කවුරුත් දන්න නමුත්, කවුරුත් නොදන්න Anonymous හැකර්වරු

READ IN 4 MINS

Hacking කිව්වාම නවීන තාක්ෂණය use කරන ඕනෙම කෙනෙක් දන්න වචනයක් සහ ගොඩක් දෙනෙක් බය වචනයක්. බලමු ඇයි මේ වචනෙට බය කියල….

අද අපිට social media වලින් අසන්න සහ දකින්න ලැබෙන දෙයක් තමයි ,”මගේ account එක hack වෙලා”කියන එක.

ඉතින් මොකක්ද මේ hack වෙනවා කියන්නෙ ?

කෙනෙකුගෙ අවසරයකින් තොරව, දැනුවත් කිරීමකින් තොරව ඔහුගේ /ඇයගේ Computers, phones, Tablets වැනි උපකරණ වල Data සොරකම් කිරිම නැතිනම් වෙනස් කිරිම hacking කියල සරලවම කියන්න පුලුවන් .

Hacker වරුන්ගේ ප්‍රභේද :

 එක් එක් hacker වරයාගේ ගති ලක්ෂණ අනුව ඔවුන්ව ප්‍රභේද වලට වෙන් කරනවා .

  • White Hat
  • Black Hat
  • Gray Hat යනුවෙන් හැදින්වෙන්නේ එම ප්‍රභේදයි.

නමුත් මම කතා කරන්න යන්නේ ඒ තනි Hacker වරුන් ගැන නම් නෙමේ .ඒ ලෝක ප්‍රසිද්ධ Anonymous ලා ගැන.

ලෝකයේ සෑම කෙනෙකුටම සාධාරණය ඉටු කිරීමේ අරමුණින් 2002දි මොවුන් කරලියට පැමිණෙන්නේ Web Form එකක් මගිනි. එම web form එක මත පණිවිඩයක් එක් කරන Anonymous hacker වරයාගේ විශේෂත්වය නම් ඔහුගේ Ip Address එක සඟවා තිබීමයි. Anonymous hacker වරුන් මෙම form එකට politician කෙනෙකුගෙ පින්තූරයක් upload කිරීමත් සමග ගොඩක් මිනිසුන් මේ පිළිබද කතා කිරිමට පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී anonymous වරුන් පවසන්නේ සෑම කෙනෙකුටම කතා කිරිමට අයිතියක් ඇති බවත් එය කිසි කෙනෙකුට නතර කළ නොහැකි බවත්ය.

මෙන්න මේ විදිහට තමයි Anonymous ලගේ ආරම්භය පටන් ගන්නේ.

මොවුන් Web form එක මත

We are Anonymous .

We are Legion .

We do not Forget.

We do not Forgive .

Expect Us.        යනුවෙන් පණිවිඩයක්ද සටහන් කරයි.

ඇත්තටම කවුද මේ අය ?එයාලා මොනවද කරන්නේ?
හැමදෙනාටම ඇතිවුන ගැටලුවක් තමයි මේක. Anonymous ලා ලෝකයේ සිටින කාටවත් එයාලව identify කරන්න ඉඩ දෙන්නෑ .එකයි මොවුන් විශේෂ වු Guyfox Mask එකක් Use කරන්නේ සහ මොවුන් Speech Program  වලදි මොවුන්ට කටහඬ (voice) වෙනස් කරනවා. ඉතින් කිසි කෙනෙක්ට මෙයාලා ගැන නම් දැන ගන්න ලැබෙන්නේ නැහැ.

 Anonymous ලා ප්‍රසිද්ධ Cyber Attack වලට. මෙයාලට අන්තර්ජාල වාරණය සහ පාලනය පේන්න බැරි දෙයක්. ඉතින් එවැනි දේවල් කරන රාජ්‍යය සහ රාජ්‍යය සංවිධාන ඉලක්ක කරලා මොවුන් cyber ප්‍රහාර එල්ල කරනවා. Anonymous group එක අනිත් Hacker වරුන්ගෙන් වෙනස් වෙන්නේ එකයි. මේ විදිහට Anonymous වරුන්ගේ ප්‍රහාර වලට ලක්වුන රාජ්‍යයන් කිහිපයක් තමයි ඇමෙරිකාව, උගන්ඩාව සහ ඊශ්‍රායලය කියන්නෙ. මේ අතර ඉරාකයද anonymous ලගේ ප්‍රහාර වලට ලක්ව තිබෙනවා. මොකද ඉරාකය කියන්නෙ ගොඩක් ළමා හිංසනය තියෙන රටක් (ළමා විවාහ ,ළමා කාමුක වෙබ් අඩවි ආදිය..). ඉතින් Anonymous කියන්නෙ අසාධාරණය පේන්න බැරි Hacker වරුන් පිරිසක් .

 2008 කියන්නෙ Anonymous ලා ගොඩක් ප්‍රසිද්ධ වෙන අවුරුද්දක්. ඒ මොකද කියනව නම් Church of Scientology හි Website එක මගින් බෙදා හරින ලද සියලුම සේවා මොවුන් විසින් ප්‍රතික්ෂේප කිරිමත් සමග මිනිසුන් විසින් Anonymous ලව ඇගයීමට ලක් කළා. නමුදු FBI ආයතනය විසින් නම් Anonymous ලට විරුද්ධ නඩු පවරා තිබුණා. තවද දරුණු terrorists team එකක් වෙන ISIS ගේ වෙබ් අඩවි වලටද DDOS cyber ප්‍රහාර එල්ල කර තිබෙනවා. එතකොට අපි කවුරුත් දන්න සමාගමක් තමයි sony කියන්නෙ. ඉතින් sony ලට විරුද්ධව එල්ල කරපු ප්‍රහාරය ගැන කිව්වොත්, Sony සමාගම විසින් George Hotz කියන පුද්ගලයට විරුද්ධව ඔහු නිපදවු software එකක් sony සමාගමට විශාල පාඩුවක් යැයි පවසා නඩු පවරා තියනවා. ඉතින් Anonymous ලා මේක අසාධාරණයක් ලෙස පවසා මෙයට මුල් වුණ playStation කියන ජාලයට තමයි Attack එක එල්ල කරලා තියෙන්නෙ. මේ වගේ වසරකට සැරයක් Anonymous වරුන්ගේ ප්‍රහාර වලට ලක් වෙන වෙබ් අඩවි විශාල ගණනාවක් හොයා ගන්න පුලුවන්. 2010 ගැන කතා කළොත් ලෝකයේ ප්‍රබල පෙලේ සමාගම් වන visa, master card, paypal කියන සමාගම් ත්‍රිත්වය Anonymous ලා විසින් අසරණ කර තිබෙනවා. විකිලික්ස් සමාගම විසින් ඇමෙරිකාවේ රහස් හෙලි කිරීමට විරුද්ධව මෙම සමාගම් ත්‍රිත්වය විකිලික්ස් සමාගමට සහය නොදී සිටීමට කටයුතු කර තිබීම තමයි හේතුව ලෙස ඉදිරිපත් කරලා තියෙන්නෙ.

2012 කියන්නෙත් Anonymous ලා ක්‍රියාත්මක වෙන අවුරුද්දක්. ඒ මොකද කියනවනම් ඇමෙරිකාවේ Recording industry හා Motion picture association of America හි වෙබ් අඩවි වලටද cyber attack එල්ල වෙනවා. මේකට හේතුව තමයි FBI ආයතනය විසින් mega upload වෙබ් site එකට චිත්‍රපට ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කිරිම.

මොවුන්ගේ තවත් සුවිශේෂී කරුණක් නම්, ඉලක්ක කරන Web අඩවි තමා සතු කර ගැනීම. උදාහරණයක් විදිහට ආරක්ෂක ආයතනක් වන HpGary හි ප්‍රධාන විධායක නිළධාරීයාගේ Twitter Account එකෙහි පාලනය Anonymous ලා සතු කරන් තිබෙනවා. මෙලෙස පුද්ගලයන් ද විශාල ගණනක් Anonymous  Attack වලින් අසරණ වෙලා තියනවා. ඉතින් මේ විදිහට Anonymous ලගේ ප්‍රහාර වලට නතු වුන කෙනෙක් තමයි Donald Trump කියන්නෙ. ඔහු ලෝකප්‍රකට පුද්ගලයෙක් කියලා කවුරුත් දන්නවා ඇතිනේ. ඇයි මොහු anonymous ලගේ ඇසට අහුවුනේ, හේතුව තමයි ට්‍රම්ප් විසින් කියපු ඇමෙරිකාව මුස්ලිම් වරුන්ට තහනම් කල යුතුයි කියන ප්‍රකාශය.


අපි දන්න කරුණක් තමයි මේ වෙනකොට Anonymousලට රාජ්‍යය සහ ආරක්ෂක ආයතන වලින් විශාල බලපෑම් එල්ල කර තිබෙනවා. anonymous hacker වරුන් යැයි පවසා  කිහිප දෙනෙක්ද මේ වෙනකොට රැඳවුම් භාරයට අරගෙනත් තියෙනවා. නමුත් මට හිතෙන විදිහට නම් මේ වගේ දේවල් වලින් අසාධාරණය හමුවේ Anonymous වරුන්ගේ නැගිටීම වැලැක්විය නම් නොහැකි වෙයි. ඉතින් මේ Anonymous ලගේ Article එක එයාලා ගැන අදහසක් ගන්න වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *