2020 වෙනස් වෙන Whatsapp

READ IN 4 MINS

Whatsapp කිව්වම වර්තමානය වන විට Whatsapp users ලා බලන් ඉන්නෙ අලුත් update එකක් එන්නෙ කවද්ද කියලා. ඒ තරමට whatsapp ලොව පුරාම trending app එකක් බවට පත් වෙලා. මම නිරන්තරයෙන් whatsapp update ගැන ඔයාලට කිව්ව හින්දා මේ පාරත් ඔයාට සතුටු හිතෙන news එකක් කියන්නයි යන්නේ. මුලදිම whatsapp update ගැන කිව්ව නිසා ඔයාලගේ කුතුහලය වැඩි වෙලත් ඇති.

මේ වන විට ලොව පුරා users ල බිලියන දෙක ඉක්මවා ඇති WhatsApp සඳහා පසුගිය මාස කිහිපය පුරාම අලුත් features රැසක් එකතු වුණා. (Whatsapp Dark mode, stickers , video call සඳහා participate කළ හැකි users ලා ප්‍රමාණය වැඩිවීම වැනි සිත් ඇඳගන්නා සුලු features )

Dark Mode

එයින් නොනැවතී whatsapp developers ලා WhatsApp සඳහා 2020 තවත් අලුත් features කිහිපයක්ම එක් කිරීමට සූදානම් වන බවට නිල වශයෙන් මෙන්ම ආරංචි මාර්ග මඟින් වාර්තා වනවා. දැනටමත් ඉන් features කිහිපයක් whatsapp beta users ලා හට ලබා දී ඇති අතර ඔවුන්ගෙ feedback අනුව ඉදිරියෙදී normal users ලා හට ලැබෙනු ඇත.

මොනවද මේ අලුත් features…?
Animation Stickers :
අද වන විට smartphone ඇති emoji වලට වඩා වැඩි වේගයෙන් WhatsApp stickers භාවිතා කරමින් අදහස් ප්‍රකාශ කිරීමට රුචිකත්වයක් දක්වයි. තමාට අවශ්‍ය පරිදි, තමන්ගේම stickers සාදා ගැනීමට හැකි වීම එයට හේතුවයි.

කෙසේ වෙතත්, මෙම feature එක release කිරීමෙන් මාස 18 ක් තුළ, iMessage සහ Telegram ඇතුළු අනෙකුත් ප්‍රතිවාදී (rival)instant messaging apps , විවිධ animation versions ලබා දීමට අදහස් කර තිබෙනවා.WhatsApp ද දැන් තමන්ගේම GIF වැනි stickers ඇතුළත් කරමින් මෙම rival apps අනුගමනය කරමින් පවතිනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම animated stickers feature එක ඉදිරියෙදී පැමිණීමට නියමිතයි. (උදාහරණයක් ලෙස කිව්වොත් facebook massenger සතු stickers)

QR Code :
WhatsApp පවසන්නේ මෙම අලුත් feature එක මඟින් නව සම්බන්ධතාවයක් එක් කිරීම වෙන කවරදාටත් වඩා පහසු වන පරිදි නිර්මාණය කර ඇති බවයි. දැනට දුරකතන අංකය manual save කිරීමෙන් ඔවුන්ව add කර ගන්නා නමුත්, මෙම QR Code feature එක නිසා ඔබ අලුතෙන් කෙනෙකු හමු වූ විගසම, ඔවුන්ගේ සම්බන්ධතා වලට ඔවුන්ගේ QR code එක scan කිරීමට ඔබට හැකි වේ.

QR Code

Group Video call :
මේ වන විට පුද්ගලයින් අට දෙනෙකු දක්වා වීඩියෝ ඇමතුමක් ලබා දී ඇත. පුද්ගලයන් අටක් හෝ ඊට අඩු video call සඳහා icon එකක් නිර්මාණය කර ඇති බැවින් ඔබට තනි tap එකකින් group video call පහසුවෙන් ආරම්භ කළ හැකිය.

Group Call

Use කරන devices ගණන වැඩි වීම :
දැනට Devices දෙකකට (එනම් එක් Mobile Device එකකට සහ Web App එක භාවිතා කිරීම සඳහා PC එකකට වශයෙන්) එකම වෙලාවකදී භාවිතා කිරීමට support කරන නමුත් ඉදිරියේදී එය Devices 4 ක් දක්වා වැඩි කරනු ඇති බවට වාර්තා වෙනවා.
WABetaInfo හි Twitter සටහනක් මඟින් මෙම තොරතුරු නිකුත් වී ඇති අතර මෙම option එක මේ වන විටත් නිර්මාණය කෙරෙමින් පවතින බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

Storage Usage tool :
Whatsapp Storage Usage එක සඳහා අලුත් tool එකක්, Serach by Date, Clear except starred පහසුකම, ShareChat support සහ Search image on the web යන අලුත් features WhatsApp වෙත ඉදිරියෙදී එකතු කරනා බවටද වාර්තා වෙනවා.

තවද Search by Date feature එක සඳහා Chat serach mode එක වෙත අලුතෙන් Calander Icon එකක් ඇතුලත් කරනු ඇති අතර එමඟින් user ට අවශ්‍ය දවස Select කිරීමෙන් එදිනට අදාල Chat History එක ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

Whatsapp Web සඳහාද Dark Mode :
මෙතෙක් කල් ආ upadate නොඉවසිල්ලෙන් බලා සිටියේ Dark Mode එක පිළිබඳවයි. එය users ලට රාත්‍රී කාලයේ පවා ඇස් වලට අපහසුවක් නොවන ලෙස නිර්මාණය කර ඇත. දැනට මෙය whatsapp හි තිබුණද ඉදිරියේදී whatsapp web වෙතද පැමිණීමට නියමිතයි. තවද එමගින් ඔබගේ OLED display සහිත laptop computers වල Dark Theme එක use කිරීම නිසා WhatsApp use කරන විට බැටරි ආයු කාලයත් වැඩි කර ගත හැකි.

WhatsApp Web Dark

තවද මෑතකදී බ්‍රසීලයේ WhatsApp භාවිතා කරන පුද්ගලයින් සඳහා ඒ හරහා මුදල් යැවීම සහ ලැබීමේ පහසුකම හඳුන්වා දෙන ලදී. Facebok සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Mark Zuckerberg ඔහුගේ නිළ Facebook පිටුව හරහා සටහනක් තබමින් ප්‍රකාශ කළේ,

 Send Money on WhatsApp

ඡායාරූප හුවමාරු කර ගැනීම මඟින් පහසුවෙන් මුදල් යැවීම සහ ලැබීම සිදු කරන බවයි. තවද කුඩා ව්‍යාපාරවලට WhatsApp තුළම විකුණුම් කිරීමට ඉඩ ලබා දෙන බවයි.

මෙය සිදු කිරීම සඳහා, facebook ගෙවීම් මත ගොඩනගමින් සිටින අතර එය ඔවුන්ගේ යෙදුම් හරහා ගෙවීම් කිරීමට ආරක්ෂිත සහ ස්ථාවර ක්‍රමයක් සපයන බවත්ය. මෙය සිදු කිරීම ගැන ඔවුන්ගේ සියලුම හවුල්කරුවන්ට ස්තූති කරන අතර
Banco do Brasil, Nubank, Sicredi, මෙන්ම බ්‍රසීලයේ වෙළෙන්දන් සඳහා ප්‍රමුඛ ගෙවීම් සකසනය වන Cielo ඇතුළු දේශීය බැංකු සමඟ වැඩ කරන බවයි.

WhatsApp 2020 Updates

ඉතින් කවුරුත් ආසාවෙන් බලන් ඉන්න මේ අලුත් whtsapp update එක ඉක්මනින් අපිට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
තවත් මේ වගේ අලුත් තොරතුරු දැන ගන්න අපිත් එක්කම රැඳෙන්න.ඔයාගේ යාලුවන්ටත් දැන ගන්න share කරන්න. මාව Follow කරන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *