මොකක්ද මේ AR කියන්නේ?

READ IN 2 MINS

Augmented කියන වචනේ තේරුම තමයි යමක් එකතු කීරීම හෝ වැඩිදියුණු කිරිම කියන එක. ඔයාලා අහල ඇතිනේ VR ගැන. ඒකෙදී වෙන්නේ මුලු පරිසරයම නැවත නිර්මාණය කිරිමක්. නමුත් AR වලදි තමා සිටින පරිසරයට Graphics Sounds Videos වගේ දේවල් එකතු කරලා user experience එක වැඩිදියුණු කිරීමක් තමයි සිදුවන්නේ.

AR ප්‍රධාන කොටස් 4කට වෙන් කරන්න පුලුවන්.

  1. Marker Based AR
  2. Makerless AR
  3. Projection Based AR
  4. Superimposition Based AR

Marker Based AR

Marker කිව්ව ගමන් ඔයාලා හැමෝටම හිතෙන දෙයක් තමයි මොකක් හරි සළකුණක් කියන එක ඉතින් QR Code තමයි ගොඩක් මේ ක්‍රමයේදී භාවිතා කරන්නේ. මේ QR එක Scan කරනකොට එක ඇතුලේ තියෙන විස්තර පෙන්නවා. ඉතින් මේ ක්‍රමය මගින් ඉක්මනින් වගේම පහසුවෙන් හදුනාගැනීම මෙහි සුවිශේෂී ලක්‍ෂණයක් වෙනවා.

Markerless AR

වර්තමානයේ බොහෝ ලෙස භාවිතා වන AR Method එකක් තමයි Markerless AR කියන්නේ. මෙහිදී භාවිතා කරන උපකරණය සතු GPS ,Velocity meter, accelerometer වැනි තාක්ෂණයන් උපයෝගි කරගනිමින් සිටිනා ස්ථානයේ විස්තර ලබාගැනීම සිදුවෙයි. මෙය වඩාත් සාර්ථක හා ප්‍රචලිත වී තිබෙන්නේ වර්තමානයේ භාවීතා වන අධිතාක්ෂණය සහිත ජංගම දුරකතන නිසාවෙනි. ඉතින් මෙම ක්‍රමය ගොඩක්ම පාවිච්චි වෙන්නේ දිශාවන් සිතියම් ගත කිරීම, ආසන්න ව්‍යාපාරික ස්ථාන සොයාගැනිම වැනි කටයුතු වලටයි. Google Maps Street view තුළින් ඔයාටත් මේ ක්‍රමය අත් හදා බලන්න පුලුවන්.

Projection Based AR

ඔයාලා දැකලා ඇතිනේ Projecters. ඉතින් ඒකට ගොඩක්ම සමාන දෙයක් තමයි Projection Based AR කියන්නේ. ලේසර් ප්ලාස්මා තාක්ෂණය මගින් යම්කිසි පෘෂ්ටයක් වෙත ප්‍රක්ෂේපිත ආලෝකයක් ලබාදෙනවා එකට අපි අතින් හෝ වෙන උපකරණයකින් ආලෝකයට බාධාවක් ඇති කරන කොට තමයි ආදාන ප්‍රතිදාන ලබාගන්නේ. ලංකාවේදි බහුලව භාවිතා නොකළත් වීදේශ රටවල බහුලවම භාවිතා කරනවා.

Superimposition Based AR

මෙහිදී යම්කිසි සැබෑ වස්තුවක් ඒ ආකාරයෙන්ම හෝ අර්ධ වශයෙන් යම්කිසි ස්ථානයක මවා පෙන්වීමක් සිදුකරයි. හිතන්නකෝ අපිට අපේ ගෙදරට Sofa එකක් ගන්න ඕනේ කියලා අපි showroom එකකට ගිහින් ලස්සන sofa එකක් අරන් ආවත් එක ගැළපෙන්නේ නැති වෙන්න පුලුවන් එකට හොද විසඳුමක් දෙන්න මේ Superimposition AR වලට පුලුවන් App එකක් පාවිච්චි කරලා අපිට අවශ්‍ය තැනකින් Sofa එක තියලා එකේ පාට ප්‍රමාණය කලින්ම තීරණය කරගන්න පුලුවන්. ඉතින් සාමාන්‍ය ජිවිතයේදී කාලය මුදල් ගොඩක් ඉතිරි කරගන්න මේ AR පාවිච්චි කරන්න පුලුවන්.

ඉතින් තවත් මේ වගේ දිනෙන් දින අලුත් වන තාක්ෂණික ලෝකයේ තොරතුරු දැනගන්න EEEFA එකත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *