න ඔයාට අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒකනම් Vlogger කෙනෙක්ට වගේම Travel කරන ඕනම කෙනෙකුට සුභ ආරංචියක් වෙයි කියල මම දන්නවා.
03. Light Mod – LED Light එකක් මෙහි ඇති Mount එකට හෝ වෙනම භාවිත කරන්නට හැකියාව තිබීම මෙහි ඇති තවත් සුවිශේෂී අංගයක් වෙනවා.

ඉතින් මෙම Mod it out Feature එකත් එක්ක ඔයාලගේ හිතේ තිබුනු ගොඩක් දේවල් වලට උත්තර ලැබෙන්න ඇති කියල මම හිතනවා.
ඔයාට සිතැඟි පරිදි ඔයා ආසම විදිහට දේවල් Capture කරගන්න Narrow, distortion-free Linear, Wide සහ SuperView ලෙස Lenses හතරකින් මෙම නවතම GoPro Hero 8 black මාදිලිය සමන්විත වෙනවා.

මීට ප්‍රථම GoPro සමාගම මගින් හඳුන්වා දුන් GoPro Hero 7 black හි තිබූ Body Stabilization පහසුකම මෙම නව හඳුන්වා දීමත් සමග තවත් වැඩි දියුණු කර HyperSmooth 2.0 stabilization ලෙස ඉදිරිපත් කර තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වැඩි දියුණු කිරීමත් සමග ඉතා වැඩි සුමට බවකින් යුක්තව Video Record කිරීමේ පහසුකම ලැබෙනවා. මෙම Option එක සමග Levels කිහිපයකින් Video එක stabilize කර ගැනීමේ පහසුකම සපයා දී තිබෙනවා (Boost, Game-changing, In-app horizon levelling).

GoPro Camera භාවිතා කරල තියෙන කෙනෙකුටනම් TimeWarp effect කියන්නෙ හුරුපුරුදු දෙයක්. ඉතින් මෙම effect එක
automatic speed selection එහෙම නැත්නම් tap to speed it up හෝ slow it down ලෙස යාවත්කාලීන කරල මෙම මාදිලියත් සමග ඔබට ඉදිරිපත් කිරීමට ඔවුන් සමත් වී තිබීම ප්‍රශංසනීයයි.

LiveBurst කියන්නෙ මෙහි ඇති තවත් ඉතා ආකර්ශනීය අංගයක් කිව්වොත් නිවැරදි. මෙම Mode එක මගින් ඔබ Shutter එක එබීමට තත්ත්පර 1.5 පෙර සහ තත්ත්පර 1.5 පසු සිදුවෙන දේවල් Capture කරගැනීමේ පහසුකම තියෙනවා. එමගින් ඔබට ඉතා වටිනා still images 90 ක් හෝ තත්ත්පර 3ක 4K video clip එකක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙහි ඇති Mics තුන සහ Reduced wind noise පහසුකම නිසා Natural Audio Quality අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් GoPro Hero 8 black සමග තවත් Audio Quality එක ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මෙය සම්පූර්ණයෙන්ම waterproof වන අතර 33ft (10m) දක්වා පරාසයක ජලය තුළ මෙය හැසිරවීමේ පහසුකමත් තිබෙනවා.

තවත් සිත් ගන්නා සුලු දෙයක් තමයි මෙම GoPro Hero 8 black මාදිලිය අපට voice commands මගින් පාලනය කිරීමට අවකාශය තිබීම. Voice commands 14 ප්‍රමාණයක් මගින් මෙය හැසිරවීමට හැකියි. (“GoPro, start recording.”, “GoPro, turn on.”)
තවත් සඳහන් කලොත් SuperPhoto + Improved HDR, Night Lapse Video යන Features ද මෙම මාදිලිය සතුයි.

ඉතින් ඔයාලට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ නවතම GoPro Hero 8 black මාදිලියේ මිල…. මේක මේ වෙනකොට $399.99 වෙනවා කියල තමයි ඔවුන්ගේ Web site එකේ සඳහන් කරලා තියෙන්නේ. මෙය Pre Order කිරීමේ පහසුකම තියෙනවා වගේම නොමිලේ 32GB SD card එකක් ලබා දෙනවා කියලත් ඔවුන් සඳහන් කරල තියෙනවා. තවම මෙම නවතම Flagship එක ශ්‍රී ලංකාවෙනම් දකින්නට නැහැ. හැබැයි නුදුරු දිනකදීම අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන සිටි GoPro Hero 8 black මාදිලිය සුවිශේෂී සහ ආකර්ශනීය වෙන්නෙ ඇයි කියල තමයි අද මම කතා කරේ. තවත් මෙවැනි නවතම තොරතුරු එක්ක තවත් ලිපියකින් හමුවෙමු. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මේ තොරතුරු හැමෝටම දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා.

You may also like...

1 Response

  1. Ganesh says:

    Eka nam patta…
    Lankawe kiyal weida??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *